ඒක කරන්න එපා ඒක නරක වැඩක් , ඒක කරන්න ඒක හොඳ වැඩක්, මොකක්ද මේ හොඳ වැඩ නරක වැඩ කියන්නේ ? මේ ලෝකේ නිරපේක්ෂ හොඳ නරක කියල දෙයක් තියෙනවද? නෑ එහෙම දෙයක් නෑ.
මල ගෙදරක යන එක හොඳද ?
මිනී මරණ එක හොඳද නරකද ?
සතුන් මරණ එක හොඳද ?
හොරකම් කරණ එක හොඳද නරකද?
දෙමාපියන්ට සළකන එක හොඳද නරකද ?
වැඩිහිටියෙකුට බස් එකට නැග්ගම ආසනයක් දෙන එක හොඳද නරකද ?
එතකොට කොහොමද මේවා හොදයි මේවා නරකයි කියල වෙන් කරගන්නේ.
ඒක අපිට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමාජයක් විදියට හදාගන්න සම්මුතීන් තමයි හොඳ නරක කියල කියන්නේ. මේක හොඳ දෙයක් කියල මුළු සමාජයක් පිළිගත්තට පස්සේ හරි බලෙන් පිළිගන්නුවට පස්සේ හරි ඒක හොඳ දෙයක් කියල සමාජයේ තහවුරු වෙනවා. මේ හොඳ/නරක කාලයත් එක්ක වෙනස් වෙනවා වගේම සමාජය පාලනය කරණ ආයතනයෙන් (ලංකාවෙනම් මේ මොහොතේ ධනේශ්වර ආණ්ඩුව) මේක නීතියත් එක්ක ගැට ගහන අතර ආගම් වලින්,වෙන වෙන සංවිධාන වලින් මේක වෙනස් විදියකට සමාජගත කරනවා. එතකොට හොඳ නරක දෙවිදියකට ක්‍රියාත්මක වෙනවා.
නීතියෙන් පාලනය වන හොඳ නරක
සදාචාරයෙන් පාලනය වන හොඳ නරක
මේකෙන් උඩින් තියෙන්නේ නීතිය, මොන ආගමෙන් මොන සංවිධානයෙන් හොඳ නරක තහවුරු කරන්න හැදුවත් අන්තිමට ඒ ඔක්කොම නීතියට යටත්.සංවිධානයට කොච්චර සමාජ බලයක් තියෙනවද නැද්ද කියන එක අනුව අළුත් නීති සමාජගත කරනවද නැද්ද කියන එක තරමක් දුරට පාලනය කරන්න පුළුවන්.
එතකොට අපි මේ මොහොතේ හොදයි කියල හිතන් ඉන්න දේවල් ඔක්කොම ඉතිහාසයේ ඉඳන් ටික ටික සමාජ ගතවෙලා ඊට පස්සේ ඒවා නීති ගත වෙච්ච දේවල්, එහෙම නැත්නම් මුලින් නීති ගත වෙලා ටික කාලයක් යනකොට සමාජ ගත වෙච්ච දේවල්. එහෙමත් නැත්නම් නීතිගත නොවෙච්ච සමාජ සම්මුතීන් ටිකක්. එතකොට මේ නීති සම්පාදනය කරනවා කියන්නේ , හොඳ නරක තහවුරු කරනවා කියන එකටයි.
නීතියක් අලුතෙන් හදනකොට එය නිර්මාණය කරන්න මැදිහත් වෙන කණ්ඩායම හිතන විදිය බලපානවා. උදාහරණයක් විදියට ගත්තොත් ඔබ මෝටර් රථයකින් ගමන් කරණ කෙනෙක් නම් ඔබ හිතාගෙන ඉන්නේ පාරේ යන්න අමාරු ත්‍රීරෝද රථ නිසා කියල ඔබට නීතියක් හදන්න බලයක් ලැබුනම ඔබ කරන්නේ ත්‍රීරෝද රථ අඩුකරන්න පුළුවන් තරම් තද නීතියක් දාන එක. ඔබ මොකක් හරි ව්‍යපාරයක් කරනවානම් ඔබට පොඩි පොඩි ව්‍යපාර වලින් කරදරනම් ඔබ කැමතියි ලොකු බද්දක් හදුන්වල දෙන්න, මොකද එතකොට පොඩි පොඩි ව්‍යපාර කරගෙන යන්න අමාරුයි.
අපහු ප්‍රදාන මාතෘකාවට ගියොත්, මිනී මරණ එක හොඳද නරකද ?
සමස්තයක් විදියට ගත්තම මේක නරකයි කියල තහවුරු වෙලා තියෙනවා. මිනිස්සු විතරක් නෙවෙයි සතුන් මරණ එක පවා නරක දෙයක් විදයට සමාජගත වෙලා තියෙනවා. එත් කලින් කිව්වා වගේ ලොකු සමාජ බලවේග වලට පුළුවන් මේක වෙනස් කරගන්න. හරියට ලංකාවේ යුද්දේ තියෙන කලේ මිනිස්සු මරණ එක අව්ලක් නැති දෙයක් කියල සමාජ ගත වෙනවා වගේ. සතුන් මරණ එකත් ලොකු වරදක් විදියට පිළිගන්න ආගම් වලින් පවා ඒවාට අනුබල ලැබුන. යුද්දේ ඉවර උනා විතරයි මදුරුවෙක් මරණ එකත් ලොකු වරදක් කියල අපහු ඒ ගොල්ලොම කියන්න ගත්ත.
හොරකම් කරණ එක හොඳද නරකද?. මේකත් හරි අමුතු විදියට පහුගිය කාලෙ කතාකරනවා ඇහුන. "වැඩක් කරනවානම් හොරකම් කලත් මොකද" ඕක මට නිතරම ඇහිච්ච දෙයක්. ඕකත් දැන් සමාජගත වෙලා කියලයි මට හිතෙන්නේ. මිනිස්සු විදියට අපි "නෑ කිසිම හේතුවක් මත හොරකම් කරන්න දෙන්න බෑ" වගේ දෙයක් සමාජගත කරානම් කොච්චර හොදද.
වැඩිහිටියෙකුට බස් එකට නැග්ගම ආසනයක් දෙන එක හොඳද නරකද ? සමාජයේ නොහැකියාව මත හැදිච්ච හොද නරකත් තියෙනවා. හැමෝටම වාඩිවෙලා යන්න අසන නැති නිසා සහ හිටගෙන ගියොත් බෙල්ල කැඩෙන නිසා හැදිච්ච හොදක් තමයි මේක. බස් වලට මිනිස්සු ගන්නේ ආසන ගානට උනානම් මෙහෙම දෙයක් අපි දන්නෙවත් නෑ.
සතුන් මරණ එක හොඳද ? ඕකත් මහ අමුතු විදියට හොදයි නරකයි කියල සමාජගත වෙච්ච දෙයක්. ලංකාවෙනම් හරක් ඇරෙන්න අනිත් සත්තු මරණ එකට ලොකු විරොදයක් නෑ. ඉන්දියාවේ නම් හරකෙක් මැරුවොත් ඉවරයි. ලංකාවේ පෝය දවසට මස් නෑ මාළු තියෙනවා. සතුන් මරණ එකනම් ලංකාවේ ඉතාම සංකීර්ණ විදියට තහවුරු වෙලා තියෙන්නේ. පොඩි ළමයෙකුට ඕක තේරුම් කරලා දෙන්න පුලුවන්ද ? හරක් මස් නරකයි, කුකුල් මස් හොදයි, පෝයට බිත්තර හොද නෑ. පෝයට කුකුල් මස්වත් හොද නෑ. මාළු කවදත් කෑවට අව්ලක් නෑ, සොසේජස් හොදයි.....
දෙමාපියන්ට සළකන එක හොඳද නරකද ? ලංකාවේ මේක ඉතාමත් හොද දෙයක්.
මල ගෙදරක යන එක හොඳද ? ලංකාවේ මේක ටික ටික වැඩක් නැති දෙයක් බවට පත් වෙමින් යනවා.
ඔයවගේ දේවල් සමාජගත උනාම ඒකට විරුද්දව කථාකරන මිනිස්සු ක්‍රම විරෝදීන් බවට පත්වෙනවා. හරියට ඇන්ටි කියන එක තහවුරු උනාම ආන්ටි කියන එක විහිළුවක් වෙනවා වගේ. සමහරු ඒක ඔය රැල්ලට යන තේරුමක් නැති දෙයක් විදියට සලකනවා. සමහරු මම එක පැත්තකටවත් නෑ කියල ඉන්නවා. ඒත් එක පැත්තකටවත් නෑ කියන්නේ ආපහු වක්‍රව බහුතරය පිළිගන්නවා කියන එකටයි. මොකද බහුතර මතය තමයි අන්තිමට ක්‍රියාත්මක වෙන්නේ. ඔබ මිනිසුන් මරණ එකට විරුද්දනම් යුද්දේ වෙලාවේ එක පැත්තකටවත් නැතිව හිටියනම් අන්තිමට මොකද වෙලා තියෙන්නේ ?
නිකන් ඉන්න වෙලාවක හිතන්න....
දෙමාපියන්ට සලකන එක හොදයි කියල ලංකාවේ සමාජයෙන් කිව්වට ඒකට නීතියක් නැත්තේ මොකද ? ළමයින්ට උගන්නන එක සමාජයෙන් හොඳ දෙයක් කියල පිළිගන්න අතර ඒකට නීතියක් තියෙන්නේ මොකටද ? ඇයි පෝය දවසට බාර් වහන්නේ ?
No comments:
Post a Comment