දින කීපයක් තිස්සෙ ගෙඩියේ මදය හරහා පොත්ත විදීමට උත්සහයක සිටින පනුවා ගිමන් හරිනු පිනිස කරවිල ගෙඩියේ ඇටයක් මත වාඩිවිය. ගෙඩියේ මදය කමන් විනෝද සුවයෙන් පසුවන තවත් පනුවෙන් ඒ අසලින් ගමන් කරන්ට විය.
මොකද උඹ වාඩිවෙලා, මහන්සිද ? අනේ පලයන් ඩෝ යන්න, එනව මෙතන විදින්න, වැඩක් නෑ බොල ඔය පොත්ත විද්ද කියල උඹට ලැබෙන දෙයක් තියෙනවද ?
ඇයි බොල නැත්තෙ ? වරෙන් උදව් කරපන් පොඩ්ඩක් එලියට ඔලුව දාල බලමු, මට තද විශ්වාසයක් තියෙනව මේ ලෝකේ තිත්ත කරවිල ඇරෙන්න වෙන රසවල් තියෙන ගෙඩිත් ඇති කියල.
උඹලට පිස්සු බොල, වෙන ජාතියේ ගෙඩි උඹ දැකල හරි අහල හරි තියෙනවද? මම යනව යන්න.
ඇටයෙන් බිමට බැස්ස පනුවා නැවතත සිදුර විදින්ට පටන් ගත්තේ වෙන ගෙඩි ජාතියක් කෙසේ වෙතත් ඒ පිලිබදව යම්කිසි හෝඩුවාවක් සොයාගත යුතුයැයි දැඩි අධිෂ්ඨානශීලීවය. ඌ නොසිතූ මොහොතක සිසිල් සුලන් රැල්ලක් උගේ හිසේ වදින්නට විය. අප්පට බොල මේ තියෙන්නෙ බඩු. ගෙඩියෙන් එලියට ආ පනුවා ගෙඩියේ මුදුනුනේ වාඩිවී වටපිට බලන්නට විය.
තමා සිටින වැලට කලින් වෙන ආකාරයේ මැරුනු වැලක් පෙනුනි. එම වලේ අගිස්ස තමා දැන් සිටින වැලේ මුලට සම්බන්ද වී තිබුනු අතර මැරුනු වැලේ සහ බිම වැටී වියලී ගොස් තිබුනු සුදු පැහැති කරවිල ගෙඩි දුටු විට ඌට පෙනී ගියේ කලින් තිබූ වැල මීට වඩා වෙනස් විය යුතු බවකි.
පනුවාට තමා දැන් සිටින වැලේ මුල සිට බැලූ කල ගෙඩි කිහිපයක් හා ඉපැරනි ගෙඩි හා වැල් වල නටඹුන් පෙනෙන්ට විය. පලමු ගෙඩියේ නැට්ට පමනි, නැට්ට දෙස බැලූ කල පෙනෙන්නේ එම නැට්ටේ එතරම් ලොකු ගෙඩියක් නොතිබුනු බවයි.දෙවන ගෙඩියේ නැට්ටේ ස්භවය දුටුවිට ඌට දැනුනේ දෙවන ගෙඩියේ සිට විශේෂ පොහොර වර්ගයක් භාවිතා කර ඇති බවකි. තුන්වන ගෙඩියෙත් නැට්ට පමනක් තිබුනු අතර හතර වන ගෙඩියෙත් ඉතිරිව තිබුනේ නැට්ට පමනි. හතරවන ගෙඩියේ නැට්ටත් හා තුන්වන ගෙඩියේ නැට්තත්, හතරවන ගෙඩියේ නැට්ටත් හා පස්වන ගෙඩියත් අතර පරතරය ඉතා අඩුවෙන් පිහිටා තිබුනි. පස්වන ගෙඩියේ අන් සියලුම ගෙඩි වලට වඩා වෙනස්කම් තිබුනු අතර එය ඉතා තදින් නරක් වී ඕජස් ගලමින් තිබුනි.
තමා සිටින ගෙඩියට ඉතාමත් ආසන්න හයවන ගෙඩියත් එලෙසම නරක්වී ඕජස් ගලමින් තිබුනු අතර තවත් පනුවන් පිරිසක් එය නැට්ටෙන් ගලවා වැලේ අගින් තමා සිටින ගෙඩියට ආසන්නයෙන්ම ගැට ගැසීමට සූදානම් කරමින් සිටින බවක් පෙනෙන්නට තිබුනි.
තමා සිටින ගෙඩියේ නැට්ට දෙස බැලූ පනුවාට පෙනුනේ ගෙඩිය දරාසිටීමට තරම් නැට්ට ශක්තිමත් නොමති හැඩයකි.
තමන් සොයාගත් අලුත් තොරතුරු අන් අයට පැවසීමේ නොඉවසිල්ලෙන් පනුවා නැවත මදය තුලට රින්ගුවේය.
මම ඔය හැම ගෙඩියක්ම කාල තියෙනවා, ඔය ඔක්කොම තිත්තයි දරුවෝ. ගෙඩියේ හැඩයයි පාටයි විතරක් වෙනස්. පනු සීයා ඉතා උජාරුවෙන් පැවසීය. මම දන්න කාලේ ඉදන් සමහරු කියනව වෙන ජාතියේ ගෙඩි මේ ලෝකේ තියෙනව කියල, මටනම් පිලිගන්න බෑ දරුවො තියෙනවනම් කෝ, බලපන් අපි මේ දැන් කන ගෙඩිය, මේකට මාරුවෙන්න කලින් කිව්වෙ මේක වෙන රසක් කියලා ඒත් බලපන්. මට මතක ඇති කාලෙක ඉදන් හැමදාම කියන්නෙ ඊලග ගෙඩිය වෙන රසක් කියලා. කෝ ඉතින්.
සීයේ, මොකක්ද ඒ ඝෝෂාව ? තරුණ පනුවාට තමා හෑරූ සිදුරෙන් විශාල ඝෝෂාවක් ඇසෙන්ට විය. සීග්‍රයෙන් සිදුර දිගේ බඩ ගෑ පනුවාට පෙනුනේ මුහුන පුරා රැව්ල වවාගත් තරුණ සැලළිහිණියකු කරවිල ගෙඩිය අසලට පැමිණ අපූරුවට බස හසුරවමින් කරවිල ගෙඩියේ සිටින පනුවන්ට ආමන්ත්‍රණය කරන ආකාරයකි.
"අපිත් පොඩිකාලෙ ඔය කරවිල කාල තමයි හිටියේ ඒත් අපිට අත්තටු ලැබුන අපි පියාබල බැලුව,මේ කරවිල විතරක් නෙවෙයි ලෝකෙ තියෙන්නෙ රසම රස අඹ තියෙනව,තව... "
සැළලිහිණියාට කියන්න ලැබුනේ එපමනකි මදය ඇතුලේ සිටි පනුවන් තමාවත් පෙරලාගෙන එලියට විත් සැළලිහිණියාගෙන් දිගට හරහට ප්‍රශ්න කරන්නට විය.
තමුසෙ මොනවද දන්නෙ ? තමුසේ මොනවද ඉගෙනගෙන තියෙන්නෙ? අපි මේ හැම ගෙඩියකින්ම කාල තියෙනව ඔක්කොම ගෙඩි එකයි, තමුසෙ දන්නෙ බම්බුවක් නෑ ඕයි. බොරු නොකිය යනව මෙතනින් පාතාලය. නොගියොත් කරනව හොද වැඩක් උඹට.
මම කියන දේ අහන්න, මම පණිවිඩකාරයෙක්, මගේ පණිවිඩය ප්‍රශ්න කරන්න,මම ඒවට උත්තර දෙන්නම්. ඔයාල මාරුවෙන් මාරුවට කාල තියෙන්නෙ එකම වැලේ ගෙඩි, තව ගෙඩි 1000ක් කෑවත් ඔය රහම තමයි, මගේ පනිවිඩය ගන්න, වෙන ජාතියේ ගෙඩියක් හොයන් යමු. එක්වන්න අපි සමග.
අපිට කරදර නොකර පලයන්,අපිට අනිත් ගෙඩියට මාරු වෙන්න කාලෙත් හරි, ඒ ගෙඩිය වෙන රසක් කියල තමයි ආරන්චිය, පරන ගෙඩියක් උනත් කමක් නෑ දැන් පැහිල රස වෙනස් වෙලා ඇති.
තේරුන් ගන්න ඔයාල යන්නෙ එකම වැලේ මම කියන්නෙ ඔය වැල මුලින් උ...
සැලළිහිණියාට කියන්න ලැබුනේ එපමනකි, පනුවන් මහා ශබ්ධයෙන් ඝෝෂා පවත්වනට විය. පනුවන් දෙස ඉතා අනුකම්පාවෙන් බැලූ සැළලිහිණියා, "ඒකත් හරි බොලව්, දන්න එකම රස තිත්ත රසනම් උඹලගේ වරදක් නෑ" කියමින් අසල ඇති ගෙඩිවලින් පිරි අඹ ගසට නැවත පියාඹා ගියේ නැවත වරක් වෙන ආකරයකින් මොවුන්ට පනිවිඩය අරන් ආ යුතුයැයි කල්පනා කරමිනි.
නිමි
"Insanity: doing the same thing over and over again and expecting different results." - Unknown