මම ගෙදර ඉන්න කොට චූ කරන්නෙ කොමඩ් එකට. සමහර දවසට නිදහසේ චූ කරන්න වත්ත පිටිපස්සට යනව. එහෙම ගිහින් එනව දැක්කම අම්ම හොදටම බනිනව. උඹ නම් හදන්න බෑ. දැන්වත් හැදියන් කියල.
එක පාරක් නියගයක් ඇවිත් ගෙදරට වතුර එන එක අඩු උනා. යාන්තම් ටැප් වල වතුර එනව ඒ එන වෙලාවට එකතුකරන එකෙන් බොන්නයි උයන්නයි පිරිමහ ගන්නව.
දැන් මම නිදහසේ වත්තෙ චූ කරනව අම්ම කටක් අරින්නෙ නෑ. මල්ලි කොමඩ් එකට චූ කරනව කියල අම්ම බැන්න. උඹත් අර අයිය වගේ පලයන්කො වත්ත පහලට වතුර ටික ඉවර නොකර. උඹලත් නිකන් කුමාරවරු වගේනෙ.
එතකොට හොද ක්‍රියාවන් මොනවද ?. ඒ ඔක්කොම සමාජ සම්මුතීන්. ගොඩක් වෙලාවට ඒක තීරනය කරන්නෙ අපිට තියෙන භෞතික සම්පත්. වතුර තියෙන වෙලාවෙ බාත් රූම් එකටයි නැති වෙලාවට වත්තෙ ගහකට අල්ලන එකයි දෙකම අනුමත වෙන්නෙ ඒකයි.
ගොඩක් වෙලාවට හොද වැඩ පොෂ් වැඩ දියුනු වැඩ කියන ඒව භෞතික සම්පත් ගොඩාරියක් එක්ක බැදිල තියෙන. තව දුරටත් ගියාම වෙළදපොලෙන් කොච්චර දේවල් ගන්න පුලුවන්ද කියන එකත් ඕකට එකතු වෙනව. ලේන්සුවට හොටු හූරනවට වඩා පෙට්ටියෙන් ඇදල ගන්න ටිෂූ එකකට හොටු හූරන එක පොෂ් වෙනව. තව ඕන තරම් උදාහරණ තියෙනව.පරිසයේ තියෙන සම්පත් ගොඩක් කාබාසිනියා කරන්න පුලුවන් නම් ඌ පොරක්.
කොරෝනා නිසා බඩු ගන්න පොර කන අයට බැන්න මුන් නම් මෙලෝ තේරුමක් නැති ගොන් හැත්ත කියල. මොල් තියෙන කෙනෙක් එතනට ගිහින් බඩු ගන්න විදිය පැහැදිලි කලේ නෑ. එතනත් තිබුනෙ කලයේ හා භෞතික සම්පත් වල සීමාවක්.
වෙළදපොලෙන් සියලුම දේවල් ගන්න කෙනා හෙනම පොෂ්. එහෙම උන් තමයි වෙළදපොලට වඩාත් අවශ්‍ය වෙන්නෙ.
අතේ සල්ලි නැත්නම් ඉස්සරහට වැඩ කරල හම්බුකරන සල්ලි වලටත් ගන්න ක්‍රම තියෙනව, ණය ලීසින් ක්‍රෙඩිට් කාඩ්. වෙළදපොල පවත්වාගෙන යන්න ප්‍රසාරණය කරගන්න අපි ඔක්කොම වෙළදපොලෙන් බඩු ගන්නවනම් තමයි හොද. ගෙදර වවාගෙන ලිදක් කපාගෙන ඉන්න එක අව්ල්. වතුර කෑම බෙහෙත් අධ්‍යාපනය සෞඛ්‍යය මේ ඔක්කොම වෙළදපොලෙන් මිලදී ගන්න මිනිහෙක් තමයි ඕන.
චූ කතාවට ආපහු ගියොත්...
පර්චස් 7කට 8කට කොටුවෙච්ච මනුස්සයෙක් වතුර නැත්නම් මොකද කරන්නෙ ? තාප්පෙට දවස් දෙකක් අල්ලනකොට ගෙදර පලාතෙ ඉන්න බෑ ගදේ.
කොරෝනා නිසා ඇදිරිනීතිය දැම්මට පස්සෙ ගම්වල කොස් දෙල් පොල් හුවමාරු උනා. වත්තෙන් මොනවහරි කඩාගෙන කෑව. වෙළදපොල එක්ක තියෙන ගනුදෙනුව අඩු කරා. අත්‍යවශ්‍ය දේවල් විතරක් වෙළදපොලෙන් ගත්ත. එකක් සල්ලි නැති නිසා, දෙක තමයි එච්චර ඕන නැති නිසා.
කාලයක් අපි සිංගපූරු සිහිනයක් දැක්ක. තාමත් දකිනව. අපි දැකපු හැම හීනයකම තියෙන්නෙ 100% ක් දේවල් වෙළදපොලෙන් මුදල් ගෙවා මිලදීගන්නා ජනතාව සිටින රටවල් හෝ ආර්ථික ක්‍රම.
අවාසනාවට ගොඩක් දියුනු රටවල් සෞඛ්‍යය මිලදීගත යුතු භාන්ඩ බවට පත් කරල ඉවරයි. කොරෝනා අපිට පෙන්නුවෙ වෙළදපොලෙන් මිලදී නොගත යුතු භාන්ඩත් තියෙනව කියල.
කොරෝනා ඉවර උනාම මේ වෙළදපොල උවමනාව මීඩියා හරහා අපිට එනව. දේශපාලකයන් ඉන්නෙ වෙළදපොලට එන ඕනෑම අවහිරතාවක් අයින් කරල නිදහසේ වෙළදාම් කිරීමට පහසුකම් සපයන්න. ඒක තමයි ඔය 225හේ හා ඒ වටේ ඉන්න ක්‍රියාකාරීන්ගෙ ජොබ් එක. ඊටත් යටින් ඉන්න අය නිකම්ම ඒ පැත්තට දුවනව.
තව මාස හයකින්, අපිට සල්ලි තියෙනවනම් අපි සල්ලි දීල සෞඛ්‍යය සේවය මිලදීගත්තම මොකද කියල ආපහු අහන්න ගන්නව. චූ කරන එක අත්‍යවශ්‍ය දෙයක් මොනයම් අසීරු කොන්දේසි යටතේ උනත් චූ කරන්න ඕන. කොමඩ් එකට වතුර ගහන්න වතුර තිබුනත් නැතත් චූ කරන්න වෙනව. සෞඛ්‍යය කියන්නෙ අන්න ඒ වගේ අවශ්‍යතාවක්.
කොරෝනා බෝ වෙයි කියල තියෙන බය අපිට අලුත් නෑ. ඒ බය අපිට වෙන ලෙඩ වලටත් තිබුන, හෙටත් තියෙනව. ඉස්පිරිතාලෙ පෝලිමේ ඉදල එතන ඉන්න හැමෝගෙන්ම බැනුම් අහ අහ බෙහෙත් ගන්න එක මතක් වෙනකොට වෙන ලෙඩක් හැදෙනවට වඩා කොරෝනා හැදෙන එක සැපක් කියල හිතෙනව.
කවදාවත් ඕපීඩී වල පෝලිමේ ඉදල, උදේ 4ට සායන වල කාමර ඉස්සරහ පෝලිමේ ඉදල නැති අයට කොරෝනා ගැන දැන් බයක් ආවට අපිට හැමදාම ලෙඩ වලට ඊට වඩා බයක් තිබුන. ඒකයි අපි ඉල්ලන්න උඹලට සල්ලි තියෙනව ඇති,කොරෝනා වෙලාවවෙ උඹලට තියෙන බය අපිඅට හැමදාම තියෙනව. ඒත් උඹල පාට් එක දාන්නෙ අපිට.
අපේ thinking pattern එක, අපිට තියෙන භෞතික සම්පත් වලට සාපෙක්ශව වෙනස් වෙන්න පුලුවන් දෙයක් බව නැවත නැවතත් මතක් කර දීම පිලිබඳව මාගේ හද පිරි ප්‍රණාමය.
ReplyDelete