"මොනවද බන් අද උබේ බත් එකේ තියෙන්නේ ? ඒ දාපන්කෝ බන් ඔය මස් කෑල්ලක් , මාසේ අන්තිම වෙනකොට පුල් කෝඩේ බන්."
"මේ ජනිය... උබ ඉතින් මාසේ මුල ඉදලම කියන්නේ ඕකනේ."
"නෑ බන් සිරාවට, අලුත් මැනේජර් කාරයක් එක්ක අමාරුයි බන් ඕ ටී පාරක් ගහන්න ගියත් බර බරේ."
"ඉතින් ඇත්තනේ බන්, උබල නිකන් බොරුවටනේ ඔය ඕ ටී ගහන්නේ, කරන මගුලකුත් නෑ..."
"අනේ මේ ජනිය මට එපා තොගේ මස්, තොටත් තේරෙයි ඕව, බැඳලා ළමයෙක් දෙන්නෙක් හැදුවම.."
"ආ ආ ගනින් ඉතින්..තොපිත් ඉතින් අපිටම හැදිච්ච යාළුවොනේ, අපි දෙකෙන් නවත්තන්නෑ ඩෝ, ජාතිය රකින්න හදනවා පහක් , පහක්
කොටා එසේ කීවේ තම පත් පංගුවෙන් මස් කෑල්ලක් ජනිගේ පිගානට විසි කරන ගමන්
"තෑන්ක්ස් කොටා ..."
"ඒක නෙවෙයි කොටා උබ දැක්කද අර වීඩියෝ එක ?"
"මොන ?"
"ජනිය ? උබ දැක්කෙත් නැද්ද ? "
"අනේ බන් සජිත්, මොන වීඩියෝද මගේ ඩේට ඉවරයි."
"ඉදහන් මම පෙන්නන්න."
"මේ...මෙන්න බලපන් මූ මේ අහිංසක සතාට කරන වැඩේ.."
"කටවහන් ඉදපන් අපිට පේනවා."
"අනේ....ගැලෙව්වා නේද දත් දෙක... පව් අනේ ඒ අහිංසක සතා...."
"කටවහන් හිටපන් යමුන! උබ ඉතින් මිනිහගේ දත් තිස්දෙකම ගලවලානේ ඉන්නේ"
"ඇල්ලුවා , කෙලින්ම දත් දෙක ගැලෙව්ව, දාගත්ත පෙට්ටියට. ඒක තමයි ඔය සිංහයා වගේ බයක් නැතිව පාරේ තියන් නටවන්නේ."
"මේවානම් මහා පව් වැඩ නේද බන්.."
"තොපි හිතුවද දවල් කෑමට පැය දෙකක් තියෙනවා කියල, බොරුවට මෙතන වෙලාව කකා නැලවී නැලවී ඉදල පස්සේ එනවා ඕ ටී ගහන්න, පලයල්ලා ගිහින් ලයින් එකේ වැඩ පටන් ගනිල්ලා. "
"නෑ සර් අපි මේ දැන් අවේ, බලන්නකෝ මේ වීඩියෝ එක, හරිම දුකයි".
යමුන කොහොමත් ලොක්කව නවන්න දන්නවා, හප්පේ ලොක්කටත් ඉතින් චිත්තයක්නම්...
"මොන"
"මේ බලන්න සර්"
"ම්... මම දැක්ක, තිරිසන්නු", ඒකට කමක් නෑ දැන් ගිහන් වැඩ කරන්න
~~~~ නිමි ~~~~
නයාත් පව්, යමුනා ත් පව්, බොසූත් පව්.. අන්තෝ ජටා බහි ජටා
ReplyDelete