Tuesday, November 7, 2017

පුපුරණ මනසේ කකියන පැතුමයි, ප්‍රේමයේ සුවද නොවේ



පරීක්ෂණාගාරය සුදානම්, සියළුම අමුද්‍රව්‍ය , බඳුන් අටවා අවසන්.
පන්ති නායකයා , ප්‍රධාන ශිෂ්‍ය නායකයා , උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා, අංශ භාර ගුරුතුමා , පරීක්ෂණාගාර සහායක තුමා , උපදේශක තුමා, හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයා, පාසලේ සාහිත්‍ය සංගමේ සභාපති, ලේකම් , මෙකී නොකී සියලුම ප්‍රධාන පෙලේ චරිත පරීක්ෂණාගාර බඳුන් වටා එක්වෙලා. පන්තියේ ළමයි ටික වෙනම පැත්තක වාඩි වෙලා. පරීක්ෂණාගාරයෙන් එළියේ පුදුම සෙනගක්, දැල් වලින් එල්ලිලා බලන් ඉන්නව පරීක්ෂණය කරනකම්. පන්ති නායකයා ඉතා නිශ්ෂබ්ධව නැගිටල ගිහින්  ඉතා ලස්සන බේරුන්ඩ පක්ෂියාගේ රුපයක් පරීක්ෂණාගාර බිත්ත්යේ එල්ලුවා.

ඔන්න විදුහල් පති තුමා නැගිට්ට

"දැන් මේ පරීක්ෂණේ කී පාරක් කරද ? මේ පාර හරි ගියේ නැතොත් මොකද කරන්නේ. මේ පාරත් හරියන්නේ නැතිනම් මම මේක වෙන පන්තියකට බාරදෙනවා"

"නෑ සර් මට විශ්වාසයි මේ පාර මේක හරියටම හරි" පන්ති නායකයා එසේ කියන ගමන් තමා සුළු මොහොතකට පෙර  බිත්තියේ එල්ලූ බේරුන්ඩ පක්ෂියා දිහා බැලුවේ හරිම ආඩම්බරයෙන්.

"හරි දැන් පටන්ගමු" ඒ විදුහල් පති තුමාගේ විධානය

පරීක්ෂණාගරය කඩි  ගුලක් වගේ, පරීක්ෂණාගාර සහායක තුමා , උපදේශක තුමා එහෙට මෙහෙට දුවනවා.

"හරි නිමල් එන්න ඉස්සෙල්ලම, මේ බීකරයට දාන්න වතුර ලීටර් 0.25ක්"

"ආ හරි ස...ර්"

"සිරිල් කොහේද ඔය බලාගෙන ඉන්නේ, මෙන්න මෙහෙ එනවා දානවා මේකට පිරිසිදු මධ්‍යසාර මිලි ලීටර 25ක්"

"ඒ බන් ලැබ් එකේ අරක්කු තියෙනවද ?" ඒ සද්දෙ අවේ පරීක්ෂණාගාරට එළියෙන්.

"ආ හරි ස...ර්"

"නිහාල් කවුද ඊළගට ?" උපදේශක තුමා පන්ති නායක නිහල්ගෙන් අහනවා.

"ඊළගට මෙයා හොදයි"

විනාඩි කිහිපයක්  ඔය විදියට වැඩේ ගියා.

"මටනම් පෙන්නේ නෑ මේ යන විදියට පරීක්ෂණය සාර්ථක වෙයි කියල"

"මම කිව්වේ මම කිව්වේ ඕක හරියන්නේ නෑ කියලා"

විදුහල්පති තුමා මුලු ශාලාවම උඩයන්න විලාප තියනවා.

"දැන් කොතනද වැරදුනේ"

නිමල් "මට හිතන්නේ සර් අපි පරීක්ෂණ නලය රත් කරා වැඩියි"

සිරිල් "නෑ සර් මේකට වතුර වැඩි උනා"

නිහාල් "නෑ සර් මද්‍යසාර වලින් අව්ල අවේ"

"නෑ සර් මුන්ට පලපුරුද්ද මදි" බැරිම තැන හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයා කටහඩ අවදි කළා

"හරි අපි මෙහෙම කරමු. පන්ති නායක කම නිමල්ට දෙමු, උපදේශක තුමා ඔයා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න, ඔයාට පුලුවන්ද පුතා තාවකාලිකව මේ වැඩේ බලන්න" විදුහල් පතිතුමා පරීක්ෂණාගරයෙන් එළියේ හිටපු ආදී ශිෂ්‍ය අයිය කෙනෙකුට කථා කරා.

"හරි අපි අපහු වැඩේ කරමු. නිහාල් පැත්තකට වෙන්න, සුනිල්, කමල් අයින් වෙන්න"

"ආ.. ඔය පුතාල එන්න මෙතෙන්ට"

"නිමල් වැඩේ පටන්ගමු"

"ම්.... මේකට  වතුර කෝප්ප 3ක් දාන්න"

"මද්‍යසාර එපා, ඒ වෙනුවට සෝඩියම් ක්ලෝරයිඩ් කැට ගිනිපෙට්ටි පියන් භාගයක් දාන්න"

"පරීක්ෂණ නලේ රියන් භාගක් ජලයෙන් පුරවල , ඒක උඩට පොටෑසියම් ක්රෝමේට් පොඩ්ඩක් වක්කරන්න"

"ඒකත් කෑවා නේද" විදුහල් පතිතුමට හොදටම කේන්තියි.


"හරි දැන් ඔය කව්රුත් ගෙදර යන්න. මොනවා කරත්  පරීක්ෂණය වරදිනවා, මට තේරෙන්නේ නෑ මොකද කරන්න ඕන කියල, හරි ඔය ප්‍රධාන පෙලේ කට්ටිය ඉදල අනිත් ඔක්කොම මෙතනින් යන්න"




විදුහල් පති තුමා වට මේස සාකච්චාවක් ආරම්භ කලා. ඒ අතර ජංගම දුරකථනය අතට ගත්ත විදුහල් පති තුමා

"හලෝ අපේ සයන්ස් සර්ද ? පොඩ්ඩක් එන්න පුලුවන්ද ලැබ් එක පැත්තේ ?"

"ආ එන්න එන්න සයන්ස් සර්"


පරීක්ෂණාගරය ඇතුලට ආපු සයන්ස් සර් මහ අමුතු විදියට පරීක්ෂණාගරය දිහාත්,බිත්ත්යේ එල්ලපු රූපේ දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන්

"මොකක්ද විදුහල් පතිතුමා මේ ගඳ ?"

"දැන්නැද්ද ඉතින් පරීක්ෂණ කරනකොට පොඩි පොඩි  ගදවල් එනවනේ"

"හොද පොඩි, ඒකට කමක් නෑ, මොකටද මට එන්න කිව්වේ"

"යකෝ මුගේ ලොකු එක" විදුහල් පතිතුමා හිතයටින් කියනගම් පොඩි හිනාවක් දාල

"මෙන්න මේ පරීක්ෂණය කරගන්න අමරුය් මේ පොඩි ළමයි ටිකට පොඩි උදව්වක් ඕන"

"හරි, දැන් පරීක්ෂණය කී පාරක් කරාද , ස්ටෙප්ස් මොනවද ? "

සයන්ස් සර් පොයින්ට් එකට වැඩේ දෙන්න හදන්නේ

"නිමල් මොනවද අපි කරේ" පන්තිය බාර සර් පළවෙනි පාරට කටහඩ අවදි කළා.

"මම කරේ 3න් පාරයි සර්, ඒ ටික මම ලියාගෙන ඉන්නේ, කලින් කලේ නිහලයනේ, එයාට එන්න කියන්නද ? "

"නෑ ඕනේ නෑ , තමුසේ කරපුව මට කියනවා"  සයන්ස් සර්  හරි සැරයි වගේ, නෑ මිනිහ සබ්ජෙක්ට් එක දන්නවා

නිමල් පරීක්ෂණ කරපු ආකාරය සයන්ස් සර් ඉස්ස‍ර වමාරන්න ගත්ත.

"ම් නිමල් දන්නවද කොතනද වැරදුනේ කියලා"

"ඔව් සර්, මේ උපකරණ , ලැබ් එක හරියට නෑ, සම්මත තත්වයන් නෑ මේකේ"

"කව්රුත් හොදට අහගන්න, පරීක්ෂණයක් කරණකොට මුලික සිද්ධාන්ත කිහිපක් තියෙනවා, "පාලිත පරීක්‌ෂණ", "පාලිත කාණ්‌ඩය" හා "පාලිත ඇටවුම" තමුසෙලා ඒක දන්නවද ? "

පරීක්ෂණාගරය මීයට පිම්බ වගේ.
"එක් වරකට වෙනස් කලයුත්තේ එක් සාධකයක්‌ හෝ විචල්‍යයක්‌ (Factor or variable) පමණයි, තමුසෙලා දන්නවද ඒ ඇයි කියල, කෙහේ දැනගන්නද තමුසෙලා 9 වසර විද්‍යාවත් උනන්දුවෙන් ඉගෙන ගත්තේ නෑනේ"

සර්ට හොදටම තද වෙලා

"එහෙම කරාම තමයි ඕයි පරීක්ෂණය හරිගියේ මොකකින්ද කියල හොයාගන්න පුළුවන්, ඔක්කොම විචල්‍යයන් එක සැරේ වෙනස් කරල, කෙල උනේ මොකෙන්ද හරි ගියේ මොකෙන්ද කියල හොයාගන්න බෑ, එනවා මෙතන පරීක්ෂණ කොරන්න, මුලින්ම ලියාගන්නවා ලිස්ට් එකක්, ඒ ලිස්ට් එකට ඔය මුලද්‍රව්‍ය,අමුද්‍රව්‍ය විතරක් නෙවෙයි, පන්ති නායක, අංශ ප්‍රධාන, උපදේශක මේ ඔක්කොම එන්න ඕන, ඊට පස්සේ ඔය ම්නිස්සු ටික එකතුවෙලා මුලද්‍රව්‍ය වල ලිස්ට් එකක් හදල ඒ විදියට පරීක්ෂණ කරනවා, වරකට එක බැගින් සාධකයක්‌ හෝ විචල්‍යයක්‌ වෙනස් කරලා බලනවා, එහෙමයි පරීක්ෂණ කරන්නේ, එතකොටයි හොයාගන්න පුළුවන් වැරදුනේ කොතනද කියල, විද්‍යාව අමතක වෙලා, මනස්ගාත ඔලුවට ගිහින්, බලනවා අර බිත්ත්යේ එල්ලපු මගුල, ඕක ගිහින් එල්ලනවා නැටුන් කාමරේ හරි සංගීත කාමරේ හරි,ඔය මූලික සිද්ධාන්ත ටික අනුගමනය කරලා  මට ඇවිත් කියනවා, ඊට පස්සේ බලමු ඉතුරු ටික"

එහෙම කියපු විද්‍යාව සර් දඩස් ගාල දොරත් වහගෙන යන්න ගිය.

විදුහල් පති තුමා නැගිට්ට

"යකෝ මුගේ ගණන් ටික, මොන මගුලක්ද  ඒ කියවල ගියේ, හිතන් ඇති ඌ මම 9 වසර පාස් නැතිව ඇවිත් පගාවට විදුහල් පති උනා කියල. පෙන්නනම්කො මම ඌට මගේ තරම, ඔය ළමයි කලබල වෙන්න එපා, ඔය සර් ටිකක් කොහොමත් ඔහොම තමයි, මේවා කියන්නත් හොද නෑ මිනිහට පොඩි අප්සට් එකක් තියෙනවා, එකනේ ඔය අමුතු අමුත් වචන කියවල ගියේ, ඒක අමතක කරලා දාමු, අපි මහන්සි වෙලා වැඩේ කරමු, නිමල් බලන්න බී පන්තියෙන් හොද ළමයි කීපයක් ඊලග පරීක්ෂණයට ගන්න"


1 comment:

  1. "එක් වරකට වෙනස් කලයුත්තේ එක් සාධකයක්‌ හෝ විචල්‍යයක්‌ (Factor or variable) පමණයි, තමුසෙලා දන්නවද ඒ ඇයි කියල, කෙහේ දැනගන්නද තමුසෙලා 9 වසර විද්‍යාවත් උනන්දුවෙන් ඉගෙන ගත්තේ නෑනේ"

    "එහෙම කරාම තමයි ඕයි පරීක්ෂණය හරිගියේ මොකකින්ද කියල හොයාගන්න පුළුවන්, ඔක්කොම විචල්‍යයන් එක සැරේ වෙනස් කරල, කෙල උනේ මොකෙන්ද හරි ගියේ මොකෙන්ද කියල හොයාගන්න බෑ, එනවා මෙතන පරීක්ෂණ කොරන්න, මුලින්ම ලියාගන්නවා ලිස්ට් එකක්, ඒ ලිස්ට් එකට ඔය මුලද්‍රව්‍ය,අමුද්‍රව්‍ය විතරක් නෙවෙයි, පන්ති නායක, අංශ ප්‍රධාන, උපදේශක මේ ඔක්කොම එන්න ඕන, ඊට පස්සේ ඔය ම්නිස්සු ටික එකතුවෙලා මුලද්‍රව්‍ය වල ලිස්ට් එකක් හදල ඒ විදියට පරීක්ෂණ කරනවා, වරකට එක බැගින් සාධකයක්‌ හෝ විචල්‍යයක්‌ වෙනස් කරලා බලනවා, එහෙමයි පරීක්ෂණ කරන්නේ, එතකොටයි හොයාගන්න පුළුවන් වැරදුනේ කොතනද කියල, විද්‍යාව අමතක වෙලා, මනස්ගාත ඔලුවට ගිහින්, බලනවා අර බිත්ත්යේ එල්ලපු මගුල, ඕක ගිහින් එල්ලනවා නැටුන් කාමරේ හරි සංගීත කාමරේ හරි,ඔය මූලික සිද්ධාන්ත ටික අනුගමනය කරලා මට ඇවිත් කියනවා, ඊට පස්සේ බලමු ඉතුරු ටික"

    ReplyDelete

රාවය යනරග