Sunday, February 11, 2018

දියවන්නාවට අවංක වීම හා පායනා කාලයේ මහන්සි වීම

2018 පෙබරවාරි 11



දවස පුරා ඇහෙන්නේ විරහ ගීත සහ විරහ වේදනාවවෙන් අදෝනා නැගෙන ගීතය ,නමුත් එළියේ එක කොල්ලට කෙල්ලෝ ගොඩකි , එක කෙල්ලට කොල්ලෝ ගොඩකි, අද එකෙක් අතහරිනවිට විරහ ගීයක් ෂෙයාර් කර හෙට වෙන එකෙකු සමගින් සිටී,
අපි හොටු පෙරාගෙන විරහ ගීත අසමින් කියමින් ඊට විරුද්ධ එක කරමින් සිටී.

බෞද්ධ ධර්මයට අදහන්නන්ට අනුව තණ්හාව අතහැරිය යුතු උවද අපේ තණ්හාව වැඩිවී ඇත, තවද පන්සලද ලොකු වී ඇත, හාමුදුරුවන්ගේ කාර් එකද ලොකු වී ඇත, මංගල සුත්‍රය අමතක වී ඇත, දකින දේ පමණක් නොව නොදකින දේත් සුභ යැයි සිතමින් සිටී.
අපි බෞද්ධ ධර්මයට අදහමින් බෞද්ධ ධර්මයට විරුද්ධ එක කරමින් සිටී.


"සහෝදරයා" ටෙලිය ඉතා ජනප්‍රිය වී ඇත  (https://www.youtube.com/watch?v=zWaeCzZoPbI) . කුණුවී ඇති තුවාලය ගැන ප්‍රශ්න කරමින් සිටින ටෙලිය හොදට හිට් වෙමින් දුවද්දී, අලි , පොහොට්ටු , බුලත් කොළ ගේමක් නැතිව ජන්ද දිනමින් සිටී. විකල්පයක් පේන්නවත් නැත,
අපි "සහෝදරයා" ටෙලියට පෙම් බදිමින් ඊට විරුද්ධ එක කරමින් සිටී.

"කූඹියෝ" ටෙලිය හොදින් දුවයි (https://www.youtube.com/watch?v=oIl8BfUGq7s), අද (2018 පෙබරවාරි 11) වන විටත් ජෙහාන් වීරයෙකි, කථාව අවසන් කරන්නේ ජෙහාන් වීරයෙක් ලෙසමද නැද්ද යන්න අදාල නැත. ගේම් ගහන එකත්, අනිකාට කෙලින එකත් අපේ ජාන වලම ඇත එයට ලොකු කුඩා බේදයක් නැත, අවශ්‍යව ඇත්තේ අවස්ථාව පමණි. කූඹියාට පෙම් බදිමින් බැදුම්කර ගැන කතාකරමින් සිටී, කූඹියාට පෙම් බදිමින් අවි ගනුදෙනු ගැන කතාකරමින් සිටී, කූඹියාට පෙම් බදිමින්  අලි , පොහොට්ටු , බුලත් කොළ  වලට කතිරය ගසමින් සිටී.
අපි "කූඹියෝ" ටෙලියට පෙම් බදිමින් ඊට විරුද්ධ එක කථා කරමින් සිටී.

අඩුම තරමින් අපේ යටි හිතටවත් එකග වියහැකි, අපේ අවංක නියෝජනයක් ඇත්තේ මේ දියවන්නාවේ, පළාත් සභාවේ හා ප්‍රාදේශීය/නගර සභාවේ නොවේද ? අපි වගේම මැද පන්තියේ,  මධ්‍ය මහා විද්‍යාල වල ඔළුගෙඩි වලින් හදල තියෙන දියවන්නාව කියන්නේ අපේ අවංක නියෝජනය නොවේද ? උන්ට තියෙන්නෙත් අපිට වගේම විනයක් , උන්ට විතරක් අමුතු විනයක් හරි මොලයක් හරි තියෙනාවානම් නේද අව්ල. අවංකවම ගත්තොත් අපිට ආඩම්බර වියහැකි නියම අපේ එක  ඇත්තේ පන්සලේවත් නැති දියවන්නාවේ, පළාත් සභාවේ හා ප්‍රාදේශීය/නගර සභාවේ නොවේද

අවසානයේදී අපි "කූඹියෝ" ටෙලියට පෙම් බදිමින් ඒ වගේ "................................................" ලාට කතිර ගසමින් සිටී.


රාවය යනරග