චර්ජ් කරපු ටෝච් එක අතට ගත්ත ආලියා කෙලින්ම ආවේ ටීවී එක ලගට. ටීවී එකේ ස්විච් එක බිත්තියෙන් ඕෆ් කරපු ඇය කරන්ටෙක කපපු ගමන් පුරුද්දක් විදියට ඊලගට කරන්නෙ ඉස්සරහ දොර වහන එක. ඔෆිස් එකේ යාලුවෙකුගේ ගෙදරට හොරු ඇවිත් තියෙන්නෙ කරන්ටෙක කපනවත් එක්කම කියල ඇහුවට පස්සෙ පොඩ්ඩක් බය වෙලා.
දොර වහන්න ආපු ආලියා දැක්කෙ කාර් එක ඇතුලට වෙලා ඉන්න රත්නෙව.
"රත්නේහ් මොකද මේ කාර් එකට වෙලා කරන්නෙ ?"
"මගේ ෆෝන් එක ඕෆ් වෙලා බබා. කාර් චාගර් එකට ෆෝන් එක ගැහුව. තව පොඩ්ඩකින් ඉම්පෝටන්ට් කෝල්ස් ටිකක් ගන්න තියෙනව"
"ඔයාට පිස්සුද නිකන් පෙට්‍රල් පුච්චන්නේ පැයක් ඉන්න බෑනේ ඔය මගුල නැතිව."
එහෙම කියපු ආලියා ආපහු ගේ ඇතුලට යන්න හැරුන.
"ගේ ඇතුලටත් එලියයි නේ. ඔයාටත් හොදයිනෙ ගේ වැඩ ටික කරගන්න, ඔය ඉස්සර ජනේලෙ රෙද්ද අකුලන්න එතකොට ගේ ඇතුලට හොදට එලිය එනව" එහෙම කියපු රත්නෙ කාර් එකේ හෙඩ් ලයිට් ඔන් කරා.
"රත්නෙ වැඩකුත් නෑනේ, අපි යමුද අම්මලාගේ දිහා. කාලෙකින් යන්න බැරි උනානේ. කරන්ටෙක ආවම ආපහු එමු. වලං පිගං හෝදන්න හරියට පේන්නෙ නෑ. මම හෙට උදේට උයන දේවල් ඔක්කොම කරන්ටෙක යන්න කලින් ලෑස්ති කලා"
"යමු එහෙනම්" රත්නපාල ශනිකව උත්තර දුන්න.
යන්තම් චාර්ග් උනු ෆෝන් එකත් ගලවගත්ත රත්නපාල වහනෙන් බැස්ස.
මුලු ගමම කරුවලයි. ගෙවල් දෙක තුනකට එහා ගෙදර බල්ල නොනැවතීම බුරනව. ආලියා ගේ ඉස්සරහ දොරකඩට වෙලා රත්නෙ එනකම් බලන් ඉන්නව. පාරේ යන වාහන වලින් වරින් වර එන එලියන් ආලියාගේ මූනේ මල් පිපෙනව වගේ රත්නෙට පෙනුනෙ. ආලියාගේ පෙනුම ගොඩක් වෙනස්වෙලා කියල රත්නෙට හිතුන. උලුවස්සට හේත්තු වෙලා හිටිය ආලියා ගේ ඇතුලට හැරෙන කොටම එක පාරට පැනපු රත්නපාල ආලියාගේ අතින් අල්ල ගත්ත.
"අම්මෝ මම ගැස්සිලා ගියා. මොකද මේ"
"අම්මලාගෙ දිහා යන්නම ඕනද ?" ආලියාගේ කනට කරල අහපු රත්නපාල අතේ තිබුන ෆෝන් එක දොර ගාව තිබුනු මල පෝච්චිය උඩින් තියල දොර වැහුව.