2020 මාර්තු 26 - කොරෝනා නිසා පනවා තිබූ, මාතර දිස්ත්‍රික්කයේ ඇදිරිනීතිය පැය කීපයකට ඉවතට
සමහරු ඒ පැය කීපයට කුලී වැඩක් හොයනව
සමහරු රත්තරං බඩු ටික උකස් කරන්න යනව
සමහරු අව්රුදු ගානක් ඉතිරි කරපු සොච්චම ගන්න ATM වල පෝලිමේ ඉන්නව
සමහරු ගෙදර හංගපු සල්ලි කැට සල්ලි අරන් යනව
සමහරු අදුරන කඩ වලින් ණයට ගන්න යනව
සමහරු ක්‍රෙඩිට් කාඩ් වලින් බඩු ගන්න පුලුවන් කඩ හොයනව
සමහරුන්ට මාසික වැටුප ලැබුනු නිසා ඒකෙන් බඩු ගන්නව
සමහරු දූල පුතාල ගෙනත් දෙයි කියල හිත හිත ඉන්නව
සමහරු ගම පුරා ඇවිදල කොස් දෙල් පොල් එකතු කරනව.
සමහරු හිතාගන්න බැරුව ඔහේ බලං ඉන්නව
මේ කුමන ආර්ථිකයක්ද ? සති දෙකක් වැඩ නැත්නම් කන්න බොන්න නෑ ආණ්ඩුවෙත් සල්ලි නෑ.
උඹල වැඩ කරපන් !!! නැත්නම් වැටෙයි !!!
කොරෝනා නිසා දැන් වැටෙයි !!!
වැටෙයි ලබ්බ, තව වැටෙන්නනම් වලක් කපන්න ඕන.
කොහෙටද අපි වැටෙන්න තියෙන්නෙ තවත්.
යන්තම් මිනිස්සු සටන් කරල ගුටි කාල රැකගත්ත ඉස්පිරිතාල ටික තියෙන නිසා කෑම කෙසේ වෙතත් කොරෝනා කියල සැකනම් ආන්ඩුවේ ඉස්පිරිතාලෙට හරි යන්න පුලුවන් නිසා සහනයක් තියෙනව.
තව මාස 6කින්, අරක නැග්ග මේක නැග්ග අරූගෙ එක නැග්ග කොටස් වෙළදපොල නැග්ග අහවල් රට නැග්ග අහවල් දර්ශකේ නැග්ග කියයි. හරියට නැගපු හැටි දන්නෙ අපේ ලිපයි පිඟානයි, ගොඩගහපු ණය බිල් ටිකයි විතරයි
අපේ ජාතික ගියත් අහපල්ලා !!!