Friday, April 24, 2020

අඹ කමුද? පෙට්‍රල් ඍණ වෙයිද?



සූදු කෙලින අතර ඉහල කොම්පැණි වල මහත්තුරුන්, කුමට ‍එරට අධිකරනය නීතිය හා විනිසුරන්



කොටස් වෙළදපොල කියන්නේ සුදු කෙලින තැනක්.මොකක් සූදූ කෙලින තැනක්? හෙණගහන කථා කියන්න එපා අර මහත්තුරු ටිකට, සූදූ කෙලින්නේ ගමේ ඉන්න අපතයෝ ටිකනේ, නොදකින් මල ගෙදරක ගියත් බූරුවා ගහනවා.

ඔබේ ගෙදර අඹ ගහක් තියෙනවා කියල හිතන්න. ඒ වගේම ගමේ ඉන්නව මුරු  ඩයල් එකක්. (Speculator)  මේ හාදය රස්සාවට කරන්නේ ගම පුරා රස්තියාදු ගහන එක, මිනිහා ගමේ අඹ ගස් ගැන හොදට දන්නවා,   තව ගමේ අඹ විකුණන පලතුරු මුදලාලිලා ගැන , වැස්ස ගැන , අඹ වලට හැදෙන ලෙඩ රෝග ගැන එහෙම හොදට දන්නව.   අඹ ගහක යන්තම්  ගැට හැදීගෙන එනො දැක්කොත් මේ යකා ඒ ගෙදරට රිංගනවා. රිංගල අයිති කාරය එක්ක අනාගත ගිවිසුමක්    (Futures Contract)  ගහනවා.  ඒක අපුරු ගිවිසුමක්.

 දින වකවානු එක්ක කිව්වොත් මෙන්න මෙහෙම,

මිනිහ යනවා අඹ ගහ තියෙන ගෙදරට. යන්නේ  ජනවාරි 20. මිනිහ ගිහින් කියනවා, මම අප්‍රේල් 20 වෙනකොට උඹගේ  අඹ ගහේ ගෙඩි 1000 ක් රුපියල් 2000 කට ගන්නවා කියල. එකෙන් අඹ ගහ තියෙන ගෙදර එකාට සතුටුයි, මොකද ලැබෙන ලාභය කලින්ම දන්නවා. මිනිහ හා කියනවා.

මේ හාදයට අඹ ඕනෙත් නෑ , විකුනන්න කඩේකුත් නෑ , අඹ තියාගන්න ගබඩාවකුත් නෑ. මිනිහ කරන්නේ එක්කෝ අප්‍රේල් 20 කිට්ටු වෙනකොට මේ ගිවිසුම පලතුරු කඩේ මුදලාලිට පොඩි ගානක ලබෙකුත් තියාගෙන විකුණලා දානවා. ඊට පස්සේ මුදලාලි අඹ ටික ගෙනත් කඩේ විකුනනවා. එහෙම නැත්නම් මේ හාදය අපහු තමන් වගේම ගමේ කරක් ගහන එකෙකුට මේක විකුනනවා. අඹ වල මිල නගී වගේනම් වෙන උන් අරුගේ පස්සෙන් පන්න පන්න අර Futures Contract එක ඉල්ලනවා.


ඔන්න එකපාරටම මොකක් හරි හේතුවකට ගමේ උන් අඹ කන එක නවත්වල දානවා, කෑවත් කන්නේ බොහොම පොඩ්ඩයි. ඔන්න දැන් අර ගිවිසුම ගහපු ඒකාට තරු පෙනෙනවා, ඌට කඩේකුත් නෑ, මේ ටික තියාගන්න ගබඩාවකුත් නැ , ගිවිසුම විකුණගන්න විදියකුත් නෑ , එකෙක්වත් ගන්නේ නෑ. මල මගුලයි දැන් මක්කයි කරන්නේ ? අඹ ගහේ අයිති කාරය අඹ ටික අරන් යන්න කියල තග දානවා.

දැන් වෙන කරන්න දෙයක් නෑ, පාඩුව අඩු කර ගන්න ඕන, මේ අඹ ටික ගන්න එකාට මම අතින් ගානක් දෙනවා, දීල අරන් පලයන් කියනව.

එත් කව්ද ගන්නේ, ගමේ ඉන්නවා ලොකු ශීතකරණ තියෙන ඩයල් ටිකක්, උන් ඒවා වෙන වැඩ වලට පාවිච්චි කරන්නේ, එත් මේක හොද චාන්ස් එකක් අඹ ටික අරන් ගබඩා කරගත්ත.

දැන් ප්‍රශ්නේ දරුණුයි, අඹ තියෙනවා, කන්න එකෙක් නෑ, ගස් වල අඹ හැදෙන එක නවතින්නෙත් නෑ. ගමේ ශීතකරණ ටිකත් පිරිලා.

දැන් මොකෝ කරන්නේ ? මිනිස්සුන්ට අඹ කවන්නම වෙනවා නැත්නම් ලොකු ලොකු ඩයල් ටිකට ලොකු ලොකු පාඩු විදින්න වෙනවා.

මේකට WHO එකෙන් විරුද්දයි, සාමාන්‍ය මිනිස්සු විරුද්දයි, එත් OPEC එකයි  ලාභ ගන්න බලන් ඉන්න අතර මැදි ඒජන්තයෝ ( කැමති ඒජන්තයෙක් දාගන්න) ටිකයි දත කනව මිනිස්සුන්ට අඹ කවන්න. ඉතින් අපි අඹ කමු.

අඹ කන්නේ මෙහෙමයි ,

කාර් එක ගන්න, යන්න තෙල් පිරවුම් හලට
ඉන්දියන් ස්කුටර් එක ගන්න යන්න, තෙල් පිරවුම් හලට
බස් එක ගන්න යන්න, තෙල් පිරවුම් හලට
ගුවන් යානය ගන්න යන්න, තෙල් පිරවුම් හලට
පෙට්‍රල් වහ ගිනි අවිලෙස සුලුයි කියන වගන්තිය අයින් කරන්න, ගෙදර තියෙන වතුර පුරවන කළේ උනත් කමක් නෑ අරන් යන්න තෙල් පිරවුම් හලට

ජීවිතය පරදුවට තියල අඹ කමු !!!!



Friday, April 3, 2020

චූ





මම ගෙදර ඉන්න කොට චූ කරන්නෙ කොමඩ් එකට. සමහර දවසට නිදහසේ චූ කරන්න වත්ත පිටිපස්සට යනව. එහෙම ගිහින් එනව දැක්කම අම්ම හොදටම බනිනව. උඹ නම් හදන්න බෑ. දැන්වත් හැදියන් කියල.

එක පාරක් නියගයක් ඇවිත් ගෙදරට වතුර එන එක අඩු උනා. යාන්තම් ටැප් වල වතුර එනව ඒ එන වෙලාවට එකතුකරන එකෙන් බොන්නයි උයන්නයි පිරිමහ ගන්නව.

දැන් මම නිදහසේ වත්තෙ චූ කරනව අම්ම කටක් අරින්නෙ නෑ. මල්ලි කොමඩ් එකට චූ කරනව කියල අම්ම බැන්න. උඹත් අර අයිය වගේ පලයන්කො වත්ත පහලට වතුර ටික ඉවර නොකර. උඹලත් නිකන් කුමාරවරු වගේනෙ.

එතකොට හොද ක්‍රියාවන් මොනවද ?. ඒ ඔක්කොම සමාජ සම්මුතීන්.  ගොඩක් වෙලාවට ඒක තීරනය කරන්නෙ අපිට තියෙන භෞතික සම්පත්. වතුර තියෙන වෙලාවෙ බාත් රූම් එකටයි නැති වෙලාවට වත්තෙ ගහකට අල්ලන එකයි දෙකම අනුමත වෙන්නෙ ඒකයි.

ගොඩක් වෙලාවට  හොද වැඩ පොෂ් වැඩ දියුනු වැඩ කියන ඒව භෞතික සම්පත් ගොඩාරියක් එක්ක බැදිල තියෙන. තව දුරටත් ගියාම වෙළදපොලෙන් කොච්චර දේවල් ගන්න පුලුවන්ද කියන එකත් ඕකට එකතු වෙනව. ලේන්සුවට හොටු හූරනවට වඩා පෙට්ටියෙන් ඇදල ගන්න ටිෂූ එකකට හොටු හූරන එක පොෂ් වෙනව. තව ඕන තරම් උදාහරණ තියෙනව.පරිසයේ තියෙන සම්පත් ගොඩක් කාබාසිනියා කරන්න පුලුවන් නම් ඌ පොරක්.

කොරෝනා නිසා බඩු ගන්න පොර කන අයට බැන්න මුන් නම් මෙලෝ තේරුමක් නැති ගොන් හැත්ත කියල. මොල් තියෙන කෙනෙක් එතනට ගිහින් බඩු ගන්න විදිය පැහැදිලි කලේ නෑ. එතනත් තිබුනෙ කලයේ හා භෞතික සම්පත් වල සීමාවක්.

වෙළදපොලෙන් සියලුම දේවල් ගන්න කෙනා හෙනම පොෂ්. එහෙම උන් තමයි වෙළදපොලට වඩාත් අවශ්‍ය වෙන්නෙ.

අතේ සල්ලි නැත්නම් ඉස්සරහට වැඩ කරල හම්බුකරන සල්ලි වලටත් ගන්න ක්‍රම තියෙනව, ණය ලීසින් ක්‍රෙඩිට් කාඩ්. වෙළදපොල පවත්වාගෙන යන්න ප්‍රසාරණය කරගන්න අපි ඔක්කොම වෙළදපොලෙන් බඩු ගන්නවනම් තමයි හොද. ගෙදර වවාගෙන ලිදක් කපාගෙන ඉන්න එක අව්ල්. වතුර කෑම බෙහෙත් අධ්‍යාපනය  සෞඛ්‍යය මේ ඔක්කොම වෙළදපොලෙන් මිලදී ගන්න මිනිහෙක් තමයි ඕන.

චූ කතාවට ආපහු ගියොත්...

පර්චස් 7කට 8කට කොටුවෙච්ච මනුස්සයෙක් වතුර නැත්නම් මොකද කරන්නෙ ? තාප්පෙට දවස් දෙකක් අල්ලනකොට ගෙදර පලාතෙ ඉන්න බෑ ගදේ.

කොරෝනා නිසා ඇදිරිනීතිය දැම්මට පස්සෙ ගම්වල කොස් දෙල් පොල් හුවමාරු උනා. වත්තෙන් මොනවහරි කඩාගෙන කෑව. වෙළදපොල එක්ක තියෙන ගනුදෙනුව අඩු කරා. අත්‍යවශ්‍ය දේවල් විතරක් වෙළදපොලෙන් ගත්ත. එකක් සල්ලි නැති නිසා, දෙක තමයි එච්චර ඕන නැති නිසා.

කාලයක් අපි සිංගපූරු සිහිනයක් දැක්ක. තාමත් දකිනව. අපි දැකපු හැම හීනයකම තියෙන්නෙ 100% ක් දේවල් වෙළදපොලෙන් මුදල් ගෙවා මිලදීගන්නා ජනතාව සිටින රටවල් හෝ ආර්ථික ක්‍රම.

අවාසනාවට ගොඩක් දියුනු රටවල් සෞඛ්‍යය මිලදීගත යුතු භාන්ඩ බවට පත් කරල ඉවරයි. කොරෝනා අපිට පෙන්නුවෙ වෙළදපොලෙන් මිලදී නොගත යුතු භාන්ඩත් තියෙනව කියල.

කොරෝනා ඉවර උනාම මේ වෙළදපොල උවමනාව මීඩියා හරහා අපිට එනව.  දේශපාලකයන් ඉන්නෙ වෙළදපොලට එන ඕනෑම අවහිරතාවක් අයින් කරල නිදහසේ වෙළදාම් කිරීමට පහසුකම් සපයන්න. ඒක තමයි  ඔය 225හේ හා ඒ වටේ ඉන්න ක්‍රියාකාරීන්ගෙ ජොබ් එක. ඊටත් යටින් ඉන්න අය නිකම්ම ඒ පැත්තට දුවනව.

තව මාස හයකින්, අපිට සල්ලි තියෙනවනම් අපි සල්ලි දීල සෞඛ්‍යය සේවය මිලදීගත්තම මොකද කියල ආපහු අහන්න ගන්නව. චූ කරන එක අත්‍යවශ්‍ය දෙයක් මොනයම් අසීරු කොන්දේසි යටතේ උනත් චූ කරන්න ඕන. කොමඩ් එකට වතුර ගහන්න වතුර තිබුනත් නැතත් චූ කරන්න වෙනව. සෞඛ්‍යය කියන්නෙ අන්න ඒ වගේ අවශ්‍යතාවක්.

කොරෝනා බෝ වෙයි කියල තියෙන බය අපිට අලුත්  නෑ. ඒ බය අපිට වෙන ලෙඩ වලටත් තිබුන, හෙටත් තියෙනව. ඉස්පිරිතාලෙ පෝලිමේ ඉදල එතන ඉන්න හැමෝගෙන්ම බැනුම් අහ අහ බෙහෙත් ගන්න එක මතක් වෙනකොට වෙන ලෙඩක් හැදෙනවට වඩා කොරෝනා හැදෙන එක සැපක් කියල හිතෙනව.

කවදාවත් ඕපීඩී වල පෝලිමේ ඉදල, උදේ 4ට සායන වල කාමර ඉස්සරහ පෝලිමේ ඉදල නැති අයට කොරෝනා ගැන දැන් බයක් ආවට අපිට හැමදාම ලෙඩ වලට ඊට වඩා බයක් තිබුන. ඒකයි අපි ඉල්ලන්න උඹලට සල්ලි තියෙනව ඇති,කොරෝනා වෙලාවවෙ උඹලට තියෙන බය අපිඅට හැමදාම තියෙනව. ඒත් උඹල පාට් එක දාන්නෙ අපිට.

රාවය යනරග