Tuesday, June 8, 2021

රාවය යනරග



සිරිපාලගෙ ගෙදර තිබුනේ වෙල අයිනෙමයි. ගේ වටේටම වෙල් යාය. ඉර බැහැගෙන යන දර්ශනය මිදුලට පෙනුනෙ දිව්‍ය ලෝකේ කුස්සිය වගේ.  ගේ තුන් පැත්තක මිදුල තියෙනවා. මිදුල මැද ලොකු ලිදක්, පලතුරු ගස් පිරිල.

ගෙදර එක පැත්තක් වෙල් යායට මයිම් වෙනව. ගේ හදල තියෙන්නෙ වෙලේ පිට වානට අල්ලලමයි. 

ලොකු පුතාගේ,  ඒ කියන්නෙ අරුණගේ කාමරේ තිබුනේ ඒ පැත්තට වෙන්න. කාමරේ ජනෙල් ඇරියම වෙල් යායෙන් එන හුලග විදින්න නිමාලි, ඒ කියන්නෙ ලොකු පුතාගේ බිරිද හරිම කැමතියි. දවස පුරාම ජනෙල් ඇරල තිබුනත් හවස් වෙද්දී ඒක වහන්න නිමාලි වගබලා ගත්තේ මදුරුවන් කාමරේට රිංගන නිසා. 

ගෙදර නාන කාමරේ වතුර වෙලේ පිට වානට හරවල තියෙන එකට පොඩි පුතා හැමදාම අයියට දොස් කියනව.

ඕක වලක් කපල දාපංකෝ අයියේ.  ජරාව කුඹුරට නොදා.

අනේ පලයං යන්න, ඕක දැම්ම කියල මොකුත් වෙන්නෙ නෑ. මේ වෙල් යාය මෙහෙම හරි තියෙන්නෙ මම නිසා. අනික උබත් ඕකෙන් නානවනේ. ඔච්චර කුඹුරෙට ආදරේනම් නොනා ඉදපං.

ඔය සංවාදේ මාසෙකට සැරයක් ගේ ඇතුලෙ ඇහෙනව. නංගිට ඕව තේරෙන්නෙ නෑ තාම, එයා පොඩියි. 

මද්දුමයා මැදිහත් බාවයෙන් හිනා වෙලා නිකන් ඉන්නව. අනික මද්දුමයා පිරිසිදු චරිතේ. ඕවට පැටලෙන්නෙ නෑ.


ශාන්ත, ඒ කියන්නෙ ලොකු පුතාගෙ කොලඹ  යාලුව මේ ගෙදරට නිතරම යනව එනව. ලොකු ව්‍යාපාරික යෙක් වෙච්ච ශාන්ත හැම මාසෙම කතරගම යනව. ඒ යන ගමන් මෙහේට ගොඩවෙන එක ශාන්තගේ පුරුද්දක්. ශානතගේ තාත්ත‍යි, සිරිපාලයිත් ඒ කියන්නෙ අරුණ ගේ තාත්තයි හොද යාලුවො. 


දවසක් ශාන්ත, අරුණට අපූරු යෝජනාවක් ගෙනාව.  මචං මට පොඩි අයිඩියා එකක් ආවා. මේ පැත්තට සංචාරකයෝ එනව. නවතින්න තැන් අඩුයි. මේ පැත්තෙ උන්ට විනනෝද වෙන්න බඩු ගන්න තැනක් නෑ. එක්කො ඩුබායි අක්කගෙ කඩේට යන්න ඕන නැත්නම් ලී මාමගේ කඩේට යන්න ඕන. උඹලට ලොකු ඉඩමක් තියෙනවා අපි හදමුද පොඩි සංචාරක කලාපක්. 


පිස්සුද බං, මට කොහෙන්ද සල්ලි. පරම්පරාවෙන් ඉඩම් ලැබුනට අපිට ඔය වගේ වැඩකට අතගහන්න තරම් සල්ලි කාරයෝ නෙවෙයි. අනික මේක මට අයිති ඉඩමක් නෙවෙයි. මල්ලිලා නංගිලා, උන්ගේ ලමයි, ඔක්කොටම අයිතියි. 


සල්ලි මම බලාගන්නම්, අව්ලක් නෑ උඹනේ ලොකු පුතා, ගේමක් ගහල අනිත් උන් කැමති කර ගනින්. අනික උන්ටත් මේකෙන් හෙන වාසියක් තියෙනව. මම කියන්නම් විස්තරේ. හැමෝගෙන්ම අහල බිස්නස් කරන්න බෑ බං. උඹලගේ ලමයින්‍ට යන කලක් තියෙන්න එපයි.


කියපං කෝ බලංන්න උබේ පෑල්න් එක.

මෙහෙමයි, අපි උඹලගේ මිදුලේ මොකුත් හදන්නෙනෑ, මල්ලිලාට නංගිලාට ඒ නිසා අව්ලක් නෑ. අපි මේ වෙලෙන් කෑල්ලක් ගොඩ කරමු. එතකොට කාටවත් අව්ලක් නෑ නේ.

නැත්තෙ මොකද, ඔය වෙලත් හැමෝටම අයිතියි.

හරි හරි බං මිදුල අල්ල ගන්නෙ නෑ නේ. ඔය වෙලට ගෙදරට මිනිස්සු මිදුලට තරං ආදරේ නෑ. අනික නිකම් තියෙන කුඹුරු නේ බං, වැඩක් ගමු.


කියපංකෝ උඹේ පෑල්න් එක. මට සල්ලි එන්නෙ කොහොමද?

ක්‍රම ක්‍රමයෙන් අරුණට ශාන්තගේ කතාව පැත්තට ඇදෙන්න ගත්ත. දියුණු වෙන්න තියන ආසාව එලියට ආව. මල්ලිල නංගිල මොනව කිව්වත් මේක හොද චාංස් එකක් කියල අරුණට හිතෙන්න ගත්ත. තමංගෙ ලමයින්ට යන කලක් තියෙන්න ඕන කියල ඔහුට හිතුන.



මෙහෙමයි, උඹේ කාමරේට අල්ලල තියෙන කුඹුරෙන් ලියදි 200 ක් අපි ගොඩකරනව. ඒකෙන් 100 ක් මට ඕන, 50 ක් උඹට දෙනව ඒ පනහේ උඹට කැමති දෙයක් කරන්න පුලුවන්. ඉතුරු 50 ත් උඹටම දෙනව, ඒකෙ හදන්න ඕන අපි කියන ඒව, මල් වත්තක්, නාන තාටකයක්, ඒවා හැමෝටම පොදුයි. 


මේ ලියදි 200 ට ඕන කරන විදුලිය, වතුර උඹ දෙන්න ඕන. උඹට නිකන්ම ඉඩමක් ලැබෙනව. මේක ගොඩකරන්න යන සම්පූර්ණ වියදම අපි දරනව. උඹට ඒ වෙනුවට ඉඩමක් ලැබෙනව. උඹට කරන්න තියෙන්නෙ අලුත් ඉඩමට විදුලියයි වතුරයි දෙන එක සහ ඒකෙ කුනු ටික අයින් කරල දෙන එකයි. බලපං උඹට නිකන්ම ඉඩමක්.


තව පොඩි කොන්දේසියක්. මම මේකට ගොඩක් වියදම් කරනව. උඹට ඉඩම් තිබුන කියල කැමති කැමති තැන් වල සංචාරක බංගලා ගහනව එහෙම නෙවෙයි. මෙතන ඉදන් අඩි 100 ක් යනකම් මගේ බිස්නස් වලට තරගයක් දෙන කිසිම දෙයක් කරන්න බෑ. මගේ ගාන හොයා ගන්නකම් ඉදල ඕන මගුලක්


එතකොට මචං මට ලැබෙන ලියදි 100 හේ මොකද කරන්නෙ. 

50 ක කැමති දෙයක් කරපං අනිත් 50 මම කිව්ව වගේ පොදුයි. ඒකෙ මල් වත්තක්, නාන තටකයක් හදන්න ඕන. ඕන තරම් කොළඹ සල්ලිකාරයො ඉන්නව. උන් ටිකක් සෙට් කර ගනින්. ඒකෙ බිලිඩ්න් ටිකක් ගහපං, උඹට ඕනනම් බූරු පොලක් දාපං, තව ඔය උඹ කැමති දෙයක් කරපං. උඹට කියන්න දෙයක් නෑ නේ.


පිස්සුද උඹට බූරු පොලක් දාන්න පොලීසියෙන් පනිනව. 


ඒකට බය වෙන්න එපා. අපි කතා බහ කරල ගොඩකරපු කොටසේ නීතිය වෙනස් කරමු. මම මේ රටේ ලොක්කො ඔක්කොම අදුරනව. මම ඒක කරල දෙන්නම්. 


මගේ බිල්ඩින් ටික ගැහුවම උබේ මල්ලිලාට, නංගිලාට මේකේ රස්සා කරන්න පුලුවන්. බොරුවට කොළඹ යන්න ඕන් නෑ. මට වඩා උඹට තමයි වාසි.

 

 අනික උඹලගේ අම්මට පුලුවන් ඔතන වැඩ කරන අයට ආප්ප රොටී ටිකක් විකුනල අමතර ආදායම් හොයන්න. අම්මගේ කෑම රසයි නේ කොළබින් එන උන් කාවි. තාත්තගේ අන්තිම කාලේ නිදහසේ උඹල හදන මල් වත්තෙ උදේ හවස ඇවිදල ඉන්න පුලුවන්. ගමේ මිනිස්සුන්ටත් හොදයි.මෙතන වැඩට එන උන්ට රා ටිකක්, දඩ මස් ටික්ක විකුනන්න පුලුවන්.


ඔහොම කාලය ගෙවීගියා. ශාන්ත කුඹුර ගොඩකරන වැඩේ පටං ගත්තා.


පොඩි පුතා ගෙදර හැමදාම වලි. අය්යේ ඕක නවත්තපං. ඔය කුඹුරු කෑල්ල තාත්තා වැඩ නොකරට ඕකෙ ලොකු වැඩක් වෙනව. වහින කාලෙට වතුර පිරෙන්නෙ ඕකෙ. බලපං ඕක ගොඩ කරාම වහින වතුර මුදියන්සි මාමලාගේ කුඹුරට යනව. ඒ මිනිස්සුන්ගේ ගෙදර යට වෙනව, ලිදත් යට වේවි, පංසලේ කුඹුරෙන් ගන්න දෙයක් නැති වෙනව. අනික ඕක අපිට ඕනද ? බලපං ඔතන ඕක හැදුවම අපේ පව්ල විනාස වෙනව. ලී මාමගේ කඩේටයි, ඩුබායි අක්කගේ කඩේටයි යන උන් මොකටද මේක අස්සෙ රිංගන්නෙ. උන්ට ඒව හොදයි. අනික උන් ආවත් අපිට තියෙන වාසිය මොකකද. උන් ගේන ශොපින් බෑග් කෑල්ලත් අපේ කුඹුරට තමයි


අනේ පලයන් යන්න. උඹලට කවදාවත් දියුණු වෙන්න බෑ ඔහොම හිතල. සංවර්ධනය කරනකොට එහම තමයි. හැමෝගෙම කැමැත්ත එක්ක කිසිම දෙයක් කරන්න බෑ. රටේ ලෝකෙ වෙන දේවල් උඹල දන්නෙනෑ. මේව තමයි අලුත්ම ක්‍රම. අපිට දියුනු වෙන්න ඕව කරන්නම ඕන. ශාන්තගෙන් අහුලගත්ත් වචන වලින් අයියා මල්ලිට දමලගැහුව.


මද්දුම අයියත් ගොඩක් කල් නිශ්ශබ්දව ඉදල කතවට හවුල් උනා. ලොකූ ඕක නවත්තමු. මුලු ගමම විනාස කරන වැඩක්. හරියට ඕක හොයල බලල කරමු. කරන එකේ මට අව්ලක් නෑ. කරන එක හරියට කරන්න ඕන. 


 කාලය ගත උනා. සංචාරක කලාපයේ වැඩ කරගෙන යනව. ශානතගේ වාහන ගම පුරා. මුදියන්සේ මාමා ගෙදරටම ඇවිත් බැනල ගියා.

 

දවසක් පංසලේ හාමුදුරුවෝ ගෙදරට වැඩිය.ශාන්ත අය්යගෙ හොද කිව්ව තරම්. ශාන්ත දීපු අලුත්ම ෆෝන් එකට හාමුදුරුවෝ හරිම ආසයි. නංගිට කියල ඒකට whatapp දා ගත්තේ හදිස්සියක් උනොත් ශාන්තට වීඩියෝ කෝල් ගන්න කියල. අසනීප ගතියෙන් හිටපු ලොකු අය්යටත් සෙත් පිරිත් කියල ආපහු පංසලට වැඩියා. 

 

ලොකු අයියා හදිසියේම රෝගාතුර වෙලා රෝහල් ගත කලා. ඒ අතර මද්දුමයා ගෙදර වැඩ කටයුතු ටික භාර ගත්ත. 



දවසක් ශාන්ත ගෙදරට ආව.



ආ මල්ලි මොකෝ වෙන්නෙ. අරුණට කොහොමද ? ඇයි මට එන්න කිව්වෙ ?


හොදයි අයිය. මම මේ කියන්න හිටියෙ. මේ කුඹුරු ගොඩ කිරිල්ල නවත්වන්න කියල අපි හිතුව. බාල මලයත් කැමති නෑ. නංගිත් කැමති නෑ. මේකෙන් මුදියන්සි මාමලාගේ ලිද යට වෙනව කියල ලොකු ප්‍රශ්නයක්. අනික ඔතන ලස්සන මාලු ඉන්නව. නංගි හරි ආසයි ඔය ටිකේ හවසට ඇවිදින්න. අපි සරුංගල් අරින්නෙත් ඔය ටිකේ. 


ශාන්තට ටිකක් තරහ ගියා. ඔයාල මාර මිනිස්සු. මම මේක නවත්තන්නෙ කොහොමද? එක්කො කලින් කියන්න ඕන. 


හරි, කලබල වෙන්න එපා ශාන්ත අයියේ. අපි මේක පිලිවලට කරමු. මගේ හොද යාලුවෙක් ඉන්නව. මම මිනිහට කියන්නම් මේක විද්‍යාමකකව බලන්න කියල. මුදියන්සි මාමගෙ ලිදට වෙන හානිය, පන්සලේ කුඹුරට වෙන හානිය බලන්න කියන්නම්. හානියක් වෙනවනම් අපිට වන්දියක් දෙන්න වෙයි අය්යෙ.


 නංගිනම් ඉතින් හිතනව වැඩී. මොන සරුංගල් ද අනේ. අනික ඕකෙ ඉන්න මාලු කැතයි. ඉස්ගෙඩියො පිරිල. කුඹුක් ගහත් දැන් වයසයි. මද්දුම අයියා ශාන්තගේ කනට කරල නංගිට ඇහෙන නෑහෙන ගානට කිව්ව.


මද්දුමයගේ යාලුවා ඇවිත් කුඹුරයි, මුදියන්සි මාමගේ ඉඩමයි බැලුව. කරන වැඩේ පොඩි පොඩි අව්ල් ටිකක් තිබුනට ලොකු අව්ලක් නෑ කියල මද්දුමයට කිව්ව. මද්දුමය කොට්ටෙ පල්ල අතගාල අලුත්ම ෆෝන් එකක් යාලුවට දුන්නෙ ශාන්ත තමයි දෙන්න කිව්වෙ කියල.



මද්දුමයා ශාන්ත ට කතා කරලා යාලුව කියපු වෙනස් කම් ටික විස්තර කලා, ඒව ඔක්කොම ඉක්මනට කරල ආපහු වැඩේ පටං ගන්න කිව්ව. 


එහෙම් බෑ මල්ලි, මගේ ඩෝසර් ඔක්කොම වැඩ නවත්තල තිබුනෙ. මට පාඩුයි. මම උන්ට ගෙවන්න ඕන. මට ඒ කට සල්ලි ඕන. ශාන්ත මද්දුමයට පොඩි සද්දයක් දැම්මා.


අනේ අයියෙ මට දෙන්න සල්ලි නෑ. අයිය ඒ වෙනුවට  කුඹුරෙන් තව ලියදි 10 ක් ගොඩකර ගන්න. ශාන්ත මද්දුමයා ගේ යෝජනාවට කැමති උනා.


වැඩේ ආපහු පටං ගත්ත.


බාලයයි, නංගිටයි හොදටම තරහ ගිහින්.


ඕක තමයි නංගි මම කිව්වෙ මද්දුමයත් ලොකු අයිය වගේමයි කියල.


ඒ උනාට අයියෙ මම හිතුවෙ නෑ මද්දුම අයිය එහෙම කරයි කියලා.


කාලය ගෙව්නා. ලොකු අයියා සනීප වෙලා ගෙදර ආවා. මද්දුම අයියා ආපහු තමන්ගේ වැඩක් කරගෙන ඉන්නව ඒවට ඇගිලි නොගහ.


ශාන්ත අය්ය බොහොම සන්තෝසෙන් ගෙදර ආව.


අරුණ කොහොමද ඉතින්, කෝ උඹ අපිට පොරොන්දු වෙච්ච වතුර, කරන්ට් එක. දීපං අපිට ඉක්මනට. දැන් අපේ වැඩේ ඉවර වෙන්නත් ලගයි. අරුණ එහෙම කියල යන්න ගියා.


ලොකූ අය්යා ගෙදර ලිදට එබිලා බැලුවා. ඒ ලිදේ වතුර ගෙදර අයටත් මදි, දැන් කොහොමද මේක කරන්නෙ. කකුල් දෙකත් උඩ තියාගෙන සරමෙන් පවන් සලන ගමන් කල්පනා කලා. 


ලොකු අය්යගේ ලොකු පුතා එතනට ආව. මම අහගෙන හිටියෙ ශාන්ත් මාමගේ කතාව. මොකෝ තාතතේ සීන් එක. ඕක සිම්පල් තාත්තේ. ශාන්ත මමගෙන් ගානක් ඉල්ලන්න. ඕක මෝඩය ඉල්ලපු ගමන් දෙනව. අපි ඒකෙම් ලිදක් කපමු. 


ලොකු අයිය ශාන්ත ට කෝල් කලා.


මචං උඹලට වතුර දෙන්න අපිට ලිදක් හාරන්න ඕන. මගේ ලග සල්ලි නෑ.පොඩි ණයක් දීපං, අපේ බිස්නස් එක නැගල ගියාම මම ආපහු ගෙවන්නම්.  ශාන්ත වැඩේට කැමති උනා. 


මචං, තව විදුලිය දෙන්න බලාගාරයක් ගහන්න ඕන ඒකටත් සල්ලි ඕන. තව සංචාරක ප්‍රදේශයේ කුනුයි,කක්කුසි වලවල් අස් කරන ඒවයි අපේ ඉඩමට ගේන්න ක්‍රමයක් හදාගන්න ඕන, ඒකතත් සල්ලි ඕන. ණයක් බං ණයක් බය වෙන්න එපා ආපහු ගෙවනව. 



කාලය ගෙවිල ගියා. පොඩි වැස්සටත් දැන් මුදියන්සි මාමගේ ලිද යට වෙනවා. පංසලේ කුඹුර දැන් වැඩ නොකර අතෑරලම දාල.


නංගි හවසට වෙලේ ඇවිදල සරුංගල් යවල ගෙවපු ජීවිතේ නවත්ත.  එයා දැන් ලොකුයි. ටික ටික අලුත් සංචාරක කලාපය පැත්තට යනව. මුලින් බැන බැන හිටියේ. පස්සෙ හිත වෙනස් වෙලා වගේ. මද්දුම අය්යගේ ලොකු දුවත් දැන් ඒකෙ වැඩ. සල්ලි භාගෙත් අතේ තියෙනව. අදින පලදින විදියත් වෙනස්.


අම්මයි තාත්තයි මිය ගිහින්. ලොකු අයියත් වයසටම මිය ගියා. මද්දුමයා තාම ඉන්නව. ලොකූ අය්යගේ ලොකු පුතා දැන් ගෙදර වැඩපල ටික බලා කියා ගන්නේ.  


ලිද හාරන්න ගත්ත ණය ගෙවාගන්න බැරුව මද්දුමයා ගෙදර කාමරයක් ශාන්තට විකුනුවා.


ගොඩ කරල අලුතින් ලැබුනු ඉඩමේ බිස්නස් එකක් කරන්න සල්ලි නැති නිසා කොළබින් ආපු බිස්නස් කාරයෙක් එක්ක ලොකු අය්යගෙ ලොකු පුතා ගිවිසුමක් ගහල. මිනිහා ලොකු බූරු පිටියක් දාල, ඒකෙන් ලැබෙන කොමිස් වලින් තමයි ලොකු අය්යගෙ ලොකු පුතා කාල බීල ඉන්නෙ.



දන් ශාන්න කතරගම යන ගමන් නවතින්නෙ හෙදරින් සල්ලි දීල ගත්ත කාමරේ. ලොකු අය්යගේ දුව ශාන්තට කෑම බීම දෙනව. ඒ වෙනුවට ශාන්ත හොදට ගෙවනව. 


ශාන්තගේ මැරයෝ සෙට් එකක් එයාගෙ ගොඩකරපු ලියදි 110 බලා ගන්නව. අපේ ග්‍රාමාසේවක මහත්තයට ඒ පැත්තට යන්න තහනම්. එක පාරක් බූරු පොලක වලියක් ගිහින් ගෙදර වහලටත් ගල් වැදුනා. 


බාල පුතාටත් දැන් වයසයි. කවද හරි ශාන්න එලවල දාපං පුතේ කියල තමයි බාල පුතා එයාගෙ ලමයින්ට කියන්නෙ. බාල පුතාගෙ ලොකු පුතා ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙන්න ගියා.


අන්තිමට වතුර බීපු ලිදත් නෑ. පායන කාලෙට ශාන්ත බලෙන් ඒකෙනුත් වතුර ගන්නව. ගෙදර කාමරේකුත් ශාන්තට සින්නක්කරේට දීල. කුඹුරේ කොටසක දැන් ශාන්තගේ අය පදිංචි වෙලා. මුදියන්සේ මාම මැරුනට පස්සෙ ලමයි ගම දාල ගියා. පංසල බලාගන්න වැඩේ ශාන්ත බාරගත්තෙ ආගම දහම විනාශ වෙන්න දෙන එක ලොකු පවක් කියල. මිදුල පුරා කුනු කදු ගොඩ ගහල. ශාන්ත නම් කියන්නෙ ගෙදර තව කාමරක් දෙකක් විකුනල හොද බිස්නස් එලල් පටං ගන්න කියල. 


ලොකු අයියගේ ලොකු පුතා ඒක හිතමින් ඔන්නව. ගමේ මිනිස්සු නම් කියන්නෙ මේ පාරනම් සිරිපාලගෙ පව්ලම ගොඩ යනවමයි කියල. කාමර දෙකක් එක්ක කුස්සියත් විකුනල දැම්මොත් වැඩේ ගොඩ දාගන්න බැරි වෙන එකක් නෑ කියල ඉස්කෝලෙ ගණන් මාස්ටරුත් කිව්ව. 


අන්තිම හුස්ම අදින ගමන්, රෙන්න කක්කුස්සියවත් ඉතුරු කර ගනින් කියල ගේ ඇතුලෙන් කව්දෝ කියනව ලාවට ඇහුන. 

නිමි 








රාවය යනරග