ගංවතුර බලන්න ඇමති තුමා අවාද ?
පසුගිය දිනවල ඇතිවූ ස්භාවික ආපදාවන් සමගම ජනතාව තමන්ගේ දුක සැප බැලීමට මැති ඇමතිවරුන් නොපැමිණි බවට චෝදනා කළ අතර දුක සැප බැලීමට පැමිණි මැති ඇමතිවරුන්ට ඉහල ප්‍රතිචාර ලැබුණි. කරවටක් ජලයේ බැස මාධ්‍ය සංදර්ශන පැවැත්වූ මැති ඇමතිවරු ඉහලින් වර්ණනා කරනු දක්නට ලැබිණ.
ලංකා වාසී ජනතාවගේ දේශපාලන දැනුම පිළිබඳව අවබෝධයක් මෙමගින් ලැබේ. ( පාසැල් අද්යපනයෙන් හෝ විශ්ව විද්‍යාලයෙන් දේශපාලන දැනුම ලබා නොදෙන නිසා දේශපාලන අවබෝධය හා අධ්‍යාපන මට්ටම අනුව කිසිදු සම්බන්ධයක් නැත) .
දේශපාලන නායකයන් යනු ඕපපාතිකව බිහිවන අය නොව අප අතරින්ම නිර්මාණය වන පිරිස්ය. එනම් බහුතර කැමැත්තට බිහිවන පිරිස්ය. බහුතර කැමැත්ත හොරෙකුට, මංකොල්ල කාරයෙකුට හෝ මාධ්‍ය සංදර්ශ පවත්වන්නේකුනම් ඔහු පාර්ලිමේන්තුවේ අසුනක් දිනාගනු ඇත. බහුතර කැමැත්ත උගත්, බොරු නොකියන, ප්‍රතිපත්ති ගරුක අයෙකුටනම් ඔහු පාර්ලිමේන්තුවේ අසුනක් දිනාගනු ඇත.
ඉහත ප්‍රස්ථාර සැලකීමෙන් පහත විස්තරය කියවමු.
එක් එක් කොටස් ඡන්දය භාවිත කරණ අයුරු. දළ වශයෙන්
අ : බඩු මල්ලට, දෙවියන්ගේ සලකුණ නිසා, ගෙදරට ආපු නිසා, මගේ ඡන්දය දෙන්න ඕන දිනන කෙනෙකුට
ආ : දෙමාපියන් ගේ පක්ෂය, රැකියාවක් බලාපොරොත්තුවෙන්, ගමේ මිනිහට, ළමය ඉස්ස්කොලේ දාගන්න, අපේ ආගම
ජාතිය රකින මිනිහ, ලගම හිතවතෙක්, ඉස්ස්කොලේ එකා , ගංවතුර කලේ සුපිරි වැඩක් දුන්න නිසා, රැල්ලට
ඇ : ප්‍රතිපත්ති කියවා , අධ්‍යාපන මට්ටම බලා, කලින් හැසුරුණු විධිය බලා, ජාතිවාදී ආගම්වාදී දැයි පරික්ෂාකර, ආර්ථික
ප්‍රතිපත්තිය බලා
ඉහත 'අ' හා 'ආ' කොටස් තමන්ගේ දුක සැප බැලීමට මැති ඇමතිවරුන් පැමිණෙන තුරු බලා සිටී. සහ මැති ඇමතිවරුන් බිහිවී සිටින්නේ 'අ' 'ආ' කොටස් වලින් බැවින් දුක සැප බැලීමට තමන් යා යුතු බව ඔවුන් සිතා සිටී.
කණගාටුවට කරුණ නම් අපේ රටේ ජනතාව 'අ' කොටස දෙසට වේගයෙන් ගමන් කිරීමයි.
මෙය දේශපාලනයට පමණක් අදාල නොවන අතර ජන මධ්‍ය ,රුවාහිනිය, ගුවන් විදුලිය, ගීත කලාව, නාට්‍ය කලාව, චිත්‍රපට එකී මෙකී හැම ශේත්රයකටම සීග්‍රයෙන් පැතිර යමින් සිටි.
මෙම ක්‍රියාවලිය අපි අකමැත්තෙන් හෝ බාරගත යුතුය, ඒ ඒ පුද්ගලයන් තීන්දු තීරණ ගන්නේ තමන්ට හැගෙන දැනෙනා හා අවබෝධ වන ප්‍රමාණයටය.
විසදුම : ඔබ අයත් වන්නේ සුළුතර 'ඇ' කොටසට නම් මේ සිටින්නේ ඔබ කැමති පාලකයෝ නොවේ, එක්ක්කෝ විදේශ ගත විය යුතුය, නැතිනම් ඉවසා සිටිය යුතුය, නැතිනම් ඊලග පරම්පරාව හෝ 'ඇ' කොටස දිශාවට තල්ලු කළ යුතුය. බහුතරයට කතාකිරීම පහසුය, දේවල් විකිනීමට පහසුය. නමුත් ඔවුන් 'ඇ' දිශාව වෙතට තල්ලු කිරීම ඉතාමත් අපහසුය.
ප.ලි
අමාත්‍යංශ පිහිටවා, ලේකම්වරු පත්කර , රට පළාත් , දිස්ත්‍රික්ක , ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ , ග්‍රාම නිළධාරී කොට්ඨාශ වලට වෙන් කර ඇත්තේ පහසුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කර ගැනීම සදහාය. කරවටක් ජලයේ බැස හෝ ළිදට බැස මළමිනී ගොඩට ගැනීම මැති ඇමතිවරුන්ගේ කාර්යන් නොවේ, මැති ඇමතිවරුන්ට වෙනත් කාර්යන් කිරීමට ඇත. කනගාටුව නම් මැති ඇමතිවරුන් බිහිවී සිටින්නේ 'අ' 'ආ' කොටස් වලින් බැවින් දුක සැප බැලීමට තමන් යා යුතු බව ඔවුන් සිතා සිටින අතර ඔව්න්ගේ සැබෑ කාර්ය භාරය නොහදුනයි.
"ඇ" කොටසෙන් බිහිවු දේශපාලකයෙක් ස්වභාවික ආපදාවෙන් දුකට පත්වූ ජනතාවගේ සැප දුක බැලීමට පැමිණීම හෝ එවැනි කටයුතුවලට උදව් කිරීම ඔබ දකින්නේ කවර ආකාරයෙන්ද... ?
ReplyDeleteවෙලාවක් තියෙනවනම් ආවට කමක් නෑ :)
Deleteමෙහෙමයි අපි ඔය කථාකරණ 'ඇ' කොටස රටේ බහුතරය වෙනවා කියන්නෙම ඔය වගේ මාධ්‍ය සංදර්ශන පවත්වන අය පාර්ලිමේන්තුවේ නෑ කියන එකයි. එහෙම අය හිටියත් එන්නේ නෑ මොකද, ආව මිනිස්සු ගනන් ගන්නැති නිසා.
ඔය දුක සැප හොයන එක හොදයි, ඊටත් වඩා හොදයි ගංවතුර වගේ දෙයක් අපහු ආවොත් මොකක්ද ගතයුතු ක්‍රියාමාර්ග කියල හොයල බලන එක සහ ඒ වෙනුවෙන් කාලය වෙන්කරන එක.
This comment has been removed by the author.
ReplyDelete