ලමයි දෙන්න වැල්ලෙ සෙල්ලම් කරන්න දාපු රත්නෙයි ආලියයි වෙරළ අයිනෙ තිබුන ගලක් උඩින් වාඩි උනා.
"රත්නේ පොඩ්ඩක් ඇහගහගෙන ඉන්න දන්නෙම නැතිව කොල්ලො දෙන්න මුහුදට යාවි"
එහෙම කියපු ආලියා රත්නපාල දිහාවට හැරුන.
"ගෙදර වැඩයි, ඔෆිස් එකේ වැඩයි මේ ලමයින්ගේ වැඩයි ඔක්කොම කරන්න බෑ රත්නෙ. දැන්නම් මගේ සීමාව පැනල තියෙන්නෙ".
"ඉතිං මොකද කරන්නෙ"
"වෙලාවකට හිතෙනව මේ රස්සාවෙන් අයින් වෙන්න"
"අස් වෙලා කොහොමද ? කොල්ලො දෙන්න ඉන්ටර්නැෂනල් දානකොටම මම කිව්වනෙ මගේ පඩියෙන් කරන්න බෑ කියල."
"හ්ම්"
"අනික ඔයාමනෙ කාර් එක අප්ග්‍රේඩ් කරන්න කියල කෑ ගැහුවෙ."
"හ්ම්, ඒවත් ඕනනෙ රත්නෙ, මතකද ගියපාර ට්‍රිප් එක ගිහින් උන දේ. අනිත් අයගේ වාහන අස්සෙ අපේ එක නවත්තල කොච්චර බයිට් උනාද"
"ඇයි ඔයාට කවුරුත් මොනවත් කිව්වද?"
"මොනවත් කිව්වෙ නැති උනාට බැලූ බැල්මට පේනවනේ අපේ එක පරණයි කියල, අනිත් එකෙ ඔයාගේ තත්වෙට ගැලපෙන්නෙ නෑ ඒ පරණ කාර් එක"
"මමත් උදෙන් නැගිටල ඔයාට උදව් කරන්නම්"
"රෑ දොලහට නිදාගන්න ඔයාගෙන් උදව් ගන්නෙ කොහොමද, ඔෆිස් එක ඔෆිස් එක, ඒකනෙ ඔයාට ලොකු, මම කියන්නද අපි ගෙදරට වැඩට කෙනෙක් ගමු. අපේ ගමෙන් කෙනෙක් හොයාගන්න පුලුවන්, මම අපේ මල්ලිට කියන්නද ?"
"කීයක් ගෙවන්නද ? අනික සර්වන්ට් රූම් එකේ වැඩ ඉවරත් නෑ"
"රත්නේ අන්න කොල්ලො දෙන්න මුහුද පැත්තට පෙරලෙනව"
------
"පාලිත, මම කොළඹ යනව" ලොකු වෙලාවක් කල්පනාවෙ ඉදපු සුද්දි කතාවක් පටන්ගත්ත
"කොළඹ මේ හදිසියේම, මොකද ?"
"මොකද කියන්නෙ... තමුසෙට හරි හමන් රස්සාවකුත් නෑ ලමයි හැදුවනම් උන්ට කන්න උගන්නන්න ඕන, අපරාදෙ මමත් අහු උනානෙ තමුසෙට, හරියට ඒලෙවෙල් කරානම් මමත් දැන් ලොකු රස්සාවක් කරනව, එහෙනම් හොදට පව්ල් කනව, මේ පොඩි උන් එක්ක සන්තෝසෙන් ඉන්නව"
"හරි හරි, මම තමුසෙට තිබ්බ ආදරේටනේ උස්සන් ආවේ, මොකෝ මම බලෙන් ගෙනාවයි, දැන් තමුසෙ කොහේද යන්නෙ. මොකටද කොළඹ යන්නෙ"
"කොළඹ නෝන කෙනෙකුගේ ගෙදර වැඩට, වැඩි වැඩක් නෑ පොඩි දෙන්න බලාගෙන කන්න උයන්න තියෙන්නෙ, මේ අව් කාට්ටකේ වැඩ කරනවට වඩා හොදයි ගෙයක් ඇතුලට වෙලා වැඩක් කරල කීයක් හරි හොයාගන්න එක"
"එතකොට ලමයි"
"ඇයි තමුසෙ"
"මට කෙල්ලො දෙන්නක් බලාගන්න පුලුවන්ද"
"බය වෙන්න එපා මම අම්මට කිව්ව අම්ම ඒවි මෙහේ නවතින්න, තමුසෙ ඒ මනුස්සයට කෑ කෝ නොගහ හිටියනම් ඇති"
"එතකොට තමුසෙග ලෙඩ ගානේ ඉන්න මහලොකු තාත්තත් මෙහේ එනවද"
"තමුසෙ බය නොවී ඉන්නව,තාත්තට නංගි කෑම දෙයි"
-----------------
"දූල දෙන්න ආච්චි කියන දේවල් අහගෙන ආච්චිට කරදර නොකර ඉන්න හොදේ, ආච්චිට වයසයි නේ.."
"එතකොට මට ඉස්කෝලෙ වැඩ කියල දෙන්නෙ කව්ද අම්මේ, අනේ අම්මේ යන්න එපා"
"මම මේ රට යනව නෙවෙයි නේ කොළඹ යන්නෙ ඉක්මනට එනව, එනකොට අලුත් ඇදුම් අරන්න එන්නම්"
"අනේ යන්න එපා අම්මේ"
සුද්දිගේ ඇස් වලට ආපු කදුලු හංගගෙන සුද්දි ඉක්මනට ගිහින් රත්නපාල මහත්තයයි, ආලියා නෝනයි ආපු කාර් එකට නැග්ග
"පුදුම අම්මල", සුද්දිගේ අම්ම කෙල්ලො දෙන්නගෙ අතින් අල්ලං තමන්ටන කියගන්න ගමන් ගේ ඇතුලට ගියා.
නිමි