ඇසට පෙනෙනදේ පරම සත්‍ය නම් විද්‍යාවේ ඵළය කිම !!
පොඩිකාලෙ "ආරම්භක විද්‍යාව" විෂයෙන් පටන්ගත්ත ශාස්ත්‍රීය ලෙස විද්‍යාව ඉගෙනිමේ ව්‍යයාපෘතිය ටික කාලෙකින් අලුත් විෂයක් විදියට "විද්‍යාව" කියල මාරු උනා. පළවෙනි දවසේ විද්‍යාව පන්තියට අපු අපේ සර් මුලින්ම මොකුත් නොකියම කලු ලෑල්ලේ "ඇසට පෙනෙනදේ පරම සත්‍ය නම් විද්‍යාවේ ඵළය කිම" කියල ලියල අපි දිහා බැලුවේ හරිම උජාරුවෙන්. පන්තියේ හිටිය එකෙකුටවත් තේරුනේ නෑ මොකක්කද මේ කියල. ඔන්න සර් ඒක තේරුම් කළේ මෙහෙමයි.
විද්‍යාව කියන්නේ ඇසට පෙනෙන දේ ගැඹුරින් විග්‍රහ කිරීම, ඒ කියන්නේ පරීක්ෂණ නිරීක්ෂණ මගින් නිගමන වලට පැමිණීම. එතකොට අපි ඇසට පෙනෙන දේ ඒ විදියටම විශ්වාස කරන්නැ ළමයි කියල තමය සර් විද්‍යාව කියන එක අර්ථ දැක්කුවේ.
එතකොට සර් ඔය ඇහැට පේන දේ බලාගෙන හිටියනම් මදිද කියල පන්තියේ හිටපු ආතල් පොරක් සර්ගෙන් ඇහුව, සර්ට පොඩ්ඩක් විතර මල පැන්නත් සර් ඒක විද්‍යත්මකවම පැහැදිළි කරන්න ගත්තෙ මෙහෙමයි.
දැන් ළමයි මිනිසාගේ මොළය හරි අමුතු දෙයක්, ඒක එන්න එන්නම වෙනස් වෙනවා, ඒක දිග කතාවක් කොටින්ම කියනවනම් මිනිහට නිකන් ඉන්න බෑ, එක එක දේවල් කරණව, එක එක දේවල් සොයාගන්නවා. මේ විද්‍යාවත් ඒවගේ මිනිසා බිහිඋන දා ඉඳන් එක එක විදියට වෙනස් කරණව. මේ විද්‍යාව නොයෙකුත් ක්ෂේත්‍ර වලට අදාලව දියුණු කරණව. ඉතින් මේ විද්‍යාව අනුසාරයෙන් නොයෙකුත් දේවල් මිනිසා සොයාගන්නවා.
රථවාහන, ගුවන් යානා , ඖෂධ , පරිගණක , ශීතකරණ , රෙදි සෝදන යන්ත්‍ර වගේ ගෘහස්ත උපකරණ, කෆීර් , මල්ටිබැරල් වගේ යුද උපකරණ වගේ නොයෙකුත් දේවල්
ඒවගෙන් දේවල් නිසා මිනිසාගේ එදිනෙදා වැඩ කටයුතු ගොඩාක් පහසු වෙනවා, වෙලාව ගොඩක් ඉතුරු කර ගන්නව ඒ විතරක් නෙවෙයි වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා මිනිසාගේ ආයු කාලයත් එන්න එන්නම වැඩි වෙනවා.
දැන් සර් ගේ කථාව ඉවරයි, දැන් අපේ සීයාගේ කථාව.
අපේ සීයට ළමයි 10 දෙනෙක් හිටිය, සීය රස්සාව වීදියට රබර් කිරි කපන එක. ඊට අමතරව කිතුල් මල් කපල පොඩි රා පාරක් ගහගෙන, කිතුල් පැණි ටිකක් එහෙම උණු කරගෙන, නිවාඩු පාඩු වෙලාවට වේවැලක් කපාගෙන ඇවිත් වට්ටියක් කූඩයක් වියල වගේ නොයෙකුත් දේවල් කරණව දවස ඇතුලත. සියා ගමන් බිමන් ගියේ බොහෝවේලාවට පයින් , එහෙම නැත්නම් පරණ පාපැදියෙන්, ආච්චිට ඉතින් ළමයි 10 දෙනාගේ වැඩ, ඊට අමතරව දර හොයන්න ඕන, සීය ගේන තෙලිජ්ජ වතුරටික පැණි කරන්න ඕන, නොයෙකුත් වැඩ. හැබැයි ඔය කුස්සියේ තියෙන කිසිම විද්‍යුත් උපකරණයක් ගෙදර තිබුන්න්නේ, කොටින්ම විදුළි බලයවත් තිබුනේ නෑ.
දැන් මගේ කථාව.
මම වැඩ කරන්නේ පුද්ගලික අංශයේ, ලංකාවේ කම්කරු නීතිය අනුව සතියකට පැය 45 වැඩ කරන්න ඕන, ඒ කියන්නේ දවසකට පැය 9. දල වශයෙන් උදේ 9 සිට සවස 6 වෙනකම්. ප්‍රයෝගිකව උදේ 9 සිට හවස 7 වගේ වෙනකම් වැඩේ ඇදෙනව. අර විද්‍යාව සර් කියල දීපු වැඩ පහසු කරණ උපකරණ වලින් මුලු ගේම පිරිලා, සැපට නින්ද යන්න සැප මෙට්ට , සැපට නාන්න උණුවතුර, රෙදිටික රෙදි සෝදන යන්තරයේ, ගෑස් කඩේට කෝල් කරපු ගමන් ගෑස් එක කුස්සියේ, ළිපට හයි කරලත් යනව, කුස්සියට ගියහම නොයෙකුත් විදිලි උපකරණ, පොල් ගාන්නේ , පොල් මිරිකන්නේ යන්ත්‍රයකින්, බත ගහන්නේ වෙනම යන්ත්‍රයකින් ( බත් උයන යන්ත්‍රයෙන් කොච්චර වැඩ පහසුවක් උණාද කියල නොදන්නා අයට : ඉස්සර බත උයන්න පේ වෙන්න ඕන , ඒක වෙනම වැඩක් මුලින් බත ළිපේ තියල ,බත උතුරණ වෙලාවට ළිපේ ගින්දර ඇදල, බත කූරු ගාල, බත ඉතුරුවට පස්සේ අඟුරු ටික විතරක් තියෙද්දී මද ගින්නේ බත පැහෙන්න තියන්න ඕන, ළිප ගින්දරත් ගානට බැලන්ස් කරන්න ඕන. නැත්නම් බත අටකුනා ගැහෙනවා) , වැඩට යන්නේ කාර් එකේ, රෙදි මදින්න පොල් කටු පුච්චන්න ඕන නෑ, මාලු , මස් ගේන්න කඩ ගානේ දුවන්න ඕන නෑ , සතියටම බඩු ගෙනත් නරක් නොවී ශීතකරණයේ දාල තියාගන්න පුළුවන්, යාලුවෙකුට , නෑ හිතමිතුරෙකුට පණිවිඩයක් දෙන එක ගැන හිතන්නවත් දෙයක් නෑ, ස්මාර්ට් ෆෝන් එක නිතරම අතේ, මම කොච්චර ආතල් එකේ ඉන්නවද කියල නෑ මිතුරන්ට පෙන්නන්න facebook එකේ ෆොටෝ එකක් දාන්න විතරයි තියෙන්නේ, දැන් ලිඳ ළග/නාන තොටේ , තොවිල් ගෙදර පම්පෝරි ගහන්න දෙයක් නේ ඒ වෙලාවත් ඉතුරුයි, facebook එකේ මගේ යාලුවෝ මම කොච්චර සතුටින් ඉන්නවද කියල දන්නවා. office ගියාම ඊටත් එහා පුටුවෙන් නැගිටින්න ඕන නෑ. ඔක්කොම ළගට ලැබෙනවා, වතුර නොබී ඉන්න පුළුවන්නම් දවල්ට කන්න නැගිට්ටම ඇති. සොෆ්ට්වෙයා ලියනවනම් සුපරි IDE තියෙනවා ඩොට් එක ගහන්න විතරයි ඕන, පාරක් හදනවනම් පට්ට යන්ත්‍ර , ගෙයක් ඩිසයින් කරනවානම් පට්ට මෘදුකානග, සිරා මහන මැෂින්, ගොයම් කපන යන්ත්‍ර , ඕනෑම ක්ෂේත්‍රයක වැඩ දැන් මාර ලේසියි.
පොඩි එකාගේ වැඩ පහසු කරන්න තවත් නොයෙකුත් උපකරණ, මේවා කියන්න ගියොත් කථාව ඉවර කරන්න වෙන්නෑ. ඒක නිසා ඔයාලම හිතාගන්න.
මගේ දවස ගෙවෙන්නෙ මෙහමයි
දවසෙන් පැය 9ක්/10ක් office වැඩ , දවසෙන් පැය 1.30 විතර උදේට office යන්න සුදානම් වෙන්න සහ හවසට ගෙදර ඇවිත් ඇඟ පත හෝදලා ඒ වැඩටික කරගන්න. office යන්න එන්න පාරටත් අඩුම පැය 1.30 වත් යනවා ,දැන් දළ වශයෙන් පැය 13ක් ඉවරයි. තව 11යි තියෙන්නේ ඒ වේලාවෙන් උදේට රෑට කන්න පොඩි වෙලාවක් අරින්න ඕන, ප්‍රයෝගිකව හිතල ලියල බැලුවොත් ඔය ඔක්කොටම, තමන්ගේ වැඩ ටික විතරක් කරගන්න avarage පැය 14 වත් යනවා,(වාහනේට තෙල් ගහන්න, හුලං ගහන්න , හෝදන්න , කොන්ඩෙ කපන්න , ඇඳුම් ගන්න කඩේ යන්න , අසනීප උනාම බෙහෙත් ගන්න , පොල් ඉවරයි කිව්වම කඩේ යන්න, meeting එකක් තිබුණම පොඩ්ඩක් වැඩිපුර office එකේ ඉන්න, office එකේ වැඩ ටික පොඩ්ඩක් හිර උනාම පැයක් දෙකක් වැඩියෙන් ඉන්න , බැංකු යන්න, ගෙයක් හදනවනම්.. ??? )
දැන් ඉතුරු වෙලා තියෙන්නේ පැය 10යි. දැන් තමයි අනිත් අය ගැන හොයන්න යන්නෙ, බිරිදට කොහොමද , බිරිද එක්ක කතාකරපු දවසක් මතක නෑ, පොඩි එකාට කොහොමද , පොඩි එකා එක්ක සෙල්ලමක්වත් දාන්න බැරි උනා හුග දවසකින් , අම්මට තාත්තට කොහොමද , ගෙදර අඩු පාඩු මොනවද , බාත්රූම් එකේ අඟල් දෙකක මඩ තට්ටුවක් දිනකට දෙපාරක්වත් හෝදන්න කියල පොතක තිබුණ නැත්නම් ලෙඩ හැදෙනවා, අසනීප වෙලා හිටපු මාමට කොහොමද, අරුගේ මල ගෙදර යනවද, අරුගේ මගුල් ගෙදර යන්න ඇඳුමක් ගත්තද, යකෝ අද නිදාගන්නේ නැද්ද, දොස්තර කිව්වා නේද දවසට පැය 8ක් වත් නිදාගන්න නැත්නම් මේ ඔලුවේ කැක්කුම හොද වෙන්නෑ කියල , අනිත් එක හෝමන සමතුලිත තාවය බිදිලා වෙන ලෙඩ එන්න පුලවන් කියල, අම්මටඋඩු දවසට අඩුම පැය 1/2 ක් වත් ඇවිදින්න කිව්ව නේද නැත්නම් අධි රුධිර පීඩනය, සීනි වගේ දේවල් හැදෙන්න පුලවන්, ක්ෂණික කෑම කන්නත් එපා කිව්වා යන්න ඕන ගමේ ගොඩේ කෑමක් ,පොළොස් ගෙඩියක් ගේන්න පොළ පැත්තේ. දැන් ඔය ඉතිරි වෙලා තියෙන පැය 10 ඇතිද. ආ සති අනන්තේ තියෙන්නේ එකටනේ, සති අන්තේ කරන්න තියෙන වැඩ ලිස්ට් එක ලිව්වොත් අපහු මේක ඉවර කරන්න වෙන්නෑ. ඇයි නිවාඩු තියෙන්නේ, අපි ඉතින් නිවාඩුවක් දන්නේ නිවාඩු පාඩුවේ ඉන්න නෙවෙයි වෙන වැඩක් කර ගන්නනේ.
ඔයි තමුසෙට පිස්සුද ගෙදර ඇවිල්ලත් computer එක බදාගෙන, ගෙදර ආපු වෙලාවේ ඉදන් පොතක් බදාගෙන, අදත් රෑ උනා නේ, දැන් හැමදාම පාටි office එකේ උන් හැමදාම අයින් වෙනවද , ෆිල්ම් බලනවා කියල ඔච්චර බලන්න ඕනද. ළමයට බෙහෙතක් විදින්න තියෙනවා ඩොක්ටර් චැනල් කරාද.
කෝ අර විද්‍යාව සර්, ඌ උජාරුවට කිව්වේ විද්‍යාව දියුණු උනාම අපේ වැඩ පහසු වෙනවා කියලා. කෝ යකෝ වැඩ පහසු උනාට පස්සේ ඉතුරු වෙච්ච වෙලාව ? "ඔබ තුමා කාලය කළමණාකරණය කරන විදිය වැරදියි" කියල උපදේශකයා උපදෙස් මාලාවක් දුන්න, අපරාදේ ඌ ට ගෙවපු සල්ලි.
මෙතන මොකක් හරි අව්ලක් තියෙනවා , විද්‍යාව කොච්චර දියුණු උනත් එකේ දියුණුවේ දිශාවේ අව්ලක් තියෙනවා. විද්‍යාවේ දියුණුව දිහාත් විද්‍යාත්මකව බලන්න කාළය හරි, තවත් බොරුවට ඇන්දෙන්න ඕනද ? තව ලෝකේ විද්‍යාව සිය දහස් ගුණයකින් වැඩි උණත් අපේ ජිවිත වලට කෙළ වෙනවා මිසක් හොදක් වෙන්නෑ. මේක සමහරු වැරදියට තේරුම් ගන්නව මම මේ කියන්නෙ අතීත කාමය ගැන කියල. ඉස්සර මිනිස්සු ආතල් එකේ හිටිය දැන් නෑ කියල එකක් නෙවෙයි, මිනිස්සුන්ට එක තැන ඉන්න ඉන්න බෑ ඒක නිසා නැවතිලා ඉන්න බෑ, මිනිස්සු දියුණු වෙනවා/ වෙනස් වෙනවා. එකේ දිශාව වෙනස් වෙන්න ඕන. එත් ඒක ගොඩක් අයට අදාල නෑ වගේ ඉන්නව , සමහරුන්ට තේරෙන්නෑ වගේ ඉන්නව, සමහරුන්ට තේරෙනවා එක එක විදියට උත්තර හොයනවා , සමහරුන්ට තේරිලා කරගන්න දෙයක් නැතිව ඉන්නවා ,සමහරු එක එක දේවල් කරනවා, පරිසරය සුරැකීමේ සංවිදාන හදනවා, වණ සතුන් ආරක්ෂා කිරීමේ සංවිදාන හදනව, කාන්තා විමුක්ති සංවිදාන හදනවා, මේවා ගැන සින්දු ලියනවා , චිත්‍රපටි හදනව. සමහරු ඒක ඉස්සරහට දාගෙන තවත් ගේමක් ගහනවා, ඒකත් විකුනම් කනවා, ඒක ඉතින් අව්ලක් නෑ, මොකද අන්තිමට හැමෝම අඩු වැඩි වශයෙන් ගේම් ගහන එක කරණ නිසා.
ඕක හරියටම තේරුම් ගත්ත පැහැදිළි කරපු දර්ශනිකයෝ , දේශපාලකයෝ හිටිය. ඒත් ඒකට උත්තරයක් හොයන්න කලින් මෙතන ප්‍රශ්නයක් තියෙනවද කියල තේරුම් ගන්න ඕන. එතකොට තමයි හරි උත්තරේ හොයන්න පුලුවන් වෙන්නෙ. ඉතින් අපි ඉස්සෙල්ල හිතල බලමු මෙතන අව්ලක් තියෙනවද කියල.
දැන් මට කියන්න තියෙන්නේ
ඇසට පෙනෙන විද්‍යාව පරම සත්‍යනම් දේශපාලන විද්‍යාවේ ඵළය කිම කියල තමයි
තව දිගට ලිව්වොත් උඹලට කියවන්න වෙලාවක් නැති වෙනවනේ, ඒක නිසා අමාරුවෙන් කෙටියෙන් ලිව්වා.
ගුරුතුමා , සියා සහ මම යනු ශාස්ත්‍රීය පණ්ඩිතයන් සහ නිශ්චිත නොවන (එක ලඟ වන හෝ නොවන) පරම්පරා දෙකක් බව කරුණාවෙන් සලකන්න
Hope that time taken by somebody else. :)
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete👍
ReplyDeleteමගේ ජීවන තත්ත්වය සීයාට පෙන්වා, සීයාගෙන් කමෙන්ටුවක් ගන්න තිබ්බානං සීයා හරියටම කියයි මොකක්ද මේ වෙන්නෙ කියල...
ReplyDelete👍👍👍
ReplyDeleteමගෙ කුඩා මොළේට ක්ලික්වුණු විදියටනම් තියෙන්නෙ විද්‍යාවෙවත් වෙන කෙහෙල්මලකවත් ප්‍රශ්නයක් නෙමෙයි, අපි හිතන විදියෙ සහ කරන දේවල් අතර පරස්පරතාවයක්.
ReplyDeleteඋදාහරණයක් විදියට අපේ රස්සාව ගමුකො. අපි ගොඩක් දෙනා මේක කරන්නෙ ජීවිතේ ගැටගහගන්න කීයක්හරි හොයාගන්න මිසක් සැබෑ ආසවකින් ඒකට පේවිලා නෙමෙයිනේ.. නමුත් ඒ විදියට කරන අයත් ඇති. ඉතින් ඒ අයට ඒ පැය නවය හෝ දහය කියන්නෙ ඒ දවස ඇතුළත තමන්ගෙ ජීවිතේ විඳින එක් කාල සීමාවක් වෙන්න ඇති.
රස්සාව විතරක් නෙමෙයි, අපි එදිනෙදා කරන හැම වැඩක්ම, ගත කරන හැම කාලයක්ම ජීවිතේ විඳවීමේ එකවුන්ට් එකට නැතිව විඳීමේ එකවුන්ට් එකට බැර කරගන්න පුලුවන්නම්, ඒක හොඳ විසඳුමක් වේවි.
හැබැයි ප්‍රශ්නයක්! තමන් අකමැති දෙයක් කොහොමද ජීවිතේ විඳීමක් කරගන්නෙ. ඒකටනම් ඉතින් කරන්න තියෙන්නෙ අපි බොරුවට බදාගෙන ඉන්න හෝ බලහත්කාරයෙන් අපි මත පටවලා තියෙන දෙයින් ඈත්වෙලා අපි කැමති දේවල් හොයාගෙන යන එකයි. එතකොට ජීවිතේ ඇත්තටම විඳින්න පුලුවන් වේවි නේද?
ප.ලි: පිටින් ඉඳගෙන සීයාගෙ ජීවිතේ දිහා බලලා උඹට ඔහොම හිතුණට කවුද බං දන්නෙ සීයාත් මේ මොන විකාර ජීවිතයක්ද කියලා හිතාගෙන ජීවත්වුනාද කියලා.. :-P
මගේ පොයින්ට් එක ඒක නෙවෙයි, මම කියන්නෙ විද්‍යාවේ දියුණුව අපිට එච්චර අදාලව වෙන්නෑ කියල
Deleteමම කිව්වේ නෑ සීයා පට්ට අතල් එකේ හිටිය කියල, මම කතාකරේ සීයට තිබ්බ වෙලාව ගැන
උඹ කියන විදියට ජීවිතේ කැමති දේවල් කරන්න නෙවෙයි අපිට උගන්නන්නේ , අපි ඉපදෙනකොටම කරන්න ඕන වැඩ ලිස්ට් එක හදල තියෙන්නේ, අවරුදු 5න් ඉස්කෝලේ , ඊට පස්සේ O /L ඊට පස්සේ A /L ඊට පස්සේ විශ්ව විද්‍යාල නැත්නම් රැකියා පුහුණුවක් , ඊට පස්සේ රස්සාවක් , ඊට පස්සේ කසාදයක් , ඊට පස්සේ ළමයි හදන්න , ඊටපස්සේ ළමයිගෙ වැඩ. මේ ලිස්ට් එකෙන් පිට යන උන්ට පිස්සෝ කියලත් කියනව සමහරු. අන්තිමට අපේ අන්තිම කාලේ ළමයි ට මේ ලිස්ට් එක කරගෙන යන්න බලකරනවා.
අපිට උගන්නනේ ජොබ් එකක් කරන්න මිසක් මේ බහුබූත ගැන හිතන්න , කතාකරන්න නෙවෙයි. උඹට මොකක් හරි බිස්නස් එකක් අයිතිනම් උඹ බලන්නේ කොහොමද මේකට මිනිස්සු වැඩට ගන්නේ කියල මිසක් , කොහොමද සිරා විවිධ අදහස් තියෙන මිනිස්සු ලෝකෙට බිහි කරන්නේ කියල නෙවෙයි කියලයි මට හිතෙන්නේ, එකේම දියුණු තත්වයක් තමයි අපේ මේ අද්‍යාපනය කියන්නේ කියලයි මට හිතෙන්නේ. ඒක තනි තනි මිනිස්සු හිතලම කරනවා කියල මම කියන්නෑ, හැබැයි එකේ දිශාව ඒක නේද.
කරණ රස්සාව ඇතුලේ අතල් ගන්න හරි , කෝච්චියේ ගෙවන පැය 2 කේ ආතල් ගන්න කියලනේ උඹ ඔය කියන්නේ. තව ඉතින් නොයෙකුත් ආයතනත් හදල තියෙනවා ඕකට, පොඩි ළමයි බලාගන්න තැන්, වැඩිහිටියෝ බලාගන්න තැන් , රක්ෂණ ආයතන , ඒවත් ඔය වගේ ප්‍රධාන අව්ලෙන් කෙල වෙන තැන් ගොඩ දාන්න හදපුව තමයි.
ඕක ගැන චින්තන ධර්මදාසත් ලියල තියෙනව මම දැක්ක http://c-u-l-t.blogspot.com/2016/10/blog-post.html
http://c-u-l-t.blogspot.com/2016/10/blog-post.html
Deleteඑකේ එක තැනක මෙහෙම කියනව
"අපි අපේ දවසෙ කාලෙන් වැඩිහරියක් ගත කරන්නෙ ඔෆිස් එකේ. නැත්තං වැඩකරන තැනක. හරියටම කිව්වොත් දවසෙ හොඳම වෙලාව ගත වෙන්නෙ එතන. සති අන්තයක් හෝ දවසෙ රෑ පැය කීපයක් ඇරුනම අපේ ජීවිතේ වැඩිහරියක් අපි ජීවත් වෙන්නෙ රස්සාව ඇතුලෙ. එතනදි ආදර සම්බන්ධයකින් ඒ සම්පූර්ණ කාලයටම වෙනස් විදිහක තේරුමක් දෙන්න පුළුවන්"
"කරණ රස්සාව ඇතුලේ අතල් ගන්න හරි , කෝච්චියේ ගෙවන පැය 2 කේ ආතල් ගන්න කියලනේ උඹ ඔය කියන්නේ."
Deleteනෑ.. ඒක නෙමෙයි.. මං කියන්නෙ කරන රස්සාව තමන් කැමති එකක් වෙන්න ඕනෙයි කියලා. මිරිස් වගාවක් දාලා, ඒවා සතිපතා පොළට ගෙනිහුන් විකුණලා ජීවත් වෙන එක උඹට සතුටින් කරන්න පුලුවන්නම්, කාර් එක වෙනුවට පුටාර් එක පුක ඉරාගෙන පදින එක උඹට සැපක්නම්, අන්න එතෙන්ටයි උඹ ඇණේ ගහන්න ඕනෙ.
(උඹ කියලා සඳහන් කළේ පුද්ගලිකව උඹවම නෙමෙයි. උඹ මම අපි හැමදෙනාම.) හැබැයි ඉතින් යථාර්තෙ මේ කතාවල්වලට වැඩිය ගොඩක් වෙනස්. අපි කරන්නෙ හෝ කරන්න සිද්ද වෙලා තියෙන්නෙ අපිට ඕනෙ දේවල්මද? අපි ඉන්නෙ හෝ ඉන්න සිද්ද වෙලා තියෙන්නෙ අපි කැමති අය එක්කමද?
හැබැයි ඉතින් ඔය දේවල් කඩාගෙන යන උන් ඉන්නව මේ ලෝකෙ. ඇත්තම කාරණේනම් උඹටත් මටවත් ශක්තියක් නෑ ඒ දේ කරන්න (පුද්ගලානුබද්ධ) නානාවිධ හේතූන් නිසා.
(ප.ලි: උඹේ පොයින්ට් එකෙන් තවත් දුර ගියා වෙන්නට පුලුවන්.)
මම මේ ලිව්වේ මම කරණ දේවත් කරන්න යන දේ වත් නෙවෙයි. මිනිස්සුන්ගේ (මම ඇතුළු) ජිවිත දිහා බැලුවම හිතෙන දේ. තව කෙනෙකුට මේක වෙන විදියට හිතෙනව ඇති. තව කෙනෙක් මේකම සිංදුවකින් කියල ඇති , ෆිල්ම් එකකට ගෙනත් ඇති, තවත් කෙනෙක් චිත්‍රයකින් මේකම කියල ඇති, සමහරු මේකට උත්තරත් දීල ඇති.
Deleteමම නම් හිතන්නෙ අනුන්ගෙ අවශ්‍යතා, සමාජයේ අවශ්‍යතා සෙරම තමන්ගෙ කරගන්නෙ නැතුව, තමාගෙ නියම උවමනාවන් අදුරගෙන ජීවත් වෙනවනම් මේ ප්‍රශ්න එතරම් අදාල වෙන්නෙ නැත.
ReplyDeleteඇඩ් අප්පා ගසමල හොඳ ගුරෙක් නෙවැ
ReplyDelete