මේ ළගදි මට මගේ පරණ යාලුවෙක් අහම්බෙන් හම්බුණා. මිනිහ ලස්සන කථාවක් කිව්වා.
"ඔන්න එක්තරා රටක, එක්තරා දේවාලෙක කපු මහත්තයෙක් ජයටම පූජාවන් කරනවලු. දවසක් කපු උන්නැහේ දේවාලෙට සුරතලේට ඇතිකරන්න පූස් පැටියෙක් ගෙනාවලු. කාලයක් ගතවෙනකොට කපු උන්නැහේට මේ පූසා මහ කරදරයක් වෙන්න පටන්ගත්තලු. මොකද පුජාවට අවශ්‍ය කළමණා සුදානම් කරලා කපු උන්නැහේ නාල කියල ලෑස්ති වෙනකොට අර පූස් තඩියා පූජා වට්ටියට සහ වටේ පිටේ තියෙන කළමණා වලට වැඩේ දෙනවලු. කොච්චර තඩි බෑවත් මේක මේ පුරුද්ද අතාරින්නෙම නැතිලු. පැටිය කාලෙම ඉඳල හදපු සතා නිසා මූව මරල දාන්නත් කැපුවට අප්සැට් ලු. ඉතින් කපුව කරන්නේ හැමදාම පුජාවට කලින් පුසව අල්ලල ගැට ගහනවලු දේවාලේ මේසෙ. ටික කාලයක් යනකොට පූසා ගැටගහන වැඩේ කපුවට සාමාන්‍ය දෙයක් උනාලු. ඔහොම කාලයක් ගතවෙනකොට කපුවා ටිකක් ඔත්පල වෙලා වැඩේ ගෙන කරගෙන යන්නත් අමාරු නිසා තව පොඩි කපුවෙක් ගත්තලු පුරුදු පුහුණු කරලා ගන්න වැඩේට. කාලයක් යනකොට පොඩි කපුවා වැඩේ හොදට කරගෙන යනවා. මුලින්ම පූජාවට අවශ්‍ය කළමණා සුදානම් කරලා , පුසාව මේසේ ගැටගහල නාල කියල පුජාව අපුරුවට කරනවලු. එක දවසක් හදිස්සියේම ලොකු කපු උන්නැහේ මළා. දැන් පොඩි කපුව තනියම වැඩේ කරනවා. දවසක් පූජාවට කළින් පුසාව මෙසේ ගැටගහන්න බලනකොට පූසත් මැරිලා. පොඩි කැපුවට හරිම දුකයි, මොකද, දැන් පූජාව කරන්න විදියක් නෑ. මේසේ ගැටගහන්න පූසෙක් කෝ දැන් ? පොඩි කපුවා ගම පුරාම හොයල යන්තම් පුසෙක් හොයාගෙන ආවා පූජාව කරන්න, දැන් හැමදාම පූජාවට කලින් මේ පොඩි කපුවා ගම පුරා ඇවිදලා කොහොමහරි පූසෙක් හොයාගෙන එනවලු "
මේක ඇහුවම මට මතක් උනේ අපේ ඉගැනුම් රටාව. කියන ඕනෑම දෙයක් , දකින ඕනෑම දෙයක් කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව හරි කියල හිතාගන්න හුරුවෙලා ඉන්න අපිත් දේවාලේ පොඩි කපුවා වගේ නේද ? පවතින දේ ප්‍රශ්න නොකරන තාක් ඒකට දියුණුවක් නෑ. ඔය ආගම් , කේන්දර , හොල්මන් , තව ඔය එක එක බහුබූත තවමත් මෙච්චර ඉතුරුවෙලා තියෙන්නෙ අපේ ඔය ඕනෑම දෙයක් විශ්වාස කරණ ගුණය නිසා. අර ලොකු කපුවා පූසා ගැට ගහන්නේ ඇයි කියල දන්නවා වගේ ඔය බහුබූත වැඩේ කරගෙන යන සෙට් එක කරියටම දන්නවා ඕවගේ යටින් වෙන්නේ මොනවද කියලා. (සමහර විට ඔය ආගම් ඇතුලු අනෙකුත් දේ කරණ සෙට් එකෙත් දැන් ඉතිරි වෙලා ඉන්නේ පොඩි කපුවො වෙන්නත් පුළුවන්).
පූජාව කරන්න කලින් "ඇයි කපු මහත්තයා මේ පුසව ගැටගහන්නේ ? " කියල ලොකු කපුවගෙන් එක පාරක් ඇහුවනම් බොරුවට ගම වටේ දුවන්න ඕන නෑ වගේ, අපිත් බොරුවට ගම වටේ දුවන්න කලින් පොඩ්ඩක් ඔය බහුබූත ප්‍රශ්න කලොත් හොදයි නේද ? මොකද නැත්නම් අපේ පොඩි උනුත් මැරෙනකම් පුසෝ හොයා හොයා ඉඳීවි ජිවිතේ ආතල් එකක් ගන්නේ නැතිව.
ප.ලි : ජීවිත කාලය පුරාවටම බොරුවට පූසා හොයන එක අතල් එක කරගත් අයට මෙය අදාළ නැත. හැබැයි ඊලග පරම්පරාව ඇයි පුසෙක් හොයන්නේ කියල ඇහුවම දෙන්න උතරයක් හොයාගෙන හිටියොත් හොදයි බොරුවට අලුත් පරම්පරාවට පිස්සු කියල මග අරින්නේ නැතිව.

මේ කොලමෙ තියන අදහසට සමාන අදහසක් ප්‍රකාශ කරන පොතක් තියනව OSHO ගෙ. පොතේ නම "අධ්‍යාපනය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්"
ReplyDeletehttp://archive.srilankamirror.com/news/10350-5-osho-discussion-books-launched-on-13th