ඒක අපේ සංස්කෘතියට ගැලපෙන්නෑ, අපේ කාලේ ඔය වගේ දේවල් තිබුනේ නෑ. අපි තුන් වේලටම බත් කාපු ජාතියක්. දැන් තියෙන්නේ මහා විකාර දේවල්, අපි ඕව කරේ ඔහොම නෙවෙයි ඕවට පේ වෙලා. අපේ කාලේ කෙල්ලෝ සිගරට් බිව්වේ නෑ, කලිසම් ඇන්දේ නෑ. අඩුම ගානේ පිරිමිවත් අරක්කු බිව්වේ නෑ. අපේ සිංහල සංස්කෘතිය අපි ආරක්ෂා කරගන්න ඕන. ඕක කෑවේ සුද්දෝ, ඒක කෑවේ අරුන්, ඒක කෑවේ මුන්. අපි තුන් වේලටම පන්සිල් ගත්ත ජාතියක්.
සංස්කෘතිය කියල නිශ්චිත දෙයක් තියෙනවද ? සංස්කෘතිය කියන්නේ ස්වභාව ධර්මයට පිටින් මිනිසා නිර්මාණය කරගන්නා සියළුම දේවල් වලට. එතකොට මේකට නිශ්චිත කාලයක් නෑ. දැන් මේ මොහොතේ ඔබ කරණ සියලුම දේවල් ඊලග මොහොතේ අපේ සංස්කෘතියට එකතු වෙනවා. මේක ලියන මමත් කියවන ඔබත් අලුතෙන් සංස්කෘතියට දේවල් එකතු කරමින් ඉන්නේ. අපි දැන් සංස්කෘතිය ආරක්ෂා කරගන්න උත්සාහ කරණ එකත් ඊලග මොහොතේ අපේ සංස්කෘතියට එකතු වෙනවා.
ඉතින් අපි ආරක්ෂා කරගන්න ඕන කවද තිබුණ සංස්කෘතියද ?
1500 ජනවාරි පළවෙනිදා ලංකාවේ තිබුණ සංස්කෘතියද? 1900 ජනවාරි පළවෙනිදා තිබුණ සංස්කෘතියද ? නැත්නම් 2000 ජනවාරි පළවෙනිදා තිබුණ සංස්කෘතියද ? නැත්නම් කාලය හරහා හරස්කඩක් අරගෙන තෝරාගත් කොටසක් අපහු එකතුකරලා හදාගන්න එකක්ද ? සංස්කෘතිය ආරක්ෂක කරගන්න ඕන කියල කියන කෙනා හරියටම ඒකත් කිව්වනම් තමයි හොඳ.
ගොඩක් ඉස්සර, රෙදි හොයාගන්න කලින් මිනිස්සු ඇන්දේ කොළ අතු, සත්තුන්ගේ හම්. එතකොට අපි ආරක්ෂා කරගන්න ඕන ඒ කාලේ සංස්කෘතියද ? කාලෙකට කලින් අපි කටු මැටි ගෙවල් වල හිටියේ එතකොට අපි රකින්න ඕන ඒකද ? අපිට කලින් පරම්පරාව facebook වගේ දේවල් පාවිච්චි කරේ නෑ. එතකොට අපි රකින්න ඕන ඒකද.අපි තුන් වේලටම පන්සිල් ගත්ත ජාතියක් වෙන්නේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට බුදු දහම ගෙනාවට පස්සේ නේද.
හැම තිස්සෙම වර්ථමාන පරම්පරාව කලින් පරම්පරාව විවේචනය කරනවා, බොහොම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් තමයි හරියටම වැඩේ තේරුම් ගන්නේ. අපේ අම්ම, තාත්ත මට කොච්චර බැනල තියෙනවද ඔය එක එක දේවල් කියල, සිංහල අව්රුද්ද දවසට තමයි වැඩිපුරම බැනුම් ඇහුවේ. මට මතකයි ආච්චියි සීයයි ඒ වගේම අපේ අම්මටයි තාත්තටයි බනිනවා, තොපි දන්නේ නෑ මේවා ආරක්ෂා කරගන්න කියල. දැන් මම මගේ පොඩි උන්ටත් බන්නින ඕනද ? පාසලේදීත් එහෙමයි, විශ්ව විද්‍යාලයේදීත් එහෙමයි, කලින් උන් හොදයි, අලුත් උන් නරකයි.
සංස්කෘතිය කිසිම වෙලාවක ආර්ථිකයෙන් එලියට දාල හිතන්න බෑ. මිනිස්සු දඩයම් කරලා කෑම හොයාගත්ත කලේ සංස්කෘතිය නිර්මාණය උන විදියට අද සංස්කෘතිය නිර්මාණය වෙන්නේ නෑ. ඒ කලේ මව මුලික වෙච්ච සමාජයක්, ළමයාගේ තාත්ත කව්ද කියල දන්නේ නෑ. තාත්තල සෙට් එක දඩයමේ ගිහින් එනවා දහ දෙනෙක් ගියොත් අපහු එන්නේ පහක් වෙන්න පුළුවන්. එතකොට ළමයින්ගේ වගකීම සාමුහිකයි. (මගේ කලින් http://gasamala.blogspot.com/2016/12/blog-post.html ලිපියත් මේකට සම්බන්ධ වෙනවා). වැඩිපුර සතෙක් මරාගත්තොත් ඉතුරු ටිකට කරන්න දෙයක් නෑ, ශීතකරණ නැති නිසා. එතකොට ගිනි මැලයක් ගහගෙන මරපු සතා පුච්චන් කනවා, ඒක ඉවරවෙනකම් කන්නත් එපැයි. නිකන් ඉන්න කම්මැලි නිසා පොඩි සින්දුවක් කියල නටල එහෙම ඉන්න වෙනවා. කෙටින්ම කියනවනම් ඒක සාදයක්.ඒ කාලේ සාදයක් කියන්නේ සාමාන්‍ය දෙයක් වෙන්න ඇති.
ඔය වගේ හොයල බැලුවොත් වහල් යුගේ, වැඩවසම් කාලයේ සංස්කෘතිය නිර්මාණය උනේ කොහොමද කියල හොයාගන්න පුල්වුන්. එතකොට තේරෙනවා සංස්කෘතිය නිකන්ම නිකන් ආරක්ෂා කරගන්නවත් නිර්මාණය කරගන්නවත් බෑ කියල.සංස්කෘතිය ගැන ආර්ථික ක්‍රමයෙන් එලියට ඇවිත් කථාකරන එක තේරුමක් නෑ.
රජ කාලේ සංස්කෘතිය හැදුනේ රජා සහ රට වැසියා අතර තිබුන නිෂ්පාදන සම්බන්ද තාවය එක්ක, එකෙත් ඕන තරම් දේවල් තියෙනවා ඔය වගේ සංස්කෘතියට එකතුවුණු දේවල්.
සංස්කෘතිය ගැන ආර්ථික ක්‍රමයෙන් එලියට ඇවිත් කථාකරන එකේ තේරුමක් නෑ කියන එක තේරුනේ නෙත්නම් මේක අපේ කාලෙට සම්බන්ද කරමු , අපි ජිවත් වෙන්නේ දඩයම් කරගෙන කාල නෙවෙයි, රජ කාලෙත් නෙවෙයි, වහල් සමාජයේ නෙවෙයි, අපි ජිවත් වෙන ක්‍රමයට කියන්නේ ධනේශ්වර ක්‍රමය කියලා. සරලව ගත්තොත් මේ ක්‍රමය යටතේ තමන් ජිවත් වෙන්න මොනවද කරන්නේ, සල්ලි හොයාගන්න මොනවද කරන්නේ කියන කාරණාව ඇතුලේ තමයි සංස්කෘතිය නිර්මාණය වෙන්නේ. මේ ක්‍රමය යටතේ ජිවත් වෙන්න ටිකක් මහන්සි වෙන්න ඕන, ක්‍රමය හැදිලම තියෙන්නේ අපි පුදුමාකාර පෙරේත,කෑදර මිනිස්සු බවට පත්වෙන විදියට. සල්ලි වලට තියෙන පෙරේත කම කියන්නේ මේ ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණයක්, අපි මහන්සි වෙන්නෙම සල්ලි හොයන්න, මැරෙනකම් කරන්නේ අද ජිවත් නොවී හෙට හොදට ඉන්න සුදානම් වෙන එක. ඉතින් අපි දවසේ පැය 24 ගෙවන්නේ කොහොමද කියන එක ඇතුලේ වර්ථමාන සංස්කෘතිය නිර්මාණය වෙනවා.
අපිට යාලුවෝ හම්බවෙන්න වෙලාවක් නෑ, එතකොට අපි facebook එකෙන් සෙට් වෙනවා. රස්සාවට යන්නේ කෝච්චියේ නම් ඒක ඇතුලේ අපි තවත් උප සංස්කෘතියක් හදාගන්නවා, උපන්දින සාදයන් , නත්තල් සාද, අවරුදු සාද, මේ ඔක්කොම කෝච්චියේ තියෙනවා. සමහරවිට ගෙදර ඉන්න බිරිදට අමතරව කෝච්චියේ පෙම්වතියක් ඉන්නවා, මොකද ගෙදරදී පෙම් කරන්න වෙලාවක් නැති නිසා. සතියටම උයන්නේ එක පාරයි, නැත්නම් දෙපාරයි, දෙමාපියන්ට සලකනවා කියන්නේ මාසෙකට සැරයක් රුපියල් කීයක්හරි යවන එකට. වැඩිහිටි නිවාස කියන්නේ සාමාන්‍ය දෙයක්. පොඩි ළමයි බලාගන්න වෙනම ආයතන තියෙනවා. ජිවිත රක්ෂණ තියෙනවා. කඩෙන් පාන් ගෙඩියක් ගෙනත් රෑට කනවා, නැත්නම් වෙන මොනවහරි ගෙනත් කනවා. එතකොට අර අපි තුන්වේලටම බත් කාපු ජාතියක් කියපු එක දැන් ආර්ථික ක්‍රමයට ගැලපෙන්නේ නෑ. ඔය කියන කාලේ මිනිස්සු කලේ ගොවිතැන් අනික ගොඩක් වෙලාවට දෙන්නම රස්සා කලේ නෑ. මල ගෙදරක යන්න වෙලාවක් නෑ,ගියා කියල වැඩකුත් නෑ. ඉස්සරනම් නිදිමරාගෙන ඉන්නවා, දැන් රස්සාවට යන්න ඕන නිසා නිදිමරන්න බෑ. කැව්ම් , කොකිස් හදන්න වෙලාවක් නෑ. අවරුදු මේසෙට කඩෙන් ගේනවා. ඉස්සර දෑවැද්දට අනිවාර්යෙන්ම මහන මැෂිමක් දෙනවා, ඉස්සර ගෙවල්වල රෙදි මහපු නිසා, දැන් රෙදි ගන්නේ කඩෙන් විතරයි. තව ටික කාලෙකින් කුස්සියත් නැති වෙලා යාවි.
ඉතින් සංස්කෘතිය ආරක්ෂා කරගන්නවා කියල දෙයක් නෑ, ඒක ම්නිස්සු හිත හදාගන්න කියන දෙයක්. තමන්ගේ හිතට අව්ලක් ආවම කලින් පරම්පරාවේ, කලින් සංස්කෘතියේ මේක හොදට තිබුන කියල හිතනවා. මේ ක්‍රමය ඇතුලේ අපි හැමෝටම කෙලවෙලා ඉන්නේ. ඉතින් සංස්කෘතිය වගේ දේවල් කතා කරලා පොඩ්ඩක් හිත හදාගන්නවා. සංස්කෘතිය කියන්නේ ආර්ථික ක්‍රමයේ අතුරු ප්‍රථිපලයක්. ඉතින් අපිට සංස්කෘතිය වෙනස් කරන්න බෑ. ඒකා කරන්න පුළුවන් ආර්ථිකය හරහාම විතරයි. ඔබට පුළුවන්නම් අලුත් යන්ත්‍රයක් නිර්මාණය කරන්න, ඊට පස්සේ ඒක හැමෝටම විකුනන්න ඊට පස්සේ ඒක වටා වෙනම සංස්කෘතියක් හැදේවි, හරියට විදුලි මෝටරය, වාෂ්ප ඇන්ජිම, පරිගණකය, facebook වගේ.
අපිට පුලුවන්නම් අනුන් ගැන හිතන සංස්කෘතියක් හදන්න.... හරියට මගේ ළමය, මගේ දෙමාපියෝ, මගේ , මගේ මගේ කියල හිතන්නතිව හැමෝම එකයි කියල හිතන්න පුලුවන්නම්. උදාහරණයක් විදියට තමන්ගේ ළමය ඉන්න පාසලේ ගින්නක් ඇතිවෙලා කියල අරන්චි උනාම දුවල ගිහින් තමන්ගේ ළමය හොයනවා වෙනුවට අතට අහුවෙන ළමයෙක් අරන් එලියට එන්න පුලුවන්නම්.. තව කව්රුහරි මගේ ළමය බේරගනියි කියල විශ්වාසයක් තියෙන සංස්කෘතියක් නම් මේක, ජිවත් වෙන්න කොච්චර ලේසිද
ඒක හදන්න ආර්ථිකය වෙනස් කරන්නම වෙනවා. ලාභ හොයන ගමන් අනුන් ගැන හිතන්නේ කොහොමද ? කරුණාව දයාව mix කරලා ලාභ හොයන්නේ කොහොමද ? බොරු නොකිය ජිවත් වෙන්නේ කොහොමද ලාභ හොයන ගමන්. ඉතින් අපි ඉන්නේ ලාභය අවසාන ප්‍රතිපලය කරගත්ත ආර්ථික ක්‍රමයක, මේකේ හැදෙන සංස්කෘතියත් එකටම ගැලපෙන්න තමයි තියෙන්නේ.
No comments:
Post a Comment