Saturday, December 24, 2016

කන්න දෙනවනම් අපට බොන්න දෙනවනම් මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ



ඒක අපේ සංස්කෘතියට ගැලපෙන්නෑ, අපේ කාලේ ඔය වගේ දේවල් තිබුනේ නෑ. අපි තුන් වේලටම බත් කාපු ජාතියක්. දැන් තියෙන්නේ මහා විකාර දේවල්, අපි ඕව කරේ ඔහොම නෙවෙයි ඕවට පේ වෙලා. අපේ කාලේ කෙල්ලෝ සිගරට් බිව්වේ නෑ, කලිසම් ඇන්දේ නෑ. අඩුම ගානේ පිරිමිවත් අරක්කු බිව්වේ නෑ. අපේ සිංහල සංස්කෘතිය අපි ආරක්ෂා කරගන්න ඕන. ඕක කෑවේ සුද්දෝ, ඒක කෑවේ අරුන්, ඒක කෑවේ මුන්. අපි තුන් වේලටම පන්සිල් ගත්ත ජාතියක්.

සංස්කෘතිය කියල නිශ්චිත දෙයක් තියෙනවද ? සංස්කෘතිය කියන්නේ ස්වභාව ධර්මයට පිටින් මිනිසා නිර්මාණය කරගන්නා සියළුම දේවල් වලට. එතකොට මේකට නිශ්චිත කාලයක් නෑ. දැන් මේ මොහොතේ ඔබ කරණ සියලුම දේවල් ඊලග මොහොතේ අපේ සංස්කෘතියට එකතු වෙනවා. මේක ලියන මමත් කියවන ඔබත් අලුතෙන් සංස්කෘතියට දේවල් එකතු කරමින් ඉන්නේ. අපි දැන් සංස්කෘතිය ආරක්ෂා කරගන්න උත්සාහ කරණ එකත් ඊලග මොහොතේ අපේ සංස්කෘතියට එකතු වෙනවා.

ඉතින් අපි ආරක්ෂා කරගන්න ඕන කවද තිබුණ සංස්කෘතියද ?

1500 ජනවාරි පළවෙනිදා ලංකාවේ තිබුණ සංස්කෘතියද? 1900 ජනවාරි පළවෙනිදා තිබුණ සංස්කෘතියද ? නැත්නම් 2000 ජනවාරි පළවෙනිදා තිබුණ සංස්කෘතියද ? නැත්නම් කාලය හරහා හරස්කඩක් අරගෙන තෝරාගත් කොටසක් අපහු එකතුකරලා හදාගන්න එකක්ද ? සංස්කෘතිය ආරක්ෂක කරගන්න ඕන කියල කියන කෙනා හරියටම ඒකත් කිව්වනම් තමයි හොඳ.

ගොඩක් ඉස්සර, රෙදි හොයාගන්න කලින් මිනිස්සු ඇන්දේ කොළ අතු, සත්තුන්ගේ හම්. එතකොට අපි ආරක්ෂා කරගන්න ඕන ඒ කාලේ සංස්කෘතියද ? කාලෙකට කලින් අපි කටු මැටි ගෙවල් වල හිටියේ එතකොට අපි රකින්න ඕන ඒකද ? අපිට කලින් පරම්පරාව facebook වගේ දේවල් පාවිච්චි කරේ නෑ. එතකොට අපි රකින්න ඕන ඒකද.අපි තුන් වේලටම පන්සිල් ගත්ත ජාතියක් වෙන්නේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට බුදු දහම ගෙනාවට පස්සේ නේද.

හැම තිස්සෙම වර්ථමාන පරම්පරාව කලින් පරම්පරාව විවේචනය කරනවා, බොහොම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් තමයි හරියටම වැඩේ තේරුම් ගන්නේ. අපේ අම්ම, තාත්ත මට කොච්චර බැනල තියෙනවද ඔය එක එක දේවල් කියල, සිංහල අව්රුද්ද දවසට තමයි වැඩිපුරම බැනුම් ඇහුවේ. මට මතකයි ආච්චියි සීයයි ඒ වගේම අපේ අම්මටයි තාත්තටයි බනිනවා, තොපි දන්නේ නෑ  මේවා ආරක්ෂා කරගන්න කියල. දැන් මම මගේ පොඩි උන්ටත් බන්නින ඕනද ? පාසලේදීත් එහෙමයි, විශ්ව විද්‍යාලයේදීත් එහෙමයි, කලින් උන් හොදයි, අලුත් උන් නරකයි.

සංස්කෘතිය කිසිම වෙලාවක ආර්ථිකයෙන් එලියට දාල හිතන්න බෑ.  මිනිස්සු දඩයම් කරලා කෑම හොයාගත්ත කලේ සංස්කෘතිය නිර්මාණය උන විදියට අද සංස්කෘතිය නිර්මාණය වෙන්නේ නෑ. ඒ කලේ මව මුලික වෙච්ච සමාජයක්, ළමයාගේ තාත්ත කව්ද කියල දන්නේ නෑ. තාත්තල සෙට් එක දඩයමේ ගිහින් එනවා දහ දෙනෙක් ගියොත් අපහු එන්නේ පහක් වෙන්න පුළුවන්. එතකොට ළමයින්ගේ වගකීම සාමුහිකයි. (මගේ කලින් http://gasamala.blogspot.com/2016/12/blog-post.html ලිපියත් මේකට සම්බන්ධ වෙනවා). වැඩිපුර සතෙක් මරාගත්තොත් ඉතුරු ටිකට කරන්න දෙයක් නෑ, ශීතකරණ නැති නිසා. එතකොට ගිනි මැලයක් ගහගෙන මරපු සතා පුච්චන් කනවා, ඒක ඉවරවෙනකම් කන්නත් එපැයි. නිකන් ඉන්න කම්මැලි නිසා පොඩි සින්දුවක් කියල නටල එහෙම ඉන්න වෙනවා. කෙටින්ම කියනවනම් ඒක සාදයක්.ඒ කාලේ සාදයක් කියන්නේ සාමාන්‍ය දෙයක් වෙන්න ඇති.

ඔය වගේ හොයල බැලුවොත් වහල් යුගේ, වැඩවසම් කාලයේ සංස්කෘතිය නිර්මාණය උනේ කොහොමද කියල හොයාගන්න පුල්වුන්. එතකොට තේරෙනවා සංස්කෘතිය නිකන්ම නිකන් ආරක්ෂා කරගන්නවත් නිර්මාණය කරගන්නවත් බෑ කියල.සංස්කෘතිය ගැන ආර්ථික ක්‍රමයෙන් එලියට ඇවිත් කථාකරන එක තේරුමක් නෑ.

රජ කාලේ සංස්කෘතිය හැදුනේ රජා සහ රට වැසියා අතර තිබුන නිෂ්පාදන සම්බන්ද තාවය එක්ක, එකෙත් ඕන තරම් දේවල් තියෙනවා ඔය වගේ සංස්කෘතියට එකතුවුණු දේවල්.

සංස්කෘතිය ගැන ආර්ථික ක්‍රමයෙන් එලියට ඇවිත් කථාකරන එකේ තේරුමක් නෑ කියන එක තේරුනේ නෙත්නම් මේක අපේ කාලෙට සම්බන්ද කරමු , අපි ජිවත් වෙන්නේ දඩයම් කරගෙන කාල නෙවෙයි, රජ කාලෙත් නෙවෙයි, වහල්  සමාජයේ  නෙවෙයි, අපි ජිවත් වෙන ක්‍රමයට කියන්නේ ධනේශ්වර ක්‍රමය කියලා. සරලව ගත්තොත් මේ ක්‍රමය යටතේ තමන් ජිවත් වෙන්න මොනවද කරන්නේ, සල්ලි හොයාගන්න මොනවද කරන්නේ කියන කාරණාව ඇතුලේ තමයි සංස්කෘතිය නිර්මාණය වෙන්නේ. මේ ක්‍රමය යටතේ ජිවත් වෙන්න ටිකක් මහන්සි වෙන්න ඕන, ක්‍රමය හැදිලම තියෙන්නේ අපි පුදුමාකාර පෙරේත,කෑදර මිනිස්සු බවට පත්වෙන විදියට. සල්ලි වලට තියෙන පෙරේත කම කියන්නේ මේ ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණයක්, අපි මහන්සි වෙන්නෙම සල්ලි හොයන්න, මැරෙනකම් කරන්නේ අද ජිවත් නොවී හෙට හොදට ඉන්න සුදානම් වෙන එක. ඉතින් අපි දවසේ පැය 24 ගෙවන්නේ කොහොමද කියන එක ඇතුලේ වර්ථමාන සංස්කෘතිය නිර්මාණය වෙනවා.

අපිට යාලුවෝ හම්බවෙන්න වෙලාවක් නෑ, එතකොට අපි facebook එකෙන් සෙට් වෙනවා. රස්සාවට යන්නේ කෝච්චියේ නම් ඒක ඇතුලේ අපි තවත් උප සංස්කෘතියක් හදාගන්නවා, උපන්දින සාදයන් , නත්තල් සාද, අවරුදු සාද, මේ ඔක්කොම කෝච්චියේ තියෙනවා. සමහරවිට ගෙදර ඉන්න බිරිදට අමතරව කෝච්චියේ පෙම්වතියක් ඉන්නවා, මොකද ගෙදරදී පෙම් කරන්න වෙලාවක් නැති නිසා. සතියටම උයන්නේ එක පාරයි, නැත්නම් දෙපාරයි, දෙමාපියන්ට සලකනවා කියන්නේ මාසෙකට සැරයක් රුපියල් කීයක්හරි යවන එකට. වැඩිහිටි නිවාස කියන්නේ සාමාන්‍ය දෙයක්. පොඩි ළමයි බලාගන්න වෙනම ආයතන තියෙනවා. ජිවිත රක්ෂණ තියෙනවා. කඩෙන් පාන් ගෙඩියක් ගෙනත් රෑට කනවා, නැත්නම් වෙන මොනවහරි ගෙනත් කනවා. එතකොට අර අපි තුන්වේලටම බත් කාපු ජාතියක් කියපු එක දැන් ආර්ථික ක්‍රමයට ගැලපෙන්නේ නෑ. ඔය කියන කාලේ මිනිස්සු කලේ ගොවිතැන් අනික ගොඩක් වෙලාවට දෙන්නම රස්සා කලේ නෑ. මල ගෙදරක යන්න වෙලාවක් නෑ,ගියා කියල වැඩකුත් නෑ. ඉස්සරනම් නිදිමරාගෙන ඉන්නවා, දැන් රස්සාවට යන්න ඕන නිසා නිදිමරන්න බෑ. කැව්ම් , කොකිස් හදන්න වෙලාවක් නෑ. අවරුදු මේසෙට කඩෙන් ගේනවා. ඉස්සර දෑවැද්දට අනිවාර්යෙන්ම මහන මැෂිමක් දෙනවා, ඉස්සර ගෙවල්වල රෙදි මහපු නිසා, දැන් රෙදි ගන්නේ කඩෙන් විතරයි. තව ටික කාලෙකින් කුස්සියත් නැති වෙලා යාවි.


ඉතින් සංස්කෘතිය ආරක්ෂා කරගන්නවා කියල දෙයක් නෑ, ඒක ම්නිස්සු හිත හදාගන්න කියන දෙයක්. තමන්ගේ හිතට අව්ලක් ආවම කලින් පරම්පරාවේ, කලින් සංස්කෘතියේ මේක හොදට තිබුන කියල හිතනවා. මේ ක්‍රමය ඇතුලේ අපි හැමෝටම කෙලවෙලා ඉන්නේ. ඉතින් සංස්කෘතිය වගේ දේවල් කතා කරලා පොඩ්ඩක් හිත හදාගන්නවා. සංස්කෘතිය කියන්නේ ආර්ථික ක්‍රමයේ අතුරු ප්‍රථිපලයක්. ඉතින් අපිට සංස්කෘතිය වෙනස් කරන්න බෑ. ඒකා කරන්න පුළුවන් ආර්ථිකය හරහාම විතරයි.  ඔබට පුළුවන්නම් අලුත් යන්ත්‍රයක් නිර්මාණය කරන්න, ඊට පස්සේ ඒක හැමෝටම විකුනන්න ඊට පස්සේ ඒක වටා වෙනම සංස්කෘතියක් හැදේවි, හරියට විදුලි මෝටරය, වාෂ්ප ඇන්ජිම, පරිගණකය,  facebook වගේ.

අපිට පුලුවන්නම් අනුන් ගැන හිතන සංස්කෘතියක් හදන්න.... හරියට මගේ ළමය, මගේ  දෙමාපියෝ, මගේ , මගේ මගේ කියල හිතන්නතිව හැමෝම එකයි කියල හිතන්න පුලුවන්නම්. උදාහරණයක් විදියට තමන්ගේ ළමය ඉන්න පාසලේ ගින්නක් ඇතිවෙලා කියල අරන්චි උනාම දුවල ගිහින් තමන්ගේ ළමය හොයනවා වෙනුවට අතට අහුවෙන ළමයෙක් අරන් එලියට එන්න පුලුවන්නම්.. තව කව්රුහරි මගේ ළමය බේරගනියි කියල විශ්වාසයක් තියෙන සංස්කෘතියක් නම් මේක, ජිවත් වෙන්න කොච්චර ලේසිද

ඒක හදන්න ආර්ථිකය වෙනස් කරන්නම වෙනවා. ලාභ හොයන ගමන් අනුන් ගැන හිතන්නේ කොහොමද ? කරුණාව දයාව mix කරලා ලාභ හොයන්නේ කොහොමද ? බොරු නොකිය ජිවත් වෙන්නේ කොහොමද ලාභ හොයන ගමන්. ඉතින් අපි ඉන්නේ ලාභය අවසාන ප්‍රතිපලය කරගත්ත ආර්ථික ක්‍රමයක, මේකේ හැදෙන සංස්කෘතියත් එකටම ගැලපෙන්න තමයි තියෙන්නේ. 

Monday, December 5, 2016

පිං පුරන හිතක් පව් නොදුටු අතක් යුධ බිමට ගියේ කෙලෙසා



ඒක කරන්න එපා ඒක නරක වැඩක් , ඒක කරන්න ඒක හොඳ වැඩක්, මොකක්ද මේ හොඳ වැඩ නරක වැඩ කියන්නේ ? මේ ලෝකේ නිරපේක්ෂ හොඳ නරක කියල දෙයක් තියෙනවද?  නෑ එහෙම දෙයක් නෑ.

මල ගෙදරක යන එක හොඳද ?
මිනී මරණ එක හොඳද නරකද ?
සතුන් මරණ එක හොඳද ?
හොරකම් කරණ එක හොඳද  නරකද?
දෙමාපියන්ට සළකන එක හොඳද නරකද ?
වැඩිහිටියෙකුට බස් එකට නැග්ගම ආසනයක් දෙන එක හොඳද නරකද ?

එතකොට කොහොමද මේවා හොදයි මේවා නරකයි කියල වෙන් කරගන්නේ.

ඒක අපිට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමාජයක් විදියට හදාගන්න සම්මුතීන් තමයි හොඳ නරක කියල කියන්නේ. මේක හොඳ දෙයක් කියල මුළු සමාජයක් පිළිගත්තට පස්සේ හරි බලෙන් පිළිගන්නුවට පස්සේ හරි ඒක හොඳ දෙයක් කියල සමාජයේ තහවුරු වෙනවා. මේ හොඳ/නරක කාලයත් එක්ක වෙනස් වෙනවා වගේම සමාජය පාලනය කරණ ආයතනයෙන් (ලංකාවෙනම් මේ මොහොතේ ධනේශ්වර ආණ්ඩුව) මේක නීතියත් එක්ක ගැට ගහන අතර ආගම් වලින්,වෙන වෙන සංවිධාන වලින් මේක වෙනස් විදියකට සමාජගත කරනවා. එතකොට හොඳ නරක දෙවිදියකට ක්‍රියාත්මක වෙනවා.

නීතියෙන් පාලනය වන හොඳ නරක
සදාචාරයෙන් පාලනය වන හොඳ නරක

මේකෙන් උඩින් තියෙන්නේ නීතිය, මොන ආගමෙන් මොන සංවිධානයෙන් හොඳ නරක තහවුරු කරන්න හැදුවත් අන්තිමට ඒ ඔක්කොම නීතියට යටත්.සංවිධානයට කොච්චර සමාජ බලයක් තියෙනවද නැද්ද කියන එක අනුව අළුත් නීති සමාජගත කරනවද නැද්ද කියන එක තරමක් දුරට පාලනය කරන්න පුළුවන්.

එතකොට අපි මේ මොහොතේ හොදයි කියල හිතන් ඉන්න දේවල් ඔක්කොම ඉතිහාසයේ ඉඳන් ටික ටික සමාජ ගතවෙලා ඊට පස්සේ ඒවා නීති ගත වෙච්ච දේවල්, එහෙම නැත්නම්  මුලින් නීති ගත වෙලා ටික කාලයක් යනකොට සමාජ ගත වෙච්ච දේවල්. එහෙමත් නැත්නම් නීතිගත නොවෙච්ච සමාජ සම්මුතීන් ටිකක්. එතකොට මේ නීති සම්පාදනය කරනවා කියන්නේ , හොඳ නරක තහවුරු කරනවා කියන එකටයි.

නීතියක් අලුතෙන් හදනකොට එය නිර්මාණය කරන්න මැදිහත් වෙන කණ්ඩායම හිතන විදිය බලපානවා. උදාහරණයක් විදියට ගත්තොත් ඔබ මෝටර් රථයකින් ගමන් කරණ කෙනෙක් නම් ඔබ හිතාගෙන ඉන්නේ පාරේ යන්න අමාරු ත්‍රීරෝද රථ නිසා කියල ඔබට නීතියක් හදන්න බලයක් ලැබුනම ඔබ කරන්නේ ත්‍රීරෝද රථ අඩුකරන්න පුළුවන් තරම් තද නීතියක් දාන එක. ඔබ මොකක් හරි ව්‍යපාරයක් කරනවානම් ඔබට පොඩි පොඩි ව්‍යපාර වලින් කරදරනම් ඔබ කැමතියි ලොකු බද්දක් හදුන්වල දෙන්න, මොකද එතකොට පොඩි පොඩි ව්‍යපාර කරගෙන යන්න අමාරුයි.

අපහු ප්‍රදාන මාතෘකාවට ගියොත්, මිනී මරණ එක හොඳද නරකද ?
සමස්තයක් විදියට ගත්තම මේක නරකයි කියල තහවුරු වෙලා තියෙනවා. මිනිස්සු විතරක් නෙවෙයි සතුන් මරණ එක පවා නරක දෙයක් විදයට සමාජගත වෙලා තියෙනවා. එත් කලින් කිව්වා වගේ ලොකු සමාජ බලවේග වලට පුළුවන් මේක වෙනස් කරගන්න. හරියට ලංකාවේ යුද්දේ තියෙන කලේ මිනිස්සු මරණ එක අව්ලක් නැති දෙයක් කියල සමාජ ගත වෙනවා වගේ. සතුන් මරණ එකත් ලොකු වරදක් විදියට පිළිගන්න ආගම් වලින් පවා ඒවාට අනුබල ලැබුන. යුද්දේ ඉවර උනා විතරයි මදුරුවෙක් මරණ එකත් ලොකු වරදක් කියල අපහු ඒ ගොල්ලොම කියන්න ගත්ත.

හොරකම් කරණ එක හොඳද  නරකද?. මේකත් හරි අමුතු විදියට පහුගිය කාලෙ කතාකරනවා ඇහුන. "වැඩක් කරනවානම් හොරකම් කලත් මොකද" ඕක මට නිතරම ඇහිච්ච දෙයක්. ඕකත් දැන් සමාජගත වෙලා කියලයි මට හිතෙන්නේ. මිනිස්සු විදියට අපි "නෑ කිසිම හේතුවක් මත හොරකම් කරන්න දෙන්න බෑ" වගේ දෙයක් සමාජගත කරානම් කොච්චර හොදද.

වැඩිහිටියෙකුට බස් එකට නැග්ගම ආසනයක් දෙන එක හොඳද නරකද ? සමාජයේ නොහැකියාව මත හැදිච්ච හොද නරකත් තියෙනවා. හැමෝටම වාඩිවෙලා යන්න අසන නැති නිසා සහ හිටගෙන ගියොත් බෙල්ල කැඩෙන නිසා හැදිච්ච හොදක් තමයි මේක. බස් වලට මිනිස්සු ගන්නේ ආසන ගානට උනානම් මෙහෙම දෙයක් අපි දන්නෙවත් නෑ.

සතුන් මරණ එක හොඳද ? ඕකත් මහ අමුතු විදියට හොදයි නරකයි කියල සමාජගත වෙච්ච දෙයක්. ලංකාවෙනම් හරක් ඇරෙන්න අනිත් සත්තු මරණ එකට ලොකු විරොදයක් නෑ. ඉන්දියාවේ නම් හරකෙක් මැරුවොත් ඉවරයි. ලංකාවේ පෝය දවසට මස් නෑ මාළු තියෙනවා. සතුන් මරණ එකනම් ලංකාවේ  ඉතාම සංකීර්ණ විදියට තහවුරු වෙලා තියෙන්නේ. පොඩි ළමයෙකුට ඕක තේරුම් කරලා දෙන්න පුලුවන්ද ? හරක් මස් නරකයි, කුකුල් මස් හොදයි, පෝයට බිත්තර හොද නෑ. පෝයට කුකුල් මස්වත් හොද නෑ. මාළු කවදත් කෑවට අව්ලක් නෑ, සොසේජස් හොදයි.....

දෙමාපියන්ට සළකන එක හොඳද නරකද ? ලංකාවේ මේක ඉතාමත් හොද දෙයක්.

මල ගෙදරක යන එක හොඳද ? ලංකාවේ මේක ටික ටික වැඩක් නැති දෙයක් බවට පත් වෙමින් යනවා.

ඔයවගේ දේවල් සමාජගත උනාම ඒකට විරුද්දව කථාකරන මිනිස්සු ක්‍රම විරෝදීන් බවට පත්වෙනවා. හරියට ඇන්ටි කියන එක තහවුරු උනාම ආන්ටි කියන එක විහිළුවක් වෙනවා වගේ. සමහරු ඒක ඔය රැල්ලට යන තේරුමක් නැති දෙයක් විදියට සලකනවා. සමහරු මම එක පැත්තකටවත් නෑ කියල ඉන්නවා. ඒත් එක පැත්තකටවත් නෑ කියන්නේ ආපහු වක්‍රව බහුතරය පිළිගන්නවා කියන එකටයි. මොකද බහුතර මතය තමයි අන්තිමට ක්‍රියාත්මක වෙන්නේ. ඔබ මිනිසුන් මරණ එකට විරුද්දනම් යුද්දේ වෙලාවේ එක පැත්තකටවත් නැතිව හිටියනම් අන්තිමට මොකද වෙලා තියෙන්නේ ?

නිකන් ඉන්න වෙලාවක හිතන්න....

දෙමාපියන්ට සලකන එක හොදයි කියල ලංකාවේ සමාජයෙන් කිව්වට ඒකට නීතියක් නැත්තේ මොකද ? ළමයින්ට උගන්නන එක සමාජයෙන් හොඳ දෙයක් කියල පිළිගන්න අතර ඒකට නීතියක් තියෙන්නේ මොකටද ? ඇයි පෝය දවසට බාර් වහන්නේ ?

Wednesday, November 9, 2016

සොදුරිය කාලය කොතරම් නපුරුද?

සොදුරිය කාලය කොතරම් නපුරුද?

----------------------------------------------------

"ඔය වයිපර් එක ඕෆ් කරන්න දැන් වැහැල ඉවරයි".

ගොඩ වෙලාවකට පස්සේ ආලියා කට ඇරියේ. ඇත්ත නේන්නම් දැන් වැස්ස නැවතිලා රත්නපාල ආලියා දිහා හීනියට බලල වයිපර් එක ඕෆ් කළා.

"මොකද, ඔයාට මහන්සිද ?" රත්නපාල කටහඩ අවදිකලා.

"ආයේ මට ඔයාලගේ ෆැමිලි එකේ පාටි වලට කථා කරන්න එපා" ආලියා ඉන්නේ මොකක් හරි අව්ලකින් වෙනදට කට වහගන්න කියනකම් කාර් එක දෙවනත් වෙන්න හිනා වෙනව. පාටි එකට ආපු අයගේ විස්තර තොර තෝංචියක් නැතිව කියවනව. "ඔයාලගේ ලොකු නැන්දා පුදුම ගෑනියෙක් , අනුන්ගේ මගුල් විතරමයි හොයන්නේ"

"ඇයි මොකද උනේ ? මොනවද ලොකු නැන්ද කිව්වේ ?"

"එයා කියනවා දන්න තැනක් තියෙනවලු, එතන හොද විශ්වාසවන්ත තැනක්ලු. අඩප්ෂන් ඇක්ට් එකේ විදියටම හරිටම එතන වැඩ කරනවලු, එයාට පිස්සුද අනේ, අපි ළමයෙක් හදන්නේ අපිට ඕන කාලෙක එයාට මොකටද අපි ජිවිතේ දේවල්. මගේ ඩිග්රි එක ඉවරවෙනකම් ඉමු රත්නේ මම හරි අසාවෙන් මේක කරන්නේ. මම ජිවත් වෙන්නෙ මට ඕන විදියට"

"ඉතින් ඔයා මොකද කිව්වේ ? "

"මොනවා කියන්නද, ඒගොල්ලෝ හිතන් ඉන්නේ මම වඳ ගෑනියෙක් කියල, මතකනේ ගිය අව්රුද්දෙ අශාන්ගේ වෙඩින් එක දවසේ මට ඔය දොස්තරලගේ විස්තරයි, දේවාල වල විස්තරයි වෙඩින් එක ඉවර වෙනකම් කියෙව්වේ. අම්මප මම අද එන්නෑ  ඔයාලගේ ලොකු නැන්දත් මේකට එනවා කියල කලින් දන්නවනම්.

කලින් අපේ ලොකු අම්ම, බදිනකම් එක එක කථා කිව්වා, කෙල්ලෙක් උනාම හරි වයසෙදි කසාද බදින්න ඕන, නැත්නම් මට උන දේ තමයි වෙන්නේ, එයාට බදින්න බැරි උනේ වයස ගිය නිසාලු, ආච්චිලට කිසි උවමනාවක් තිබුණේ නැතිලු එයාව බන්දල දෙන්න, අපරාදේ මගේ ස්කෝල් එකත් අතැරලා දාල මැරි කළේ, මම හිතුවේ බැන්දට පස්සෙවත් මේ කථා නවතීවි කියල, ඒපාර ඔයාලගේ ලොකු නැන්දා"

"කාටවත් ඕන විදියට අපිට ජිවත් වෙන්න බෑ ආලියා, ඔයා ඕව ගණන් ගන්න ඒපා. අපි ඔයාගේ ඩිග්රි එක ඉවර වෙනකම් ඉමු, තව සෙමිස්ටර් තුනයි නේද තියෙනෙ"

"ගණන් නොගෙන කොහොමද රත්නේ, ඔයාලගේ අම්මත් මගෙන් කීප දවසක් ඇහුව. මටනම් දැන් ඇතිවෙලා, කොහෙද ඉතින් ඔයාට මේ ලංකාවම බදාගෙන ඉන්න ඕනනේ, ඕස්ට්‍රලියාවට ගියානම් අපේ පාඩුවේ ඉන්නවා ඔය මොකෙක්වත් හම්බෙන්නෙත් නෑ"

"ගේට් එක අරින්න බබා"

ආලියා මහා හයියෙන් කාර් එකේ දොර වහගෙන බැහැල ගියා.


-------------------------------------------------------------

"මෙන්න මගෙන් පුංචිම පුංචි තෑග්ගක්"  ලොකු නැන්ද ගෙට ගොඩවෙන්නත් කලින්ම තෑග්ග රත්නපලගේ අතට දුන්නා.

"මෙහේ ලොකු නැන්දේ මේ කාමරේ, ආලියා බලන්න කව්ද ඇවිත් ඉන්නේ කියලා..."

"ආනේ ලොකු නැන්ද..., චුටිය දැන් නිදාගත්තේ නැන්දේ, ඊයේ මුලු දවසෙම ඇහැරිලා අඩනවා ඉවරයක් නෑ"

"ඔහොම තමයි දවසක් මම අපේ ලොකු පුතා අරන් ඩොක්ටර් ගාවටත් ගියා අඩනවා වැඩියි කියලා"

"මොනව හරි බීල ඉමු ලොකු නැන්දේ, අම්මේ.... මේ රත්නේලගේ ලොකු නැන්ද ඇවිත්"

සාලෙට ඇවිත් සෙටිය උඩ වාඩි උන නැන්දා මුලු සාලේම ස්කෑන් කරා"

"කෝ ආලියා ඔයාගේ ෆොටෝස්"

"මොන"

"ඇයි කොන්වකේෂන් ? "

"මට මේ පාර යන්න බැරි උනා නැන්දේ, දන්නවනේ ඉතින් බඩත් උස්සන් ලෙක්චර්ස් යන්න අමාරුනේ, ඉතුරු ටික ඊලග අව්රුද්දෙ කොම්ප්ලිට් කරනවා."

"තව ටික දවසක් යනකොට ඉතින් පොඩ්ඩට සෙල්ලම් කරන්න නංගි කෙනෙක් ගේන්න කියයි, අපේ ලොකු පුතාටත් ඔය ප්‍රශ්නේ ආව, අපේ කාලේ වගේ නෙවෙයිනේ දුව දැන්, අල්ලපු ගෙදර ඉන්නෙ කව්ද දන්නෑ. ඉස්සරනම් අපි වටේ පිටේ ගෙවල් වල යාලුවෝ එක්ක සෙල්ලම් කරා, දැන් ඉතින් ඒවා කොහෙද"

"ඒක තමයි"

"දුව කවද වෙනකම් නිවාඩුද"

"පේනවනේ නැන්ද, ඔන්න අපහු ඇහැරිලා, අම්මෝ එක්කෙනත් ඇතිවෙලා දැන්, ඒත් ආසයි ඉතින් අඩනවා අහුනම" ආලියා කාමරේට දුවගෙන ගියා.

-------------------------------------------------------------

"සිරියාවතී, බලන්න කව්ද බෙල් කරන්නේ කියලා"

"ඉන්න නෝනා, එන්න ලොකු බබා අපි යමු කව්ද ඇවිත් ඉන්නෙ බලන්න"

"අම්මා... ඔකු ආත්ති ඇවිත්"

"ආනේ ලොකු නැන්ද, හුග දවසකින්"

"එකනේ... දැන් ඉතින් දුව පාටීස් වලට එන්නෙත් නැනේ, රත්නේ පුතා විතරනේ එන්නේ  "

"කොහේ එන්නද නැන්ද, පේනවනේ යුද්දේ"

"ලේසි නෑ දුව තුන්දෙනෙක් හදන එකත්, මම දන්නවනේ දෙන්නෙක් ඉඳල විදපු දුක, වෙලාවකට හිතෙනව ගෑණු වෙලා ඉපදෙන එකත් පවක් කියල, අම්මෝ නිව්න්නු හදන එක කොහොමත් ලේසි නෑ, අපරාදේ දුව ජොබ් එකෙන් අයින් උනේ, නිවාඩු දාන්න තිබ්බේ අවරුදු පහකට, සිරියාවතී ඉන්න එක හොදයි, දූගේ අම්මටත් බෑනේ නේද දැන්, පුතාට දැම්ම වගේ නැතිව දුල දෙන්නට හොදට හොයල නම් දාන්න, දැන් අරයගෙ දුව නම් දානවනෙ"

"රස්සාව කරන ගමන් ළමයි හදන්න බෑ නැන්ද, අපි ලගම ඉදගෙන ඔක්කොම බලන්න ඕන, ලෝබයි දාල යන්න, සර්වන්ට්ලට ඕව කරන්න බෑ, මේ ඉතින් මගේ වස්තුවනේ.... ඩිග්රි එකත් අතැරලා දැම්ම නැන්ද, රස්සාවට යන්නෙත් නැති එකේ ඕව කරල මොකටද"

"මට රත්නපාල කිව්ව පැනගෙන ගියාට දැන් ඒක නවත්තල කියල, ඒගොල්ලොන්ට ඉතින් අපි ගෙදර ඉඳන් වැඩ ටික කරලා දෙනවනම් එච්චරයිනෙ"

"ලොකු නැන්ද ආව එක ලොකු දෙයක්, ඔන්න අදනම් බත් ටිකක් කාල හවස් වෙලාම යන්න ඕන, සිරියාවතී රසට උයනවා, කාලම බලන්නකෝ"






















Friday, October 28, 2016

කාලය මැව් වෙනසක අරුමේ

https://www.youtube.com/watch?v=z8ifaNZoEtg

දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති
ගෙදරට බර වුණු බාල නගේ
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
රටෙත් කෙනෙක් නැහැ බාල නගේ 

විරසක වීලා විරහ අපලයෙන්
නුඹෙ ඉරණම නුඹ ළඟට නොයේ
නිදිබර දෑසයි දැලි ගෑ මුහුණයි
ළිප මුල්ලේ යෞවනය ගෙවේ

රන්දම් පැළඳිය යුතු ගෙල වටකර
නවගුණ වැල පෝ දිනට බැඳේ
දීගෙක ගියදා නුඹට දැනේවී
තනිකඩකම කොච්චරද අගේ

ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස් 
ගී තනු - රෝහණ වීරසිංහ 
ගායනය - සුනිල් එදිරිසිංහ


https://www.youtube.com/watch?v=ciAw2ebfpF4

හිඳීවි කොතැනක හෝ
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්

ගඟකට සයුරක් මුණ ගැසේවී
රළකට වෙරළක් මඟ හිඳීවී 
නියඟට වැස්සක් ඇද හැලේවී
නුඹටත් කෙනෙක් හිඳීවී
දවසක සොයාන ඒවී

අකුලක පිපෙන නැවුම් මලක් සේ
නදියක නැගෙන තරංගයක් සේ 
නළලත සිඹින පවන් රොදක් සේ
නොසිතුව විටෙක ළඟාවී
නුඹ විඳි අඳුර නිවාවී

ගී පද - කුලරත්න ආරියවංශ
ගී තනුව - රෝහණ වීරසිංහ 
ගායනය - සුනිල් එදිරිසිංහ

Wednesday, October 26, 2016

මන්තර

මන්තර

ස්ථානය/දිනය  : නොදනී
පාසැල              : නොදනී

අද විෂයන් :

1. විද්‍යාව
2. දේශපාලන විද්‍යාව
3. ගණිතය
4. සංගීතය

විවේකය

1. විද්‍යාව
2. ගණිතය
3. සංගීතය
4. දේශපාලන විද්‍යාව


1. විද්‍යාව

ආයුබෝවන් ළමයි

ආයුබෝවන් ටීචර්

අද පාඩම නිව්ටන් නියම, අපි බලමු මොකක්ද මේ නිව්ටන් නියම කියල

පළමු නියමය: බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන තාක් කල් එම වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතී.

දෙවැනි නියමය : F = ma

තෙවැනි නියමය: සෑම ක්‍රියාවකට සමාන එහෙත් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් පවතී

ටං ටනං... ටනං... ටනං..... ටං !!!!

2. දේශපාලන විද්‍යාව

අපි කථා කරපු දර්ශනිකයෝ අපහු මතක් කරගත්තොත් සොක්‍රටීස් , ප්ලේටෝ, ඇරිස්ටෝටල්, හේගල් , බුදු හමුදුරෝවෝ .......... අපි ඊයේ කථා කරේ ඇඩම් ස්මිත්ගේ නියාම සහ මුලධර්ම ගැන.

අපි අද කථාකරන්නේ කාල් මාර්කස්ගේ  නියම සහ මුලධර්ම ගැන. අපි මේ ඉන්නේ පන්ති සමාජයක..... සර්ට එච්චරයි කියන්න උණේ පන්තිය ඇතුලෙන් කසු කුසුවක්, සර් කියන කිසිම දෙයක් ඇහෙන්නේ නැතිව ගියා. මගේ ආසම විෂය, මුන් මොකද මේ කරන්නේ. හැමෝම රත්නපාලය වටකරගෙන එක එක දේවල් කතාකරනවා,  රත්නපාල තමයි පන්තියේ නායකයා, මූ නැගිට්ට, කට්ටිය මියට බිම්බා වගේ

මොකද රත්නපාල ?

 සර් උගන්නන්නේ සම්පුර්ණ වැරිදි දෙයක් සහ කිසිම වැඩකට නැති දෙයක්. ඕව තියරි විතරයි, අපේ ජීවිතේට වැඩක් නෑ, අපිට ජිවත් වෙන්න අදාල සහ අපිට භාවිතා කරන්න පුළුවන් තියරි විතරක් උගන්නන්න , ඕව බොරු වැඩ සර්. යකෝ රත්නපලය දන්න දේවල් තව පොඩ්ඩෙන් සර් මෙලෝ වැඩකට නැති දේවල් උගන්නනවා.

එතකොට රත්නපාල ඊයේ අපි ඇඩම් ස්මිත් ගැන ඉගැන්නුවේ..... එහෙම කියපු සර් පන්තියෙන් බැහැල ගියා.



3. ගණිතය

අද අපි ඉගෙණ ගන්නේ සමගාමී සමීකරණ

x + y  = 10; ----------------(1)
x+ 2y = 15; ----------------(2)

එක අඩුකිරීම දෙක (1) - (2)

 x + y - (x+ 2y) = 10 -15

වරහණ ඉවත් කරාම  x + y  - x - 2y = -5

-y  = -5

y = 5

y = 5   පලමු (1) සමීකරණයට ආදේශ කලාම

x + 5 = 10

x  = 10-5 = 5

උත්තරය  x = 5 , y = 5

ටං ටනං... ටනං... ටනං..... ටං !!!!

4. සංගීතය

අද මිස් නැද්ද ? තාම අවේ නැත්තේ මොකද ? යන්න ඕන රව්මක් ගහල එන්න

මොකද මේ ලොකු සර්ගේ ඔෆිස් එක පැත්තේ සෙනග පිරිලා, මහා කාල ගෝට්ටියක් වගේ, වැඩිහිටියෝ ටිකකුත් ඇවිත්, අපේ දේශපාල විද්‍යාව සර් වටකරගෙන, මමත් පොඩ්ඩක් ලං කරල බැලුව, "තමුසෙට වටිනවද පොඩි උන්ට ඕව උගන්නන්න, පොඩි උන් පිස්සෝ කරන්නද හදන්නේ, ඕව ඉගෙනගෙන මොන මගුලක් කරන්නද, වෙලාව නාස්ති නොකර වැදගත් දෙයක් උගන්නන්න"

එතකොටම වාහන පෝලිමක් ඉස්කෝලේ ඇතුලට ආව, ආ.. ජයසිංහ ඇමති තුමා , අපේ අද්‍යපන ඇමති, කොහොමද මෙච්චර ඉක්මනට මෙතනට ආවේ, දැන් බයවෙන්න දෙයක් නෑ, මිනිහ උගතා, වැඩේ බේරයි. මිනිහගේ කතාවත් කෙලින්. මම හිතුව හරි පේලි දෙකෙන් විසදුමක් දීල ඇමතිතුමා  යන්න ගියා.

"භාවිතාවෙන් තොර න්‍යාය අන්දයි, එක නිසා මේ ලෝකේ මිනිස්සුන්ට වැදගත් භාවිතා කරන්න පුළුවන් දේවල් විතරක් උගන්නන්න, නැත්නම් මෙතන ප්‍රශ්නයක් වෙයි"


ටං ටනං... ටනං... ටනං..... ටං !!!!

ඉන්ටවල් .....


ටං ටනං... ටනං... ටනං..... ටං !!!!


5. විද්‍යාව

විද්‍යාව මිස් පන්තියට අවේම අඩාගෙන, මට සමාවෙන්න ළමයි මම අද වැරදි දෙයක් ඉගැන්නුවා, නිව්ටන් නියම. ළමයිට ඒවගෙන් වැඩක් වෙන්නෑ, ඒවා භාවිතා කරන්න වෙන්නෑ. ආයේ මම ඒ වගේ නරක දේවල් ළමයිට උගන්නනේ නෑ.

දැන් මම උගන්නන්න හිටියේ පදාර්ථය සහ ඩෝල්ටන්ගේ පරමාණුක ව්‍යුහය, ඒත් මට ඒක කරන්න එපා කියල ලොකු සර් කිව්වා, මොකටද ඕව ඉගෙන ගෙන. හෙට කරන්න හිටියේ ග්‍රහ චලිතය.

එතකොට මිස් අපි පාරක් හදනකොට ඔය නිව්ටන්ගේ නියම සහ තවත් දේවල් ඕන වෙනවනේ, රත්නපාලය දන්න දේවල්

මේ රත්නපාල මගේ රස්සාව නැති කරන්නද හදන්නේ ?

අද අපි ඉගෙනගමු ළමයි කොහොමද අපි වීදුරුවකින් වතුර බොන්නේ කියලා. මිස් වතුර වීදුරුවක් අරන් කොහෙමද එකෙන් වතුර බොන්නේ කියලා හරිම ලස්සනට ඉගැන්නුවා.


6. ගණිතය

සර් ගේ මුණ හොදටම මලානික වෙලා, සර් අපු ගමන් අපෙන් සමාව ඉල්ලුව, අපිට සමගාමී සමීකරණ උගන්නපු එකට. දැන් උගන්නන්න හිටියේ  කුලක වාදයලු, අනිද්දා නිර්මාණ , ඒක උගන්නන්න ඒපා කියල ලොකු සර් කියලා.


අපි ළමයි අද ඉගෙණ ගමු කොහොමද කඩේකට ගිහින් බඩු ගත්තම, මුදලාලි ගාන කිව්වම, අපි මුදලාලිට සල්ලි දෙන්නේ කියල.

ඔන්න ගාන රුපියල් 125. රත්නපාල කියන්න බලන්න අපි ළග 100 කොළ එකයි 20 කොළ එකයි 5 කාසි දෙකයි තියෙනවා. දැන් අපි ඕවගෙන් මොනවද මුදලාලිට දෙන්න ඕන.

සර් මට විහිලු කරණව, රත්නපාලට හොදටම තරහ ගිහින්

ටං ටනං... ටනං... ටනං..... ටං !!!!

7. සංගීතය

අද අපි ඉගෙන ගන්නේ බිලාවල් රාගය

ආරෝහණ - ස, රි, ග, ම, ප, ධ, නි, ස
අවරෝහණ - ස, නි, ධ, ප, ම, ග, රි, ස
වාදී ස්වරය - ධ , සංවාදී ස්වරය - ග

දැන් ළමයි ගයනා කරන්න, කෝ කෝ වැරදියි වැරදියි, මෙහෙම කියන්න ............ , ආ දැන් ළමයි කියන්න

වැරදියි වැරදියි, ඔයාලට ඕව උගන්නල වැඩක් නෑ කාටවත් මේවා භාවිත කරන්න තේරෙන්නෑ.

අපි බජව්වක් දාමු. රත්නපාල ඔය පෑනයි පැන්සලයි අරගෙන ගහන්න කෑම පෙට්ටියට


ටං ටනං... ටනං... ටනං..... ටං !!!!


8. දේශපාලන විද්‍යාව

ළමයි දැන් වෙනස හොදයිද ?

මොන වෙනසද සර් ?  අපිට උගන්නන විධියද ?

වෙනසක් උනාද සර් ?

තව මොනවද සර් අපේ සිලබස්  එකෙන් අයින් කරන්නේ ?

ඇත්තටම වෙනසක් උනාද සර් ?

මොකටද සර් ඔය වැඩකට නැති දේවල් ඉගෙන ගෙන.

මම පොඩි රහසක් කියන්නද ළමයින්ට, මම හොද මන්තරයක් හොයාගත්ත මට පුළුවන් ඉර හංගන්න, ලබන මාසේ දෙවැනිදා හරියටම දවල් එකට  විනාඩි දෙකයි තත්පර පහකට මම ඉර හංගනවා.

අනේ යන්න සර් බොරු නොකිය, සර්ට බෑ අපිව අන්දන්න අපි දන්නවා එකට තමයි සූර්යග්‍රහණය කියන්නේ.

ළමයි දන්නවද අර ගිරිගොරිස් මුත්තා මරුනේ කොහොමද කියල, යකා ගහල

පිස්සුද සර් ඒකට කියන්නේ හාර්ට් ඇටර්ක් කිලය, රත්නපාලය දන්න දේවල්


මම එහෙනම් මගේ මන්තර බලයෙන් තව දෙයක් කරනවා, සමහරවිට මේවා වෙනකොට මම මැරිලා ඉදිවී එත් ළමයි ජිවත් වෙලා ඉන්න නිසා හරියටම බලා ගන්න පුළුවන් මගේ මන්තර බලේ , 1989, 1994, 2000 , 2001, 2004, 2010, 2015 යන අවරුදු වල  ශ්‍රී ලංකාව කියන රටේ ආණ්ඩුව මාරු කරනවා, මාරු කරාට පස්සේ කිසිම වෙනසක් නැතිව පරණ විදියටම තියෙන්න අරිනවා.

අද 2016, කොහොමද බං සර් ඒක කිව්වේ. ඇත්තටම සර්ට මන්තර පුළුවන් වගේ

Thursday, October 20, 2016

රත්නපාල අයියගේ සර්කස්

රත්නපාල අයියගේ සර්කස්

දඩාන් ගාල මහ සද්දයක් මගේ කණ පල්ලේ, අදත් අර තඩි වඳුරා පැන්න නේද පැලට, "පලයන් ගෙරි වඳුරා අපිට නිදාගන්න දීල" කියල මම ඒ පැත්ත හැරෙන කොට තමයි දැක්කෙ රත්නපාලය හතර ගාත දාගෙන මැස්සෙන් බිමට වැටිල ඉන්නවා. ඒකගෙ නළලෙ ඉඳන් බඩ තඩියට එනකම් එක පෙළට හීන් දාඩිය දාල, ඇස් දෙකත් නලලෙ . මල හත්තිලව්වයි ! අනුමානයක් නෑ මහාසෝණ.

"මම හැමදාම කියනවනේ උඹට ඔය කරවල පුළුටු බෙදාගෙන මේකට නගින්න ඒපා කියල"

"මට වතුර ටිකක් දීපන්" රතනපාලය හීනියට කෙදිරි ගානවා. මේකට මොනවා වෙලාද, කොහොමද මම තනියම මේකව බිමට ගන්නේ කියල හිතන ගමන් මැස්ස කෙලවර තිබුණ වතුර පොච්චියෙන් වතුර ටිකක් අරගෙන මූණට ඉස්ස. මෙන්න බොලේ මේක ඉද්ද ගැහුව වගේ නැගිට්ට. නැගිටල ඉස්සෙල්ලම ගිහින් බැලුවේ පැලට නගින ලණු ඉණිමග දිහා.

"කොහෙද බං මේ මහ රෑ යන්න හදන්නේ"

"මම කොහෙවත් යන්නෑ බන්, මම මහ අමුතු හීනයක් දැක්කනෙ"

"මොකක්ද බං ඔච්චර බයවෙන හීනෙ, එක්කෝ මහසෝනා නැත්නම් රීරි යකා"

"පිස්සුද බං, සර්කස්"

"සර්කස් ? මොකක් ? උඹ දැක්කේ අපායේ සර්කස්ද ?"

"නෑ බං ඒක මහ අමුතු සර්කස් එකක්, ඉන්දහන්කෝ කියන්න" කියපු රත්නපලය, ත්‍රී රෝස් මිටියයි අලි වෙඩි දෙකයි පැත්තකින් තියලා, හොද හැටි හරි බරි ගැහිලා ලී කොටේ උඩින් වාඩි උණා. මාවත් විසිවෙලා යන තරමට සුසුමක් පිට කරපු රත්නපාලය කථාව පටන් ගත්ත.

ඒක හරිම ලස්සන තැනක්, වටේටම අහුරල තිබුනේ. උඩින් ලස්සන බෝඩ් ලෑල්ලක් ගහල තිබුණ "සරිකස්, සම්පුර්ණයෙන්ම නොමිලේ" කියල. ඒක ඇතුලට යන්න එකම එක ගේටිටුවයි තිබුනේ, එතන හොදට ඇද පැළද ගත්තු මහත්තෙයෙකුයි , සුදු ඇඳ ගත්තු නෝනල දෙන්නෙකුයි හිටිය. ඒ ගොල්ලෝ මාව පොඩ්ඩක් චෙක් කරල ඇතුලට දැම්ම.

අපේ ගමේ පෙන්නන සර්කස් වගේ නෙවෙයි බං, ඇතුලට යන්න ටිකට් ගන්න ඕන නෑ. ඕන කෙනෙකුට කැමතිනම් යන්න පුලුවන්. මමත් ඉතින් ඇතුලට ගියා. ඇතුලට ගියාම තමයි වැඩේ හරියටම  තේරුනේ. එකේ සරිකස් කියල විවිධ අංග නෑ. තියෙන්නේ ඔන්චිල්ලා විතරයි. විශේෂයෙන් පුහුණු වෙලා අපු අය නෑ. ඇතුළට යන අයටම පොඩි පුහුණුවක් දීල ඔන්චිලි පදින්න කියනවා. එක එක මට්ටමේ ඔන්චිලි තියෙනවා සමහර ඒවාට ඇතුලට ගියපු ගමන් නගින්න දෙන්නෑ.

බලාගෙන ඉන්න වෙනම සෙට් එකක් නෑ, අපි පදින ගමන්ම තමයි අනිත් උන්ගේ වැඩ කිඩ බලන්න ඕන. විනාඩි 80 ක් විතර ඔන්චිලි පදින්න ඕන, ඊට පස්සේ පිට්පස්සේ ගේට්ටුවෙන් එලියට යන්න පුළුවන් කියල ඇතුලේ බෝඩ් ගහල තියෙනවා. මොන හේතුව ආවත් ඊට කලින් එලියට යන්න තහනම්.  ඔලුව ආරක්ෂා කරගන්න හෙල්මට් එකක් දෙනව, එකත් අරුම පුදුම හෙල්මට් එකක්, ඒක ඔලුවට දැම්මම අපේ දැන් පේනවා වගේ ඇස් නිකන් පේන්නේ නෑ. එකටම පොඩි තිරයක් අල්ලලා තියෙනවා එකෙන් තමයි අපිට එළියේ වෙන දේවල් පෙන්නේ සහ එකේ එලිය පැත්තෙන් වටේටම තිරයක්, අපිට කැමති දෙයක් එකේ එළියේ ඉන්න අයට පේන්න දාන්න පුළුවන්.

ඔන්න මමත් හා හා පූරා කියල එල්ලුනා ඔන්චිල්ලාවක පට්ට අතල්, ටිකක් වේලා යනකම් මම අනිත් උන්ගේ ඔන්චිල්ලා දිහා බැලුවේවත් නෑ. ටිකකින් මමත් වට පිට බලන්න ගත්ත, එතකොට තමයි මම දැක්කේ පට්ට ලස්සන ඔන්චිල්ලා තියෙනව, එක එක පාට ඒවා, කහ තැඹිලි මිශ්‍ර කරපුව, කොළ පාට , රතු පාට, නිල් පාට, පාට පාට ඒවා, ලණු වලින් හදපුව , යකඩ දම්වැල් වලින් හදපුව, රත්තරං වලින් හදපුව නොයෙකුත් විදියේ ඔන්චිල්ලා. ඊට පස්සේ තමයි මම බිම බැලුවේ , මල හත්තිලව්වයි වෙන සරිකස් වල වගේ බිමට වැටෙන උන් බේරගන්න දැලක් දාල නෑ මේකේ, මගේ මුළු ඇගම කීරි ගැහුනා, කොරන්න දෙයක් නෑ, විනාඩි 80 ක් පදින්නත් ඕනනේ බං, බැලින්නම් මම පැද පැද ඉඳල තියෙන්නෙ නිකන් මදු වැල් වලින් බැදපු එකක්, මමත් ටිකක් වට පිට බැලුව, හොඳ කොහු ලණු ඔන්චිල්ලාවක් ලඟින්ම පැද්දෙනව, උඹ දන්නවානෙ මම හොද බල්ටි කාරය කියල, මමත් හොද බල්ටියක් ගහල පැන්න අනිත් ඔන්චිල්ලවට, දැන් බයක් වෙන්න දෙයක් නෑ මේක හය්යයි. ඒක ටිකක් පදිනකොට මම දැක්කෙ සමහර උන්ගේ හෙල්මට් වල ලස්සන දේවල් තියෙනවා, උන්ට ලස්සන කඳු පේනවලු, ඔන්චිල්ලාව පදින්න එච්චර මහන්සියක් යන්නෙ නැතිලු, මරුනේ මහන්සි නැතිව එච්චර වේගෙන් පදින්න පුල්වුන්නම් මරුනේ, මමත් හොදට වෙලාව බලල විසිල් එකක් එහම ගහල කැරකිලා පැන්න කියහන්කෝ ඒකට, පිස්සු හැදෙනවා පට්ට ලස්සනයි වට පිටාව ලස්සන කඳු පේනවා, හැබැයි වරින් වර මහ අමුතු දේවල් පේනවා, මේවා පදින උන් කියන වගේ මහන්සි නැතිව පදින්න මම ට්‍රයි කරා, උන් කියල තියෙන්නෙ බොරුද කොහෙද බං. ඒකෙත් ලෙසියක් නෑ. මට දැන් විලි ලැජ්ජාවයි විසිල් ගහල බල්ටි ගහලනේ මේකට පැන්නේ.

මමත් මොකද කරේ එළියේ උන්ට පේන්න මගේ හෙල්මට් එකෙත් දැම්ම මේක මරු ඔන්චිල්ලාව කියල, දාල මමත් ෂේප් එකේ වෙන ඔන්චිලි දිහා බැලුව මිට වඩා හොද එකක් තියෙනවද කියල. අර කහ/තැඹිලි ගාපු ඔන්චිල්ලාවේ පදින උන්ගේ ඔක්කොම වගේ හෙල්මට් වල ගහල තියෙනව මාර වැකියක් "මෙය ඔන්චිල්ලාවක් නොවේ, අපි මේ ඔන්චිල්ලි පදින්නේ නැත" කියල. මට නිකන් පිස්සු වගේ බං. මට හොදට පේනවා ඒක ඔන්චිල්ලාවක් කියල එත් උන් කියනව ඒක ඔන්චිල්ලාවක් නවෙයි , පදින්න ඕන නෑ කියල. තව එකක ගහල තියෙනවා මෙය තාවකාලික ඔන්චිල්ලාවකි  මේක පැදල මහන්සියෙන් හොදට රුකුල් ගත්තොත් අර ඈත පේන සුපිරි ඔන්චිල්ලවට පනින්න ජවය ගන්න පුළුවන් කියල. මම කල්පනා කරා මේ සෙල්ලම හරියන්නෑ, මේ හෙනත් එක්ක ඔට්ටුවෙලා මගේ අත පය හතරත් දැන් දුර්වලයි, ඔක්කොටම වඩා හොදයි ඔය පැදපු ටික ඇති මේක නවතිනකම් රුකුල් ගන්නෙ නැතිව ඉන්නව කියල, විනාඩි පහකින් විතර ඔන්චිල්ලාව නැවතුනා, පට්ට නිදිමතක් අවා, වෙලාව බැලුවම තව විනාඩි 40ක් තියෙනවා. නිදාගත්තොත් මේකෙන් වැටිලා මැරෙන්න වෙන්නේ, මම අපහු නැගිටලා පදින්න ගත්ත. මොනව කරත් විනාඩි 80 ගෙවන්න ඕනනනේ.

අනිත් උන්ගේ ඔන්චිල්ලා දිහා වැඩිය බලන්නේ නැතිව ෂේප් එකේ මම අපහු ඔන්චිල්ලාව පදින්න ගත්ත, උඹට කිව්වම මොකද බං උඩට යනකොට වෙන එකකට මාරු වෙන්නමයි හිතෙන්නේ බං. මම ආපහු වට පිට බලල බල්ටියක් ගහල පැන්න වෙන එකකට, මගේ අත පොඩ්ඩක් බැරි උනා බං, මාව වැටෙන්න ගත්ත බං පල්ලෙහාට. පහලදී සමහර ඔන්චිල්ලා හම්බුනත් මම කළබල වෙලා හිටිය නිසා එකක්වත් අල්ල ගන්න බැරි උනා. මාර වේගෙන් මාව පහළට වැටුනා. ටිකකින් මට පේන්න ගත්ත වටේට මොනවද බෝඩ් ලෑලි ගහල තියෙනවා. උඹ දන්නවද ඒවගේ ගහල තිබුනේ මොනවද කියලා ?

"මම කොහොමද බං ඒක දන්නේ හීනෙ දැක්කේ උඹනේ"

ඒවගේ ගහල තිබුණ බං.

පළවැනි එක : සරිකස් කරුවන් පුහුණු කිරීමට අවසර නොලත් හොර ආයතන පවතින අතර, ඒවායෙන් ප්‍රවේශම් වන්න

දෙක :  දැනට අපගේ සර්කස් සෙල්ලම සඳහා සහභාගී වන අය සඳහා ලබාදෙන හෙල්මට් වල සුළු දෝෂයක් පවතී. වෙන අයගෙන් ලැබෙන තොරතුරු එකතු කර එකලස් කර ඔබගේ තිරය මත පෙන්වීමේදී පොඩි වෙනස් කම් වලට භාජනය වන අතර ඔබෙන් එලියට ලබාදෙන දත්ත ගබඩා කිරීමේ දෝෂයක් නිසා විකුර්ති වී ඇත

තුන , හතර , ඔය විදියට බෝඩ් පේලියයි.

තව බෝඩ් මොනවද තිබුණ මට ඒවා කියවගන්නවත් සිහියක් නැති උනා බං.

"මැස්සෙනුත් වැටිලා මාත් බය කරල, අහවල් එකකටද උඹ ඔච්චර බය උනේ, මම උඹට හැමදාම කියනවා ඔය පුළුටු කන්න ඒපා කියල මේක උඩ තියාගෙන, පාන්දරම යමන් අපේ මුත්තට කියල නූල් පොටක් මතුරලා ගැට ගහගන්න"

"ඒ අන්න බං තනිය එළියට බැහැල, ඔක්කොම පාගලද කොහෙද බං, උඹ දැක්කෙ නැද්ද ? "

"කොහේ දකින්නද උඹේ බහුබූත අහගෙන හිටියනේ, ගනින් ඔය අලි වෙඩිල්ල මෙහාට"

Sunday, October 16, 2016

ඇසට පෙනෙනදේ පරම සත්‍ය නම් විද්‍යාවේ ඵළය කිම !!


ඇසට පෙනෙනදේ  පරම සත්‍ය නම් විද්‍යාවේ ඵළය කිම !!

පොඩිකාලෙ "ආරම්භක විද්‍යාව" විෂයෙන් පටන්ගත්ත ශාස්ත්‍රීය ලෙස විද්‍යාව ඉගෙනිමේ ව්‍යයාපෘතිය ටික කාලෙකින් අලුත් විෂයක් විදියට "විද්‍යාව" කියල මාරු උනා. පළවෙනි දවසේ විද්‍යාව පන්තියට අපු අපේ සර් මුලින්ම මොකුත් නොකියම කලු ලෑල්ලේ "ඇසට පෙනෙනදේ  පරම සත්‍ය නම් විද්‍යාවේ ඵළය කිම"  කියල ලියල අපි දිහා බැලුවේ හරිම උජාරුවෙන්. පන්තියේ හිටිය එකෙකුටවත් තේරුනේ නෑ මොකක්කද මේ කියල. ඔන්න සර් ඒක තේරුම් කළේ මෙහෙමයි.

විද්‍යාව කියන්නේ ඇසට පෙනෙන දේ ගැඹුරින් විග්‍රහ කිරීම, ඒ කියන්නේ පරීක්ෂණ නිරීක්ෂණ මගින් නිගමන වලට පැමිණීම. එතකොට අපි ඇසට පෙනෙන දේ ඒ විදියටම විශ්වාස කරන්නැ ළමයි කියල තමය සර් විද්‍යාව කියන එක අර්ථ දැක්කුවේ.

එතකොට සර් ඔය ඇහැට පේන දේ බලාගෙන හිටියනම් මදිද කියල පන්තියේ හිටපු ආතල් පොරක් සර්ගෙන් ඇහුව, සර්ට පොඩ්ඩක් විතර මල පැන්නත් සර් ඒක විද්‍යත්මකවම පැහැදිළි කරන්න ගත්තෙ මෙහෙමයි.

දැන් ළමයි මිනිසාගේ මොළය හරි අමුතු දෙයක්, ඒක එන්න එන්නම වෙනස් වෙනවා, ඒක දිග කතාවක් කොටින්ම කියනවනම් මිනිහට නිකන් ඉන්න බෑ, එක එක දේවල් කරණව, එක එක දේවල් සොයාගන්නවා. මේ විද්‍යාවත් ඒවගේ මිනිසා බිහිඋන දා ඉඳන් එක එක විදියට වෙනස් කරණව. මේ විද්‍යාව නොයෙකුත් ක්ෂේත්‍ර වලට අදාලව දියුණු කරණව. ඉතින් මේ විද්‍යාව අනුසාරයෙන් නොයෙකුත් දේවල් මිනිසා සොයාගන්නවා.

රථවාහන, ගුවන් යානා , ඖෂධ , පරිගණක , ශීතකරණ , රෙදි සෝදන යන්ත්‍ර වගේ ගෘහස්ත උපකරණ, කෆීර් , මල්ටිබැරල් වගේ යුද උපකරණ වගේ නොයෙකුත් දේවල්

 ඒවගෙන් දේවල් නිසා මිනිසාගේ එදිනෙදා වැඩ කටයුතු  ගොඩාක් පහසු වෙනවා, වෙලාව ගොඩක් ඉතුරු කර ගන්නව ඒ විතරක් නෙවෙයි වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා මිනිසාගේ ආයු කාලයත් එන්න එන්නම වැඩි වෙනවා.

දැන් සර් ගේ කථාව ඉවරයි, දැන් අපේ සීයාගේ කථාව.

අපේ සීයට ළමයි 10 දෙනෙක් හිටිය, සීය රස්සාව වීදියට රබර් කිරි කපන එක. ඊට අමතරව කිතුල් මල් කපල පොඩි රා පාරක් ගහගෙන, කිතුල් පැණි ටිකක් එහෙම උණු කරගෙන, නිවාඩු පාඩු වෙලාවට වේවැලක් කපාගෙන ඇවිත් වට්ටියක් කූඩයක් වියල වගේ නොයෙකුත් දේවල් කරණව දවස ඇතුලත. සියා ගමන් බිමන් ගියේ බොහෝවේලාවට පයින් , එහෙම නැත්නම් පරණ පාපැදියෙන්, ආච්චිට ඉතින් ළමයි 10 දෙනාගේ වැඩ, ඊට අමතරව දර හොයන්න ඕන, සීය ගේන තෙලිජ්ජ වතුරටික පැණි කරන්න ඕන, නොයෙකුත් වැඩ. හැබැයි ඔය කුස්සියේ තියෙන කිසිම විද්‍යුත් උපකරණයක් ගෙදර තිබුන්න්නේ, කොටින්ම විදුළි බලයවත් තිබුනේ නෑ.

දැන් මගේ කථාව.
මම වැඩ කරන්නේ පුද්ගලික අංශයේ, ලංකාවේ කම්කරු නීතිය අනුව සතියකට පැය 45 වැඩ කරන්න ඕන, ඒ කියන්නේ දවසකට පැය 9. දල වශයෙන් උදේ 9 සිට සවස 6 වෙනකම්. ප්‍රයෝගිකව උදේ 9 සිට හවස 7 වගේ වෙනකම් වැඩේ ඇදෙනව. අර විද්‍යාව සර් කියල දීපු වැඩ පහසු කරණ උපකරණ වලින් මුලු ගේම පිරිලා, සැපට නින්ද යන්න සැප මෙට්ට , සැපට නාන්න උණුවතුර, රෙදිටික රෙදි සෝදන යන්තරයේ, ගෑස් කඩේට කෝල් කරපු ගමන් ගෑස් එක කුස්සියේ, ළිපට හයි කරලත් යනව, කුස්සියට ගියහම නොයෙකුත් විදිලි උපකරණ, පොල් ගාන්නේ , පොල් මිරිකන්නේ යන්ත්‍රයකින්, බත ගහන්නේ වෙනම යන්ත්‍රයකින් ( බත් උයන යන්ත්‍රයෙන් කොච්චර වැඩ පහසුවක් උණාද කියල නොදන්නා අයට : ඉස්සර බත උයන්න පේ වෙන්න ඕන , ඒක වෙනම වැඩක්  මුලින් බත ළිපේ තියල ,බත උතුරණ වෙලාවට ළිපේ  ගින්දර ඇදල, බත කූරු ගාල, බත ඉතුරුවට පස්සේ අඟුරු ටික විතරක් තියෙද්දී මද ගින්නේ බත පැහෙන්න තියන්න ඕන, ළිප ගින්දරත් ගානට බැලන්ස් කරන්න ඕන. නැත්නම් බත අටකුනා ගැහෙනවා)  , වැඩට යන්නේ කාර් එකේ, රෙදි මදින්න පොල් කටු පුච්චන්න ඕන නෑ, මාලු , මස් ගේන්න කඩ ගානේ දුවන්න ඕන නෑ , සතියටම බඩු ගෙනත් නරක් නොවී ශීතකරණයේ දාල තියාගන්න පුළුවන්, යාලුවෙකුට , නෑ හිතමිතුරෙකුට පණිවිඩයක් දෙන එක ගැන හිතන්නවත් දෙයක් නෑ, ස්මාර්ට් ෆෝන් එක නිතරම අතේ, මම කොච්චර ආතල් එකේ ඉන්නවද කියල නෑ මිතුරන්ට පෙන්නන්න facebook එකේ ෆොටෝ එකක් දාන්න විතරයි තියෙන්නේ, දැන් ලිඳ ළග/නාන තොටේ , තොවිල් ගෙදර පම්පෝරි ගහන්න දෙයක් නේ ඒ වෙලාවත් ඉතුරුයි, facebook එකේ මගේ යාලුවෝ මම කොච්චර සතුටින් ඉන්නවද කියල දන්නවා. office ගියාම ඊටත් එහා පුටුවෙන් නැගිටින්න ඕන නෑ. ඔක්කොම ළගට ලැබෙනවා, වතුර නොබී ඉන්න පුළුවන්නම් දවල්ට කන්න නැගිට්ටම ඇති. සොෆ්ට්වෙයා ලියනවනම් සුපරි IDE තියෙනවා ඩොට් එක ගහන්න විතරයි ඕන, පාරක් හදනවනම් පට්ට යන්ත්‍ර , ගෙයක් ඩිසයින් කරනවානම් පට්ට මෘදුකානග, සිරා මහන මැෂින්, ගොයම් කපන යන්ත්‍ර ,  ඕනෑම ක්ෂේත්‍රයක වැඩ දැන් මාර ලේසියි.

පොඩි එකාගේ වැඩ පහසු කරන්න තවත් නොයෙකුත් උපකරණ, මේවා කියන්න ගියොත් කථාව ඉවර කරන්න වෙන්නෑ. ඒක නිසා ඔයාලම හිතාගන්න.

මගේ දවස ගෙවෙන්නෙ මෙහමයි
දවසෙන් පැය 9ක්/10ක් office වැඩ , දවසෙන් පැය 1.30 විතර උදේට office යන්න සුදානම් වෙන්න සහ හවසට ගෙදර ඇවිත් ඇඟ පත හෝදලා ඒ වැඩටික කරගන්න. office යන්න එන්න පාරටත් අඩුම පැය 1.30 වත් යනවා ,දැන් දළ වශයෙන් පැය 13ක් ඉවරයි. තව 11යි තියෙන්නේ ඒ වේලාවෙන් උදේට රෑට කන්න පොඩි වෙලාවක් අරින්න ඕන, ප්‍රයෝගිකව හිතල ලියල බැලුවොත් ඔය ඔක්කොටම, තමන්ගේ වැඩ ටික විතරක් කරගන්න avarage පැය 14 වත් යනවා,(වාහනේට තෙල් ගහන්න, හුලං ගහන්න , හෝදන්න , කොන්ඩෙ කපන්න , ඇඳුම් ගන්න කඩේ යන්න , අසනීප උනාම බෙහෙත් ගන්න , පොල් ඉවරයි කිව්වම කඩේ යන්න, meeting එකක් තිබුණම පොඩ්ඩක් වැඩිපුර office එකේ ඉන්න, office එකේ වැඩ ටික පොඩ්ඩක් හිර උනාම පැයක් දෙකක් වැඩියෙන් ඉන්න , බැංකු යන්න, ගෙයක් හදනවනම්.. ??? )

දැන් ඉතුරු වෙලා තියෙන්නේ පැය 10යි. දැන් තමයි අනිත් අය ගැන හොයන්න යන්නෙ, බිරිදට කොහොමද , බිරිද එක්ක කතාකරපු දවසක් මතක නෑ, පොඩි එකාට කොහොමද , පොඩි එකා එක්ක සෙල්ලමක්වත් දාන්න බැරි උනා හුග දවසකින් , අම්මට තාත්තට කොහොමද , ගෙදර අඩු පාඩු මොනවද , බාත්රූම් එකේ අඟල් දෙකක මඩ තට්ටුවක් දිනකට දෙපාරක්වත් හෝදන්න කියල පොතක තිබුණ නැත්නම් ලෙඩ හැදෙනවා, අසනීප වෙලා හිටපු මාමට කොහොමද, අරුගේ මල ගෙදර යනවද, අරුගේ මගුල් ගෙදර යන්න ඇඳුමක් ගත්තද,  යකෝ අද නිදාගන්නේ නැද්ද, දොස්තර කිව්වා නේද දවසට පැය 8ක් වත් නිදාගන්න නැත්නම් මේ ඔලුවේ කැක්කුම හොද වෙන්නෑ කියල , අනිත් එක හෝමන සමතුලිත තාවය බිදිලා වෙන ලෙඩ එන්න පුලවන් කියල, අම්මටඋඩු දවසට අඩුම පැය 1/2 ක් වත් ඇවිදින්න කිව්ව නේද නැත්නම් අධි රුධිර පීඩනය, සීනි වගේ දේවල් හැදෙන්න පුලවන්, ක්ෂණික කෑම කන්නත් එපා කිව්වා යන්න ඕන ගමේ ගොඩේ කෑමක් ,පොළොස් ගෙඩියක් ගේන්න පොළ පැත්තේ. දැන් ඔය ඉතිරි වෙලා තියෙන පැය 10 ඇතිද. ආ සති අනන්තේ තියෙන්නේ එකටනේ, සති අන්තේ කරන්න තියෙන වැඩ ලිස්ට් එක ලිව්වොත් අපහු මේක ඉවර කරන්න වෙන්නෑ. ඇයි නිවාඩු තියෙන්නේ, අපි ඉතින් නිවාඩුවක් දන්නේ නිවාඩු පාඩුවේ ඉන්න නෙවෙයි වෙන වැඩක් කර ගන්නනේ.

ඔයි තමුසෙට පිස්සුද ගෙදර ඇවිල්ලත් computer එක බදාගෙන, ගෙදර ආපු වෙලාවේ ඉදන් පොතක් බදාගෙන, අදත් රෑ උනා නේ, දැන් හැමදාම පාටි office එකේ උන් හැමදාම අයින් වෙනවද , ෆිල්ම් බලනවා කියල ඔච්චර බලන්න ඕනද. ළමයට බෙහෙතක් විදින්න තියෙනවා ඩොක්ටර් චැනල් කරාද.

කෝ අර විද්‍යාව සර්, ඌ උජාරුවට කිව්වේ විද්‍යාව දියුණු උනාම අපේ වැඩ පහසු වෙනවා කියලා. කෝ යකෝ වැඩ පහසු උනාට පස්සේ ඉතුරු වෙච්ච වෙලාව ?  "ඔබ තුමා කාලය කළමණාකරණය කරන විදිය වැරදියි" කියල උපදේශකයා උපදෙස් මාලාවක් දුන්න,  අපරාදේ ඌ ට ගෙවපු සල්ලි.


මෙතන මොකක් හරි අව්ලක් තියෙනවා , විද්‍යාව කොච්චර දියුණු උනත් එකේ දියුණුවේ දිශාවේ අව්ලක් තියෙනවා. විද්‍යාවේ දියුණුව දිහාත් විද්‍යාත්මකව බලන්න කාළය හරි, තවත් බොරුවට ඇන්දෙන්න ඕනද ? තව ලෝකේ විද්‍යාව සිය දහස් ගුණයකින් වැඩි උණත් අපේ ජිවිත වලට කෙළ වෙනවා මිසක් හොදක් වෙන්නෑ. මේක සමහරු වැරදියට තේරුම් ගන්නව මම මේ කියන්නෙ අතීත කාමය ගැන කියල. ඉස්සර මිනිස්සු ආතල් එකේ හිටිය දැන් නෑ කියල එකක් නෙවෙයි, මිනිස්සුන්ට එක තැන ඉන්න ඉන්න බෑ ඒක නිසා නැවතිලා ඉන්න බෑ, මිනිස්සු දියුණු වෙනවා/ වෙනස් වෙනවා. එකේ දිශාව වෙනස් වෙන්න ඕන. එත් ඒක ගොඩක් අය‍ට අදාල නෑ වගේ ඉන්නව , සමහරුන්ට තේරෙන්නෑ වගේ ඉන්නව, සමහරුන්ට තේරෙනවා එක එක විදියට උත්තර හොයනවා , සමහරුන්ට තේරිලා කරගන්න දෙයක් නැතිව ඉන්නවා ,සමහරු එක එක දේවල් කරනවා, පරිසරය සුරැකීමේ සංවිදාන හදනවා, වණ සතුන් ආරක්ෂා කිරීමේ සංවිදාන හදනව, කාන්තා විමුක්ති සංවිදාන හදනවා, මේවා ගැන සින්දු ලියනවා , චිත්‍රපටි හදනව.  සමහරු ඒක ඉස්සරහට දාගෙන තවත් ගේමක් ගහනවා, ඒකත් විකුනම් කනවා, ඒක ඉතින් අව්ලක් නෑ, මොකද අන්තිමට හැමෝම අඩු වැඩි වශයෙන් ගේම් ගහන එක කරණ නිසා.

ඕක හරියටම තේරුම් ගත්ත පැහැදිළි කරපු දර්ශනිකයෝ , දේශපාලකයෝ හිටිය. ඒත් ඒකට උත්තරයක් හොයන්න කලින් මෙතන ප්‍රශ්නයක් තියෙනවද කියල තේරුම් ගන්න ඕන. එතකොට තමයි හරි උත්තරේ හොයන්න පුලුවන් වෙන්නෙ. ඉතින් අපි ඉස්සෙල්ල හිතල බලමු මෙතන අව්ලක් තියෙනවද කියල.

දැන් මට කියන්න තියෙන්නේ

ඇසට පෙනෙන විද්‍යාව පරම සත්‍යනම් දේශපාලන විද්‍යාවේ ඵළය කිම කියල තමයි

තව දිගට ලිව්වොත් උඹලට කියවන්න වෙලාවක් නැති වෙනවනේ, ඒක නිසා අමාරුවෙන් කෙටියෙන් ලිව්වා.

ගුරුතුමා , සියා සහ මම යනු ශාස්ත්‍රීය පණ්ඩිතයන් සහ නිශ්චිත නොවන (එක ලඟ වන හෝ නොවන) පරම්පරා දෙකක් බව කරුණාවෙන් සලකන්න

Wednesday, October 5, 2016

කීවාම මොකද බං, මටනම් බයත් හිතේ දැන්....



මේකත් පරණ කතාවක්, පුසෝ ගැන ලිව්වම බල්ලෝ තරහවෙන නිසා බල්ලෙක්ගෙ කතවක් ලියන්න හිතුන. 

ඔන්න එක්තරා රටක් තිබුණ. මේ රටේ අගනුවර කොළඹ. කොළඹ තමයි රටේ ආර්ථිකය, සංස්කෘතිය,කලාව වගේ හැම දෙයකම කේන්ද්‍රස්ථානය උනේ. මිට අමතරව කොළඹ තව දේවල් වලට ප්‍රසිද්ධ උනා, ඒ තමයි කොළඹ කාක්කෝ , කොළඹ බල්ලෝ වගේ දේවල්. රටේ අනිත් පළාත්වල බල්ලන්ට, කපුටන්ට වඩා මේ කොළඹ බල්ලොන්ට,කපුටන්ට  බලු සමාජයේ සහ කපුටු සමාජයේ හොඳ පිළිගැනීමක් තැනක් ලැබුණ. ඉතින් දුර පළාත්වල ඉන්න බල්ලෝ නිතරම උත්සහ කළේ කොළඹ බල්ලෙක් වෙන්න. හැබැයි උන්ට කොළඹට එන එක ලේසි උනේ නෑ. මොකද දුරු කතර ගෙවාගෙන කොළඹට පයන් එන්න්න ඕන, බල්ලන්ට වාහන නෑනේ. එහෙමත් බල්ලෙක් තමයි කොළඹට ආවෙ ගියේ, ඔන්න අනුරාධ පුර පැත්තේ බලු රංචුවක හිටියා හොඳට හැදුනු වැඩුණු බල්ලෙක්, හැබයි මූට කිසි උවමනාවක් නෑ කොළඹට එන්න, එත් බලු රංචුවේ බලු යාලුවෝ ලොකු උත්සායක් දරණව මූ කොළඹට එවන්න. මොකද කොළඹ තමන්ගේ හිතවත් බල්ලෙක් ඉන්න එකත් අනිත් බල්ලන්ට ලොකු ආඩම්බරයක් නිසා. ඉතින් මේ බල්ලෝ රංචුව කොහොමහරි අර බල්ලට ශිෂ්‍යත්වයක් එහෙම සෙට් කරලා මේ බල්ලව බලෙන් වගේ කැමති කරව ගත්ත කොළඹට දුවන්න. ඉතින් ඔන්න බල්ලා කොළඹ දුවන්න පටන්ගන්න දවසත් ආව, ගමේ බල්ලෝ ටික කොළඹ ඉන්න යාලුවන්ට ලියුමක් යැව්වා අපේ ගමෙන් තව බල්ලෙක් කොළඹ එනවාය, ඌට කොළඹට එන්න මාසයක්වත් යාවිය, එනකොට හොදට පිලිගනින්ය කියල. මෙන්න බොලේ කොළඹ යාළුවන්ට ලියුම හම්බෙලා දවස් හතරකින් , ඒ කියන්නේ අර බල්ලා ගමෙන් පිටවෙලා හරියටම සතියකින් කොළඹට ඇවිත්. කොළඹ බල්ලන්ට හරිම පුදුමයි මුගේ හැකියාව දැකල. කොළඹ බල්ලො ටික මුව හරසරින් පිළිගෙන, මූව වටකරගෙන ඇහුවලු දැන් කියපන් බලන්න උඹේ දියුණුවේ රහස කියලා. එතකොට අර ගමෙන් ආපු බල්ලා මාසෙක ගමන සතියෙන් ආපු ආකාරය පැහැදිලි කරාලු මෙහෙම. 

"මම ගමෙන් පිටවෙලා, මගේ යාලුවන්ගෙන් වෙන් වෙලා ටික දුරක් එනකොට ඒ ගමේ අනිත් බල්ලෝ ටික මගේ පස්සෙන් පැන්නුවා, මට නවතින්න හති අරින්න වෙලාවක් තිබුනේ නෑ, ඉතින් කොහොම හරි මම ඒ ගමේ සීමාව පැන ගත්ත, මොකද බල්ලො තමන්ගේ සිමාවෙන් එහාට එන්නේ නැනේ, පොඩ්ඩක් ගිමන් හරින්න හදනකොටම මෙන්න අළුත් ගමේ වෙන බල්ලො සෙට් එකක් අයෙත් මගේ පස්සේ පන්නන්න ගත්ත කොහොම හරි ඒ ගමෙනුත් පැන ගත්ත, එකෙනුත් වැඩක් උනේ නෑ , යන යන ගමේ බල්ලෝ සෙට් මගේ පස්සේ පැන්නුව, මට විවේකයක් ගන්න වෙලාවක් ලැබුනේ නෑ , එකයි මම මෙච්චර ඉක්මනට කොළඹට අවේ"

මෙහම කියපු බල්ලා දඩාන් ගාල මැරිලා වැටුණ මහන්සිය දරාගන්න බැරිව.

වෙලාවකට හිතෙනවා අපිත් ඒ බල්ල වගේ නේද කියල, හති අරින්නවත් වෙලාවක් නෑ, දුවනවා.. දුවනවා... දුවනවා, අපිට දුවන්න උවමනාවකුත් නෑ,හරියට අර බල්ලාගේ වටේ පිටේ ඉන්න බල්ලෝ අර බල්ලට දුවපන් කිව්වා වගේ අපේ වටේ  ඉන්න උන් අපටත් දුවපන් කියනවා, කව්රුවත් කියන්නෙ නෑ හරියටම දුවන්න ඕනේ කොහෙද කියල, ඔහේ දුවපන් කියනව, එක වසරේදීම අහනවා පුතා ලොකු උනාම දුවන්නේ කොහෙටද කියල,අපිත් ලොකු ලොකු කථා කියනවා, ගුරුතුමාත් ෂා හොඳ පුතා කියනව, අනේ ඉතින් අපිත් බල්ලෝ වගේ දුවනව, හැබැයි දුවන්න පටන්ගත්තොත් නවතින්නත් බෑ, මොකද අනිත් බල්ලෝ පස්සෙන් පන්නනවනේ. එහෙමත් හිත හයිය එකෙක් තමයි ඕන මගුලක් කියල නවතින්නේ, නැවතුනාම අර පස්සෙන් පන්නපු බල්ලෝ පොඩ්ඩක් බුරල , නැට්ටෙන් ගහල වෙන බල්ලෙක් පස්සෙන් දුවනව, මොකද උන්ටත් පන්නන්න ඕනෑතරම් බල්ලෝ ඉන්නව.

අර කොළඹ දුවපු බල්ලට මැරෙන්න මොහොතකට කලින් හරි ඇයි ඌ දිව්වේ කියල නොතේරුණත්, දුවන්න හේතු උන  උගේ කතාව කියන්න වෙලාවක් තිබුණ. අපිට අපේ කථාවවත් කියන්න වෙලාවක් තියේවිද ? 


(කථාව කටින් කට අපු නිසා මුල් කථාව ගැන අදහසක් කතුවරයාට නැත, මුල් කථාවට හානියක් ඌවානම් සමාවී මුල් කථාව කොමෙන්ට් එකක් ලෙස එවන්න)

Monday, October 3, 2016

පූසෙක් හොයාගත්තද ?

මේ ළගදි මට මගේ පරණ යාලුවෙක් අහම්බෙන් හම්බුණා. මිනිහ ලස්සන කථාවක් කිව්වා.




"ඔන්න එක්තරා රටක, එක්තරා දේවාලෙක කපු මහත්තයෙක් ජයටම පූජාවන්  කරනවලු. දවසක් කපු උන්නැහේ දේවාලෙට සුරතලේට ඇතිකරන්න පූස් පැටියෙක් ගෙනාවලු. කාලයක් ගතවෙනකොට කපු උන්නැහේට මේ පූසා මහ කරදරයක් වෙන්න පටන්ගත්තලු. මොකද පුජාවට අවශ්‍ය කළමණා සුදානම් කරලා කපු උන්නැහේ නාල කියල ලෑස්ති වෙනකොට අර පූස් තඩියා පූජා වට්ටියට සහ වටේ පිටේ තියෙන කළමණා වලට වැඩේ දෙනවලු. කොච්චර තඩි බෑවත් මේක මේ පුරුද්ද අතාරින්නෙම නැතිලු. පැටිය කාලෙම ඉඳල හදපු සතා නිසා මූව මරල දාන්නත් කැපුවට අප්සැට් ලු. ඉතින් කපුව කරන්නේ හැමදාම පුජාවට කලින් පුසව අල්ලල ගැට ගහනවලු දේවාලේ මේසෙ. ටික කාලයක් යනකොට පූසා ගැටගහන වැඩේ කපුවට සාමාන්‍ය දෙයක් උනාලු. ඔහොම කාලයක් ගතවෙනකොට කපුවා ටිකක් ඔත්පල වෙලා වැඩේ ගෙන කරගෙන යන්නත් අමාරු නිසා තව පොඩි කපුවෙක් ගත්තලු පුරුදු පුහුණු කරලා ගන්න වැඩේට. කාලයක් යනකොට පොඩි කපුවා වැඩේ හොදට කරගෙන යනවා. මුලින්ම පූජාවට අවශ්‍ය කළමණා සුදානම් කරලා , පුසාව මේසේ ගැටගහල නාල කියල පුජාව අපුරුවට කරනවලු. එක දවසක් හදිස්සියේම ලොකු කපු උන්නැහේ මළා. දැන් පොඩි කපුව තනියම වැඩේ කරනවා. දවසක් පූජාවට කළින් පුසාව මෙසේ ගැටගහන්න බලනකොට පූසත් මැරිලා. පොඩි කැපුවට හරිම දුකයි, මොකද, දැන් පූජාව කරන්න විදියක්‌ නෑ. මේසේ ගැටගහන්න පූසෙක් කෝ දැන් ? පොඩි කපුවා ගම පුරාම හොයල යන්තම් පුසෙක් හොයාගෙන ආවා පූජාව කරන්න, දැන් හැමදාම පූජාවට කලින් මේ පොඩි කපුවා ගම පුරා ඇවිදලා කොහොමහරි පූසෙක් හොයාගෙන එනවලු "


මේක ඇහුවම මට මතක් උනේ අපේ ඉගැනුම් රටාව. කියන ඕනෑම දෙයක් , දකින ඕනෑම දෙයක් කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව හරි කියල හිතාගන්න හුරුවෙලා ඉන්න අපිත් දේවාලේ පොඩි කපුවා වගේ නේද ? පවතින දේ ප්‍රශ්න නොකරන තාක් ඒකට දියුණුවක් නෑ. ඔය ආගම් , කේන්දර , හොල්මන් , තව ඔය එක එක බහුබූත තවමත් මෙච්චර ඉතුරුවෙලා තියෙන්නෙ අපේ ඔය ඕනෑම දෙයක් විශ්වාස කරණ ගුණය නිසා. අර ලොකු කපුවා පූසා ගැට ගහන්නේ ඇයි කියල දන්නවා වගේ ඔය බහුබූත වැඩේ කරගෙන යන සෙට් එක කරියටම දන්නවා ඕවගේ යටින් වෙන්නේ මොනවද කියලා. (සමහර විට ඔය ආගම් ඇතුලු අනෙකුත් දේ කරණ සෙට් එකෙත් දැන් ඉතිරි වෙලා ඉන්නේ පොඩි කපුවො වෙන්නත් පුළුවන්).


පූජාව කරන්න කලින් "ඇයි කපු මහත්තයා මේ පුසව ගැටගහන්නේ ? " කියල ලොකු කපුවගෙන් එක පාරක්  ඇහුවනම් බොරුවට ගම වටේ දුවන්න ඕන නෑ වගේ, අපිත් බොරුවට ගම වටේ දුවන්න කලින් පොඩ්ඩක් ඔය බහුබූත ප්‍රශ්න කලොත් හොදයි නේද ? මොකද නැත්නම් අපේ පොඩි උනුත් මැරෙනකම් පුසෝ හොයා හොයා ඉඳීවි ජිවිතේ ආතල් එකක් ගන්නේ නැතිව.


ප.ලි : ජීවිත කාලය පුරාවටම බොරුවට පූසා හොයන එක අතල් එක කරගත් අයට මෙය අදාළ නැත. හැබැයි ඊලග පරම්පරාව ඇයි පුසෙක් හොයන්නේ කියල ඇහුවම දෙන්න උතරයක් හොයාගෙන හිටියොත් හොදයි බොරුවට අලුත් පරම්පරාවට පිස්සු කියල මග අරින්නේ නැතිව.





රාවය යනරග